IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මංතීරු නීතිය ආපිට නමයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                         

හෙට 23 දිනයේ සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ගමන් කළ හැක්කේ මගී බස් රථ, පාසල් බස් රථ හා වෑන් රථ, කාර්යාල   බස් රථ හා වෑන් රථ පමණක් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ දෙවෙනි මංතීරුවේ ගමන් කළ යුතු බවත් තුන්වෙනි මංතීරුවක් තිබෙන අවස්ථා වලදී අනෙකුත්  වාහන එම මංතීරුවේ  ගමන් කළ යුතු බවත් දෙවැනි හෝ තුන්වැනි මංතීරුවේ වාහන තදබදයක් නොමැතිව තිබෙනවා නම් පමණක්  තම අභිමතය පරිදි කැමති මංතීරුවකට මාරු විය හැකි බවත්  හැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

නමුත් සිග්සැග් ක්‍රමයට ගමන් කළ නොහැකි බවත් මාධ්‍ය  ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. 
 
 

 



අදහස් (27)

මංතීරු නීතිය ආපිට නමයි

සමරේ Tuesday, 22 September 2020 01:15 PM

දැන් අර පහුගිය දවස්වල රට හදන්න ඕනෙ මෙහෙම තමයි කියල වැලපුන අයට කියන්න තියෙන්නෙ සර් ට වටින්නෙ රට හදනවට වැඩිය ඡන්ද ටික රැකගන්න එක විතරයි කියලා තමයි.

:       0       0

සමරේ Tuesday, 22 September 2020 01:15 PM

දැන් අර පහුගිය දවස්වල රට හදන්න ඕනේ මෙහෙම තමයි කියලා වැලපුණු අයට කියන්න තියෙන්නේ සර්ට වටින්නේ රට හදනවට වැඩිය ඡන්ද ටික රැකගන්න එක විතරයි කියලා තමයි.

:       0       0

සමන්ත Tuesday, 22 September 2020 01:19 PM

කරන්න පුලුවන් දෙයක් කරන්න ඕනේ. පහුගිය දවස්වල මෙම නීතිය නිසා වැල්ලවත්තේ සිට දෙහිවල දක්වා උදෑසන යාමට පැයකට ආසන්න කාලයක් ගත කරන්න වුනා. ගාල්ල දෙසට ධාවනය වන වාහන පොලිසිය විසින් නවතා කොළඔ දෙසට විතරක් ප්‍රමුඛතාවය දුන්නා.

:       0       0

සමන්ත Tuesday, 22 September 2020 01:19 PM

කරන්න පුලුවන් දෙයක් කරන්න ඕනේ.

:       0       0

rocky Tuesday, 22 September 2020 01:19 PM

සැරෙන් සැරේ වෙනස් කරන මේවා මං තීරුද නැත්නම්.?

:       0       0

nimal dahanayake Tuesday, 22 September 2020 01:20 PM

ආණ්ඩුව බාරගත් දිනයේ පටන්ම කරන්නේ ආපිට නමන එකමයිනේ.

:       0       0

සමන්ත Tuesday, 22 September 2020 01:20 PM

කරන්න පුලුවන් දෙයක් කරන්න ඕනේ. පහුගිය දවස්වල මෙම නීතිය නිසා වැල්ලවත්තේ සිට දෙහිවල දක්වා උදෑසන යාමට පැයකට ආසන්න කාලයක් ගත කරන්න වුණා. ගාල්ල දෙසට ධාවනය වන වාහන පොලිසිය විසින් නවතා කොළඔ දෙසට විතරක් ප්‍රමුඛතාවය දුන්නා...

:       13       27

සමන්ත Tuesday, 22 September 2020 01:21 PM

කරන්න පුලුවන් දෙයක් කරන්න ඕනේ. පහුගිය දවස්වල මෙම නීතිය නිසා වැල්ලවත්තේ සිට දෙහිවල දක්වා උදෑසන යාමට පැයකට ආසන්න කාලයක් ගත කරන්න වුණා. ගාල්ල දෙසට ධාවනය වන වාහන පොලිසිය විසින් නවතා කොළඔ දෙසට විතරක් ප්‍රමුඛතාවය දුන්නා.

