IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මග‍ීයකු රෝගාතුර වීමෙන් කොළඹ එන ගුවන් යානය ෆ්‍රැන්ෆර්ට් නුවරට ගොඩ බස්වයි

( තිළිණි ද සිල්වා )
 
ලන්ඩන් සිට කොළඹ බලා පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරණ ගුවන් යානය ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළ වෙතට ඊයේ (1) රාත්‍රී හදිසියේ ගොඩ බස්වා තිබේ.
 
ඒ ගුවන් යානයේ ගමන් ගත් මගියකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙනි. 
 
ගුවන් යානය ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළ වෙත ගොඩබැස්වූ අවස්ථාව රාත්‍රී කාලය වෙනුවෙන් ගුවන්තොටුපළ වසා දමන කාලයට ආසන්න වීම හේතුවෙන් කොළඹ බලා පියාසර කිරීම සඳහා  නැවත ගුවන්තොටුපළ විවෘත කරන තෙක් රැඳී සිටීමට සිදුවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
 
මේ අතර අද (2) දිනයට නියමිත කොළඹ සිට චෙන්නායි දක්වා පියාසර කිරීමට නියමිත UL 129 දරන ගුවන් යානය සහ කොළඹ සිට දිල්ලි නුවර දක්වා පියාසර කරන UL 195 ගුවන් යානය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වාර්තා කරයි. 



අදහස් (10)

මග‍ීයකු රෝගාතුර වීමෙන් කොළඹ එන ගුවන් යානය ෆ්‍රැන්ෆර්ට් නුවරට ගොඩ බස්වයි

hesa Friday, 02 March 2018 07:04 AM

ගුවන්තොටුපළ දිවා රෑ සේවයට අයත් නැද්ද.?

:       5       4

rohana kumara mendis Friday, 02 March 2018 08:18 AM

ඔව්, යුරෝපයේ ගොඩක් ගුවන් තොටුපළවල් රාත්‍රී කාලයේ වහනවා. (මනුස්සයින්ට නින්දට බාධා වෙන නිසා.)

:       2       38

upali Friday, 02 March 2018 09:02 AM

මාත් මේ ඇහුවමයි.

:       33       17

DayaFriday, 02 March 2018 11:23 AM

මහින්ද මහත්තයට නේද ඡන්දේ දුන්නේ?

:       112       436

sam Friday, 02 March 2018 09:26 AM

හෙසා, ගුවන් යානා රාත්‍රියේදී ගොඩ බෑම හෝ ගුවන් ගතවීම නොකරන ගුවන් තොටුපොළවල් ගොඩක් තියනවා. මිනිසුන්ගේ නින්දට බාධා නොවීමට රාත්‍රී 11ට පමණ සිට උදේ 6 පමණ දක්වා විශාල ගුවන් යානා ගොඩ බෑම හෝ ගුවන් ගතවීම නොකරන මා දන්නා ගුවන් තොටුපොළවල් නම් ඇඩිලේඩ්, සිඩ්නි (ඕස්ට්‍රේලියාව) හා වෙලින්ටන් (නවසීලන්තය). ඉතා ජනාකීර්ණ යුරෝපයේ මෙවැනි දෙයක් තිබීම පුදුමයක් නොවේ. නමුත් ජාත්‍යන්තර නීතිරීති අනුව මේ කියන ගුවන් යානයේ කාර්ය මණ්ඩලය (නියමිත විවේකය නොලැබීම නිසා) පසුදින සේවයේ යෙදීම නම් පුදුමයි.

:       9       19

Amila italy Friday, 02 March 2018 10:29 AM

මේ සතියේ යුරෝපයට ගොඩක් හිම වැටෙනවා. එනිසා ගුවන් තොටුපළවල් රෑට වහනවා. ඒ පසුගිය සතියේ තුර්කියේ ගුවන්යානා හිම නිසා අනතුරට පත්වුණා..

:       0       16

පෙරේරාSaturday, 03 March 2018 12:26 AM

හිම වැටුණත්, නැතත් කොහොමත් රෑට වහනවා.

:       1       0

hesa Friday, 02 March 2018 12:40 PM

ස්තුතියි සෑම්, ලංකාවේ නම් පාන්දර 01.00-02.00 අතර ගුවන් යානා ගොඩ බැම් සිදුවෙනවා නේද? (අපි වෙනස් ජාතියක්නේ නේද?)

:       0       5

parakkrama Friday, 02 March 2018 05:28 PM

රෝහණ කුමාර මෙන්ඩිස් , සෑම්, අමිල මහතුන්හට ස්තුතියි. නිසි අවබෝධයක් ලබා නොමැති වැඩිහිටි අයටත්, විශේෂයෙන්ම පාසල් සිසුනටත් ප්‍රයෝජනවත් තොරතුරක්. ප්‍රශ්නය ඇසු හෙසාටත් ස්තුතියි. ලංකාවත් ඒ තත්ත්වයට පත් වුනොත් හොඳයි හැබැයි කල් යයි.

:       0       0

de silva berlin Friday, 02 March 2018 07:13 PM

ජර්මනියේ සෑම ගුවන්තොටුපලක් ම පාහේ සාමාන්‍යයෙන් රාත්‍රී 10.30 සිට උදේ 6 පමණ වන තෙක් ගුවන්යානා ගුවන් ගතකිරීමෙන් වැලකී සිටිනවා. ඒ ගුවන් තොටුපළවල් අසල ජීවත්වන ජනතාවගේ නින්දට බාධා වනනිසායි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 101 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 807 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2210 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1556 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 894 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2122 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site