IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්තලට දිනපතා ආ ගුවන් යානයත් නතර කරයි

(සනත් ගමගේ)
 
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙතෙක් දිනපතා උදේ පැමිණි ප්ලයි ඩුබායි මගී ගුවන් යානයත් අද (8) සිට නතර කිරීමට පියවර ගෙන ඇති බව මත්තල ගුවන්තොටුපළ ප්‍රකාශයෙක් කීය.

මත්තල ගුවන් තොටුපළට එයාර් ලංකා සමාගම ඇතුළු ගුවන් සමාගම් රැසක ගුවන් මගී ගුවන් යානා පැමිණි අතර ප්ලයි ඩුබායි ගුවන් සේවාවට අයත් මගී ගුවන් යානය දිනපතා උදේ මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපළට ඊයේ (7) වන තෙක් පැමිණි බවත්, එක් දිනකට මාසයකට සාපේක්ෂව මත්තල ගුවන් තොටුපළින් ප්ලයි ඩුබායි ගුවන් යානයෙන් මගීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සිය ගුවන් ගමන් පහසුකම් ලබාගත් බව එම ප්‍රකාශකයා කීය.

විශේෂයෙන් ම යාල, අම්පාර, පොතුවිල්, අක්කරපත්තු, වැනි ප්‍රදේශවලට සංචාරකයින් යෑම සඳහා මෙම ගුවන් සේවයෙන් හුරු වී දිනපතා මෙම පිරිස වැඩි වෙමින් පවතින අවස්ථාවක මෙම ගුවන් යානයත් මත්තල ගුවන් තොටුපළට පැමිණීම නතර කිරීමෙන් මත්තල ගුවන් තොටුපළ පාළු ස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ බව මත්තල ගුවන් තොටුපලේ සේවකයෝ පවසති.

දේශීය වශයෙන් මාතර ගාල්ල, වැලිගම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් හා ඩුබායිවල සේවය කරන අය පවා මෙම ගුවන් සේවය හුරු වී තිබුණූ බව පවසති.

ඔක්තෝබර් 18 දින දක්වා ගුවන් සේවයේ පැමිණි නතර කර ඇති බව දැනට චාචිකව දැනුම් ද ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.    
 



අදහස් (24)

මත්තලට දිනපතා ආ ගුවන් යානයත් නතර කරයි

hewewitharana Friday, 08 June 2018 06:04 AM

ඉන්දියාව විසින් කරන ලද යටිකුට්ටු වැඩකි ළඟදීම ඉන්දියන් ගුවන් සේවා ගොඩ බැනු ඇත

:       54       198

කිං දාවිත් Friday, 08 June 2018 06:13 AM

මේක අසාර්ථක බව පෙන්නලා විකුණලා දාන්න කරන උත්සහයක් වෙන්න ඇති.. මෙහෙම දේශපාලකයන් ගල් ගහල මරන්න ඕනා.

:       77       622

ramani Friday, 08 June 2018 06:19 AM

කවුද මේක නවත්වන්නේ, ගුවන් සේවයද නැත්නම් අපේ කවුරුහරිද?

:       0       153

Thilina Friday, 08 June 2018 06:30 AM

මේ මිනිස්සුන්ගේන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද??වී ගබඩා කළා..ඉන්දියාවට විකුණන්න උත්සාහ කළා..හැමදේකින්ම අන්තිමට වුනේ රටට විනාශයක් විතරයි

:       36       238

piyal Friday, 08 June 2018 06:47 AM

ආයෙත් ගබඩා කරන්න වී අස්වැන්නක්වත් ලැබිලද දන්නේ කව්ද ?

:       15       63

පිටිගල මිලානෝ Friday, 08 June 2018 06:54 AM

ගුවන්යානා බානකොට වී ටික හුළගේ යනවා. ඒ පාඩුව මකාගන්නයි මේ පියවර අරන් තිබෙන්නේ. හදලා තියෙන ගුවන්තොටුපොලකින් ප්‍රයෝජනයක් ගන්න බැරි ආණ්ඩුවක් රටේ ආර්ථිකය කෙසේ දියුණු කරන්නද?

