(උපාලි ආනන්ද)
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 5 වැනි දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
ඒ මෙම සිද්ධියට අදාළ නඩුව අද (14) අනුරාධපුර අංක දෙක මහාධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙම නඩුවේ ප්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබි නැමැත්තා තවදුරටත් අප්‍රේල් මස 5 වන දින දක්වා යළි රිමාන්ඩ් කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විභාග කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු මෙන්ම ගමපහ පලාත් බද සිවිල් අභියාචානා මහාධිකරණයේ වත්මන් විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පත් කර ඇති අතර ඒ අගවිනිසුරුවරයා විසිනි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා සහ විත්තියේ නීතිඥ මහින්ද ජයවර්ධන යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුව විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය මෙලෙස පත් කරනු ලැබුවාය.
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා වසර පහකට අධික කාලයක් අඛණ්ඩව රිමාන්ඩ් බාරයේ පසු වන්නේ මෙම නඩුවේ ප්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබි නැමැත්තායි.
ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධ්කරණය හමුවේ වෙන් වෙන්ව අධි චෝදනා 48 ක් ගොනු කර ඇති අතර එම සියලු අධි චෝදනා වලට ඔහු නිවැරදිකරු බව පැවසීම නිසා මෙම නඩුව විභාගයට ගැණිනි.
මේ අතර මෙම අපරාධයට අධාර අනුබල දුන් බවටත් ඒ සඳහා කුමන්ත්‍රණය කළ බවටත් අධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරීමේ අංශයේ හිටපු කර්නල්වරයෙකුට විසි වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් උතුරු මැද පළාත්බද මහාධිකරණයෙන් මීට පෙර නියම කළේය.
මෙම අපරාධයට අධාර අනුබල දීමේ වරදට වසර 10ක්ද කුමන්ත්‍රණය කිරීමේ වරදට වසර 10ක්ද වශයෙන් වෙන් වෙන්ව මෙම විසි වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම නියම කෙරිණි.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මේජර් ජෙනරාල් ජානක පෙරේරා නඩුව කල් යයි