තරිඳු ජයවර්ධන
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ඉන්දියාවේ සංචාරයක නිරත වීමට අධිකරණය අද අවසර ලබා දුන්නේය.
මාධ්‍යවේදියකු වූ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේජර් ජනරාල් අමල් කරුණාසේකර ඉදිරියේදී සැකකරුවකු ලෙස නම් කිරීමට ඉඩ ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් තහම් කරන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මීට ඔහුගෙන් රට ගමන් තහනම් කර තිබිණි.
ආරක්ෂක අමාත්‍යංශයෙන් තමා ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක ලෙස පත් කර ඇති බවත්, ඉන්දියාවේ ඇති මෙවැනිම ආයතනයක නිරීක්ෂණයකට යෑමට ආරක්ෂක අමාත්‍යංශයෙන් කටයුතු සලසා දී ඇති බවත් මෝසමක් මගින් අද අධිකරණයට දැනුම් දුන් මේජර් ජනරාල්වරයා අප්‍රේල් දෙවැනි දා සිට අප්‍රේල් හය වැනි දා තෙක් එම සංචාරය සිදු කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේදී අදහස් දැක්වූ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා පැවසුවේ මෙම මේජර් ජනරාල්වරයාට රට ගමන් තහනමක් පනවා ඇත්තේ සාකිකිකරුවකු නිසා නොවන බවයි. ඉදිරියේදී ඔහු සැකකරුවකු ලෙස නම් කිරීමට ඉඩ ඇති බව කී සහකාර පොලිස් අධිකාරීවරයා ඒ බව දන්නා නිසා ඇතැම් විට ඔහු විදේශ ගත වීමට උත්සාහ කරන්නේදැයි සැක සහිත බව ප්‍රකාශ කළේය.
ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ පත් කිරීම හා විදෙස් ගමනට අදාළ ලියකියැවිලි මේජර් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
එම ලේඛණ සත්‍ය ඒවාදැයි තමා නොදන්නා බවත්, මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගැනීමට කල් අවශ්‍ය බවත් රහස් පොලිසිය පැවසීය.
මොහුගේ රට ගමන් තහනම් ප්‍රසිද්ධ කාරණයක් බවත්, රට ගමන් තහනම් කළ මේජර් ජනරාල්වරයා මෙම තනතුරට පත් කර ඇත්තේ රජයෙන් බවත්, ඔහුට විදෙස් ගත වීමට අවස්ථාවලබා දී ඇත්තේ ද රජයෙන්ම නම් ඊට තහංචි දැමීම සුදුසු නොවන බව අතිරේක මහේස්ත්‍රාත් සුලෝචනා අබේවික්‍රම මහත්මිය පැවසුවාය. මෙම ලේඛණ සත්‍ය ඒවාදැයි පරීක්ෂා කරන ලෙස රහස් පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය මේ ගැට ගැටළුවක් ඇතිනම් යළි සලකා බැලීමට පැය 24න් ඕනෑම වේලාවක සූදානම් බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මේජර් ජනරාල් අමල් කරුණාසේකරට රට යන්න අවසර