IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මීගමු නගරාධිපති දයාන් ලංසා


 
නිමල කොඩිතුවක්කු 


මීගමුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ දයාන් ලංසා මහතා තේරි පත් විය. 

නගරාධිපති ධුරය සඳහා  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ සහ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දයාන් ලංසා මහතාගේ නම් යෝජනා වී තිබිණි. 
 
ඒ අනුව නගරාධිපතිවරයා තේරීම සඳහා ඡන්දයක් පැවැත්විණි.

එහිදී ඡන්ද 25ක් දයාන් ලංසා මහතාට හිමි වූ අතර  රොයිස් විජිත ප්‍රනාන්දු මහතාට ලැබුණේ  ඡන්ද 19 ක් පමණි.

මහ නගර සභාවේ  උප නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොහොමඩ් ෆරීස්  මහතා තේරීපත්විය. 



අදහස් (37)

මීගමු නගරාධිපති දයාන් ලංසා

rohitha Friday, 23 March 2018 09:07 AM

මමනම් හිතන් නැහැ මෙවැනි මිනිසුන් මහජනටවගේ ජන්දෙන් පත්වෙන අය කියලා, සල්ලි බලයට එන අය .මෙවැනි අය පත්වීමෙන් අපි හැමදාම එකම තැන. ඉදිරි දැක්මක් නැහැ, මිගමුව නගර සබාවට මගේ කණගාටුව ප්‍රකාශ කරමි.

:       146       1675

nishanFriday, 23 March 2018 08:15 PM

ප්‍රදේශයේ ජනතාවගේ බුද්ධියේ තරම පේනවා

:       0       39

අබරා Saturday, 24 March 2018 04:52 AM

පිස්සුද රෝහිත ... මේ ගොල්ලෝ පත්වෙන්නේ ඡන්දෙන් තමයි... මේ වගේ අයද අපේ බුද්ධිමත් ජනතාව පත් කරන්නේ..? ජනතාවගේ සිතුම් පැතුම් කොහොමද කියලා පත්වෙන මන්ත්‍රීවරුන්ගෙන් හිතා ගත හැකියි. ඒ විතරක් නෙවෙයි රටේ දේශපාලනික, ආර්ථික සහ සමාජයීය තත්වයද මින් මැන ගත හැකියි... අපි හයිටියට කිට්ටු නොවන්නේ රටේ ගැහැණුන් වැඩ කරලා මැද පෙරදිගින් අපට එවන සල්ලි නිසා....

:       0       37

Dasuni Friday, 23 March 2018 09:24 AM

මත් ද්‍රව්‍ය වලින් නම් සංවර්ධනය වෙයි................

:       407       1095

sachith Friday, 23 March 2018 09:30 AM

ඉස්සර මීගමුවට කිවේ පුංචි වතිකානුව කියල, දැන් කියන්න වෙන්නේ කුඩු ලන්තේ කියල තමා.

:       280       1311

Saneera Kanchana Friday, 23 March 2018 09:46 AM

මිගමුව ජනතාවට දෙවියන්ගෙ පිහිටයි . ජනතාවට ආදර්ශයක් ඇති නායකයන් නෙවෙයි අහිංසක මිනිසුන් හැමදාම මොඩෝයො කරනවා.

:       237       1105

sirimal Friday, 23 March 2018 10:12 AM

රටේ සේරම දන්නවා අද ලංකාවේ දේශපාලනයේ නියැලී ඉන්නා " සමහරු" ස්ත්‍රී දුෂිතයෝ, නුගත්තු, මිනි මරුවෝ, කුඩුකාරයෝ, රට ගැන ආදරයක් නැති අමනුස්සයෝ කියල. නමුත් අවුල තියෙන්නේ ඒ වගේ පල් හොරුන්ට බලය ලබාගන්න හැකිවන අන්දමට ඔවුන්ට උල්පන්දන් දෙන " නායකයින්" කියාගන්නා කපටින් විසින් අපගේ දේශපාලන වේදිකාව ඒ ආකාරයට හැඩගස්වාගෙන තියෙන එකයි. මේ මිනිස්සු ඕපපාතිකව බලයට එන්නේ නැහැ. මහජනතාවට බැනල ඵලක් නැහැ.