:       34       222

mohan Friday, 08 June 2018 07:15 AM

ජිවිතේට ගුවන් ගමන් ගිහින් අනිත් මිනිස්සු ලොක්කෝ වගේ අදහස් දානවා. ගුවන් යානය නතර කරන්නේ ගුවන් සමාගම මගින් මිසක් දේශපාලකයෝ නෙමේ.

:       239       259

samanthi Friday, 08 June 2018 07:16 AM

අපේ අය කරොත් කරන්නේ ඔහොම වැඩ. 90 ගණන්වලදී සිඩ්නි ඉඳලා කොළඹ ඉන්න ඩිරෙක්ට් ෆ්ලයිට් දෙකක් තිබුණ. එකක් ශ්‍රී ලන්කන්. අනික ප්‍රංශ ගුවන් සමාගමක් ඒඕඑම් ෆ්‍රෙන්ච් එයාර්ලයින් කියලා. අපේ ශ්‍රී ලන්කන් කට්ටිය අර ප්‍රංශ සමාගමට කොළඹට එන්න නොදී නැවැත්තුවා.ඔවුන්ගේ අන්තිම ගුවන් සේවා කාලයේ ඒ සමගම ඒ බව එළිපිටම කිව්වා. ඊට පස්සේ සිඩ්නි සහ කොළඹට ඉතුරුවුණේ ශ්‍රී ලන්කන් සේවය විතරයි. ශ්‍රී ලංකා එමිරේට්ස් එකට වික්කම ඒකත් නැවැත්තුව. අපි අදත් එමිරේට්ස් සිංගප්පුරු වගේ ගුවන් සේවා වලින් කොළඹ එනවා.

:       0       107

samFriday, 08 June 2018 08:12 AM

සමන්ති CMB/SYD/MEL/CMB ෆ්ලයිට් දෙකම නැවැත්තුවේ එමිරේට්ස් වලට අපේ ගුවන් සමාගම විකුනන්න කලිනුයි. සිකුරාදාට පමණක් තිබුන ගමන් වාරය අධික ඉල්ලුම නිසා අඟහරුවාදාටත් දැම්මා ඔබට මතකද ??

:       0       5

nimalFriday, 08 June 2018 10:25 AM

එතකොට කවුද අධික ඉල්ලුමක් තිබුන සේවයක් නැවැත්තුවේ? ඒ කාලයේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ලාබම ටිකට් තිබුනේ ඔය රූට් එකේ.

:       0       30

JayanthaFriday, 08 June 2018 12:12 PM

මේ අය මේකේ අදහස් දානවා මෑත ඉතිහාසය නොදන්නාකමින්. මට හරි කණගාටුයි මේ අය ගැන.

:       0       0

Hafeel Friday, 08 June 2018 07:31 AM

රනිල්ගේ දින 100 ප්‍රගතියක් - වී ගබඩාව. ලෝකේ එකම රට ලංකාව ගුවන් තොටුපොළක වී ගබඩා කළ...... මේකද රනිල්ගේ ආර්ථික මොලය. මහා ලොකුවට ආර්ථික ගොඩනංවනවා කියමින්, ජාතියාන්තර ගුවන් තොටුපොළක වී ගබඩා කළා, අක්කර 20 ක පොල්වත්තක් විනාශ කරමින් කාර් ගරාජයක් ඉදිකළා, දුෂණ චෝදනා එල්ලවූ කෙනාට හොරණ කර්මාන්තයක් හදන්න රජයේ විශාල ඉඩම් ප්‍රමාණයක් ඉතා තුට්ටුවට දුන්නා.