:       12       19

siri Tuesday, 22 September 2020 01:32 PM

වැඩ කරන අපේ විරුවා වැඩේ නාගන්නවා... කියලා කවුදෝ කියනවා ඇහුණා. තියෙන තරහට වෙන්න ඇති එහෙම කියන්නේ මගෙ හිතේ...

:       9       66

Dasa PTuesday, 22 September 2020 04:55 PM

ඔව්, ඔව් කකුලෙන් අදින්න.

:       0       0

Demuni Uduwara Tuesday, 22 September 2020 01:54 PM

හරියාකාර තීරණයක් රජය ගෙන නැහැ.

:       2       32

Rata Perata Tuesday, 22 September 2020 02:13 PM

වැඩි හරියක් වැරැදි තීරණ තමයි අපේ රටේ නායකයෝ ගන්නේ.

:       2       32

samira Tuesday, 22 September 2020 03:25 PM

අම්මපා රෝදය රවුම්නේ...

:       3       9

Chaminda Tuesday, 22 September 2020 03:33 PM

මොන වැඩක්ද මේ?.

:       3       11

චමින්ද Wednesday, 23 September 2020 01:09 AM

දැන් එහෙනම් ප්‍රධාන නගරවලට යන්න පුළුවන් වන්නේ බස්රථ, වෑන්රථ සහ මෝටර් සයිකල් හා ත්‍රීවීල් රථවලට පමණයි කියලා තේරෙනවා. ත්‍රීවීල් රථ එක්ක ගමනක් ගියොත් ගමනට දවසත් මදිවෙනවා. බයික් සමග ගියොත් අනතුරක් වළක්වා නොගැනීමේ වරදකට අසුවෙන්න පුළුවන්. පිටුපසින් ඇවිත් බයික්එක හැප්පුවත් ඉස්සරහ හිටි කෙනා වැරදිකරුවා වෙන්න පුළුවන්. මේ නිසා නරකද ත්‍රීවීල් සහ බයික් වලට කොළඹ වැනි ජනාකීර්ණ නගරවලට ඇතුල්වීම නතරකළොත්.

:       0       0

චමින්ද Wednesday, 23 September 2020 01:09 AM

දැන් එහෙනම් ප්‍රධාන නගරවලට යන්න පුළුවන් වන්නේ බස්රථ, වෑන්රථ සහ මෝටර් සයිකල් හා ත්‍රීවීල් රථවලට පමණයි කියලා තේරෙනවා. ත්‍රීවීල් රථ එක්ක ගමනක් ගියොත් ගමනට දවසත් මදිවෙනවා. බයික් සමග ගියොත් අනතුරක් වළක්වා නොගැනීමේ වරදකට අසුවෙන්න පුළුවන්. පිටුපසින් ඇවිත් බයික් එක හැප්පුවත් ඉස්සරහ හිටි එකා වැරදිකරුවා වෙන්න පුළුවන්. මේ නිසා නරකද ත්‍රීවීල් සහ බයික් වලට කොළඹ වැනි ජනාකීර්ණ නගරවලට ඇතුල්වීම නතර කළොත්...

:       0       0

sanath kumara Wednesday, 23 September 2020 02:46 AM

විනයක් නැති තැනකට විනයක් ගේන්න අමාරුයි.. විනය මොකක්දැයි මිනිස්සුන්ට තේරුම් ගැනීමට අපහසු නිසා. දවසකින් මිනිස්සුන්ගේ විනය හදන්න බැහැ. පාරවල් හොඳ වෙන්නම ඕනේ නැහැ. විනයක් ගොඩනගන්න මිනිස්සුන්ගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕනේ... මම ඇතුළු හැමෝම හදන්නේ පෝලිමේ ඉස්සරහට යන්න. ඒක හෙමිහිට වෙනස් වේවි.

:       0       0

ruwan Wednesday, 23 September 2020 03:23 AM

ඉස්සරහට හැමදේම මේ විදිහට නැමෙයිද දන්නේ නැහැ.