:       87       321

ගමේ බයියෙක් Friday, 08 June 2018 08:09 AM

තාවකාලිකව වී ගබඩා කලේ ගුවන් තොටුපොලේ ගබඩා වල මිසක් ගුවන් පතයේ හෝ මගී පර්‍යන්ත වල නොවේ

:       75       62

Ranjan Friday, 08 June 2018 08:32 AM

ඕනෙම රටක ගුවන් සමගම විසින් ලබා පාඩු ලබන ගුවන් ගමන් නතර කරන අතර (ලංකාවේ එහෙම නැහැ ) එය ශ්‍රී ලංකා රජයෙන් කරන දෙයක් නොවේ ඒ අනුව මේ ගමනාන්ත නතර කර තිබෙන්නේ ඔවුන්ට මතලින් නගින මගීන් ගේ ප්‍රමාණයේ අඩුකම නිසා

:       112       4

randunuFriday, 08 June 2018 11:59 AM

මේ ආණ්ඩුවෙන් මත්තලින් මැදපෙරදිග රටවල රස්සාවට යන්න ගුවන් තොටුපලට ආපු මිනිස්සුන්ට විවිධ ප්‍රශ්න දාල පහුගිය කාලේ පුරාවටම හරවල එව්වා. බියුරෝ එකේ ප්‍රශ්න කියල තමයි පෙන්නුවේ. ඒ නිසා දැන් වෙද්දී රස්සාවලට යන අය මත්තල යන්නේ නැහැ. සූරියවැව හිටියත් කටුනායක යනවා. මොකද බියුරෝ එකේ ප්‍රශ්න තිබුනොත් එතනදීම ඒවා විසදා ගන්න පුළුවන් නිසා. එකෙන් මත්තලින් ෆ්ලයි ඩුබායි එකට සෙනග අඩු වුනේ. දැන් කවුරුත් එන්නේ නැහැ කියල විකුනාවී....

:       0       4

samarage Friday, 08 June 2018 09:04 AM

මොහාන්ගේ කියමන ' ගුවන් යානය නතර කරන්නේ ගුවන් සමාගම මගින් මිසක් දේශපාලකයෝ නෙමේ.'. මම ශ්‍රී ලන්කන් ඇතුළු ජාත්‍යන්තර ගුවන් සමාගම් දෙකක වැඩ කරා. රැකියාව කරේ ටිකට් ගණන් තීරණය කරන අංශවල. ශ්‍රී ලන්කන් තීරණ ගත්තේ ආණ්ඩුව - ඒ ලංකාවට අයිති කාලයේ. ඒ වගේම ආණ්ඩුවේ බලපෑම් වලට ගුවන් සමාගම යටයි. ට්‍රැෆික් රයිට්ස් හැටියට හඳුන්වන ගුවන් යාත්‍රා මාර්ග බලපත්‍රය ගුවන් සමාගම් වලට දෙන්නේ රටේ ආණ්ඩුවෙන්. ඒ නිසා හැම ගුවන් සමාගමක්ම රටේ ආණ්ඩුව සමග සම්බන්ධයි.

:       0       49

C.K.Lankaputhra Friday, 08 June 2018 09:21 AM

අපේ මිනිස්සු කොච්චර අඳ බාලද? Fly Dubai කියන්නේ අපට ඇති සමාගමක්ද? මේ ඒ ටිකවත් මේ අදහස් දාන සහරක් මිනිස්සු දන්නේ නැහැනේ.

:       115       41

samarageFriday, 08 June 2018 10:28 AM

නැහැ fly ඩුබායි අයිති ලංකාවට නෙවෙයි නමුත් ලංකාවේ අහසට ඇතුල්වෙලා යන්න අවසර දෙන්නේ ලංකාවේ ආණ්ඩුව. ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ කොන්ටස් සමාගම චීනයේ බලකිරීම උඩ තායිවානය චීනයේ කොටසක් කියා කොන්ටස් ටිකට් අලවියේදී හඳුන්වන්න එකඟ වුනේ ඔය හේතුව උඩ.

:       0       30

randunuFriday, 08 June 2018 12:07 PM

ඩුබායි යන්නේ ගොඩක් මිනිස්සු රස්සාවලට. මේ ආණ්ඩුවේ වැඩ නිසා දැන් සුරියවැව මනුස්සයත් කටුනායක එන්න වුනා. මොකක් හරි ප්‍රශ්න දාලා ගොඩක් මිනිස්සුන්ව මත්තලින් පහුගිය ටිකේම නැවැත්තුවා. ඒ නිසා රට රස්සාවලට යන අය බහුතරයක් කටුනායක යන්න පටන් ගත්තා. දැන් ආණ්ඩුවට ඕනේ දේ වුනා.