:       0       1

nalin Wednesday, 23 September 2020 04:40 AM

මංතීරු නීතිය කලින් ආණ්ඩුව ගෙනාපු විදිය තමයි හරියටම හරි... අපි ප්‍රමුඛත්වය දියයුත්තේ පොදු ප්‍රවාහනයට.. ටිකක් පරක්කු වෙලා හරි කමක් නෑ මේ විදියට වෙනස් කරන එක... මාර්ගවල විනයක් නැතිව යනවා නම් ඉතින් ඒකට වෙනම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.. මෙතන ත්‍රීවීල් බයික් වලට දෙවැනි ලේන් එක දෙන එක හොඳයි. එතකොට ලේන් තුනක් තිබුනොත් අඩු තරමින් පලවෙනි සහ තුන්වැනි ලේන් එකවත් හරියට විනයක් ඇතිව යයිනේ..

:       1       5

මිනෝලි තිත්තවෙල Wednesday, 23 September 2020 04:44 AM

මේක යුරෝපය කියලා හිතේ. සිග් සැග් ක්‍රමයට යන හින්දා තමයි ඔහොම හරි ට්‍රැෆික් අඩුවෙන්නේ...

:       1       2

sanath kumara Wednesday, 23 September 2020 04:49 AM

විනයක් නැති තැනකට විනයක් ගේන්න අමාරුයි. විනය මොකක්දැයි මිනිස්සුන්ට තේරුම් ගැනීමට අමාරු නිසා.. දවසකින් මිනිස්සුන්ගේ විනය හදන්න බැහැ. පාරවල් හොඳ වෙන්නම ඕනේ නැහැ විනයක් ගොඩනැගෙන්න. මිනිස්සුන්ගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕනේ. මම ඇතුලු හැමෝම හදන්නේ පෝලිමේ ඉස්සරහට යන්න. ඒක හෙමිහිට වෙනස්වේවි.

:       1       5

indika Wednesday, 23 September 2020 05:03 AM

මම කැමැති කරන විදිහ. හැම විදිහටම කරලා හොඳම දෙය තෝරලා ගන්නවා. මිනිස්සුන්ට ඉවසීමක් නැහැ. එක පාරට මේ වගේ දේවල් හදන්න බැහැ.

:       3       3

vikum Wednesday, 23 September 2020 05:19 AM

ජොලි හලෝ..., කිසිදිනක මෙම දිවයින සංවර්ධනය කළ නොහැක...

:       1       8

BamunuarachchiWednesday, 23 September 2020 07:09 AM

හරියට හරි. ඔබලා වගේ පරාජිත ලෙස සිතන මිනිසුන් සිටින තාක්කල් මෙරට සංවර්ධනය කළ නොහැක.

:       2       1

BamunuarachchiWednesday, 23 September 2020 07:09 AM

හරියට හරි. ඔබලා වගේ පරාජිත ලෙස සිතන මිනිසුන් සිටිනතාක් කල් මෙරට සංවර්ධනය කළ නොහැක.

:       4       2

ravi Wednesday, 23 September 2020 06:57 AM

සර්ට උදව්වක් කරන්න හිතුවා. මුලින්ම බස් මං තීරුව (පාසල් බස් / පාසල් වෑන් ඇතුළුව)..., ඊළඟට ත්‍රීවිල්, බයික්වලට, ඊළඟ තීරුව කාර්, වෑන් අදිය සඳහා... සරලයි පහසුයි.

:       0       3

Bamunuarachchi Wednesday, 23 September 2020 07:05 AM

මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. යමක් ජනතාවට සුදුසු ආකාරයට කෙරෙනතුරු වෙනස්කම් කරන්න වෙනවා. අපි ව්‍යවස්ථාවත් 20වැනි සැරේට හරිගස්සන්න වෙනවා. මන්තීරු දැමීම MMC ගිවිසුමේ එක් අවශ්‍යතාවයක්. MCC ගිවිසුම කියවා බලන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6204 3

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3710 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3056 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11710 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7989 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site