:       0       34

Ajith Nissanka Friday, 08 June 2018 01:31 PM

අසාර්තකයී කියල ආයේ අමුතුවෙන් පෙන්නන්න දෙයක් නැහැ! දවසකට එක ගුවන් යානයක් පැමිණෙන මෙම ගුවන් තොටුපොල අසාර්ථක ව්‍යාපෘතියක්!

:       48       1

de silva berlin Saturday, 09 June 2018 08:38 PM

විශාල ගුවන්තොටුපළවල් හදන්න ඕනේ ජනතාව වැඩිපුර ගැවසෙන, ව්‍යාපාර යහමින් සිදුවෙන නගර අසළ මේ අලි ඉන්න කැලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් හැදුවහම එක සාර්ථක වෙනවද ? ගුවන් සමාගම් මේකට එන්නේ නැත්තේ මගින් නොමැති නිසා, මේකට ඉන්දියාවට හෝ වෙන රටකට බැනල වැඩක් නැහැ, මේක ඉන්දියාවෙන් පාලනය කලත් ලාභ ලබන්න අපහසුයි, සමහරවිට ඔවුන්ට උපායමාර්ගික වාසියක් තිබෙන්න පුළුවන්.

:       11       15

pakeer Sunday, 10 June 2018 03:54 PM

මම කියන්නේ පුළුවන් නම් මේ රටම විකුනන්න ඕනේ. ඉන්දියාවට නෙමි. ලොකු රටකට. එතකොට තියෙන්නේ මේ පාලන ක්‍රම නෙමි. එයාලගේ ක්‍රම. සුද්දගේ කාලේ වගේ. එතකොට මේකේ සල්ලි තියෙන එවුන්ටයි , ඕලමොට්ටෝල දේශපාලකයන්ටයි, උන්ට ඕනේ විදිහට බැහැ. මේකේ ඉන්න එවුන් බොරු ජාති අාලයක්, බොරු බුද්ධාගමක් පෙන්නලා උන්ගේ වැඩේ කරගෙන බලේ ලබාගන්නවා. මේ උදාහරණ බලන්න. රාජ්‍ය භාෂාව සිංහල, ඒ උනාට සිංහලෙන් කතා කලොත් උෟ නුගත්. බුද්දාගමේ එවුන්ට ආනන්ද, නාලන්ද, යන්න බැහැ. ඒ උනාට රටේ කොහේ හිටියත් පීටර්ස් තෝමස් ජෝසප් යන්න පුළුවන්. මට තව ඕනේ තරම් කියන්න පුළුවන් උදාහරණ. මම කියන්නේ මේක මහා බොරුවක් . හොඳට හිතල බලන්න. එක පාරට රට ජාතිය කියල කිව්වට එහෙම එකක් නැහැ. තියෙන්නේ බඩ ගොස්තර වාදය විතරයි. එකයි මම කියන්නේ.

:       0       36

latha Monday, 11 June 2018 03:26 AM

කුරුල්ලෝ එනවයි කියලනේ ඔය නවත්තන්න හදන්නේ. අනේ මන්ද කොහෙන් එන කුරුල්ලෝද කියල. උන්ටත් වෙන යන්න තැනක් නැතුවද ඔකටම එන්නේ.

:       0       0

de silva Tuesday, 12 June 2018 06:21 AM

අපරාදේ අලි හිටපු කැලේ විනාශ කරලා මේක හැදුවේ , මෙයට වැඩිය හොඳය මෙම මුදල් වලින් ත්‍රිකුණාමලය , අනුරාධපුර , වීරවිල වැනි ගුවන්තොටුපළවල් , වැඩි දියුණු කලානම් ,

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 121 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 331 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 818 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1107 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 386 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 183 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site