:       4       915

Waruna Friday, 23 March 2018 10:20 AM

පැහැදිලිවම මෙය එජාප නායකත්වයේ තිබෙන පතෝල උද්දච්ච බකපණ්ඩිතකමේ ප්‍රතිඵලයක්. රාජ්‍ය බලය තබාගෙන පක්ෂයක් මෙහෙම නොන්ජල් වෙලා නෑ ලංකා ඉතිහාසේම. තමන් මුලින්ම කරන්න ඕන බලය තහවුරු කරගැනීම ආණ්ඩු බලය ලැබුන වහාම ( මතකනේ හරේන් අච්චර පෙරලලා බලය අරන් දුන්න පළාත් සභාව මී හරකෙක් වගේ මෙයා නැවත දන් දුන්නා ). මහා ඡන්දෙ ඉවර වුන ගමන්ම ප්‍රාදේශීය සභා සහ පළාත් සභා ටික විසුරුවලා බලය ගන්න තිවුණා කිසිම කරදරයක් නැතිව. එහෙම නම් 2020 වෙනකන් ආණ්ඩුව කිසිම කරදරයක් නැතිව කරගෙන යන්න තිවුනා. අනික ශ්‍රී ලංකා කාරයෝ මොන මගුලට ආණ්ඩුව සම්බන්ධ කරගත්තද ? බලය ගත්තහම තනිය කරගෙන යන්න පුලුවන් කොන්ද්දක් තියෙන්න ඕන නායකයෙක් වුනහම ( අවුරුදු 24ක් පක්ෂ නායක, ඒත් මෙලෝ පළපුරුද්දක් නෑ දේශපාලනය කරන්නේ කොහොමද කියලා ලංකාවේ වගේ රටක ) අනික මහා පොර වගේ තනියෙන් ගහපු එක ගැටයක් වත් හරි ගියාද ? එකක්වත් නෑ. ඒක නිසා එක්කෝ දැන්වත් වෙන කෙනෙකුට දීලා ගෙදර යන්න ඕන එහෙම නැත්තන් මහා ඡන්දයක් තියන්න ඕන. මොකද මේ මගුල් වලින් වෙන්නේ රට තවත් අස්ථාවර වෙලා ආර්ථිකේ නැත්තටම නැති වෙන එක.

:       573       1725

එර්දිFriday, 23 March 2018 12:11 PM

වරුණ වැඩි වෙලා එක තැන වාඩි වෙලා ඉන්න එපා මොලේ තැලෙයි. ඔයා එජාප හතුරෙක් වෙන්න ඇති... ඒක වෙනම කතාවක්. මේ නගරාධිපති තනතුරට එජාප මොනව කරන්නද? මේක පොහොට්ටුවේ වැඩක්. එජාපය එලෙව්වත් පොහොට්ටුවෙන් එන්නේ මෙවැනි චරිත තමයි ඉදිරියටත්..

:       550       490

navagthFriday, 23 March 2018 04:29 PM

ඔබට එය නොතේරෙන එක තමයි ප්‍රශ්නය.

:       2       78

nimal Friday, 23 March 2018 10:46 AM

මීගමුවේ මි හරක් වැඩිද?

:       61       358

රනවි Friday, 23 March 2018 11:07 AM

අපි පිටරටවලදිත් අපේ රට ගැන මහත් අභිමානයෙන් කතා කරනව රටේ ඉතිහාසය ආගම ජාතිය ගැන මං හිතන්නෙ ඒව සේරම මනංකල්පිත.රටේ මිනිස්සුන්ගෙ හැටයට තමා පාලකය.

:       5       383

සතයපාලSaturday, 24 March 2018 03:37 AM

ඔව් රනවී "යකාගේ හැටියටලු විමානේ" කියලා කියන්නේ ඔය වගේ දේවල් වලටනේ...

:       0       1

Nalaka Friday, 23 March 2018 12:19 PM

ලංකාවේ ඉන්න අයගේ හැටියට තමයි ඉතින් දේශපාලකයින් බිහිවෙන්නෙත්. වැඩිය බලන් ඉන්න දෙයක් නැහැ. ලංකාව, මෙක්සිකෝව වගේ කුඩු පාරාදීසයක් වෙනවා. මතකයි කුඩු අල්ලපු දවසේ ගිහින් කුඩු කාරයව බදා ගත්ත හැටි. බොහොම හොඳයි. කොල්ලො ටික කුඩු කාරයෝ වෙලා. කෙල්ලෝ ටික ගණිකාවෝ වුණාම අන්න එදාට තමයි සිංහල ජාතිය ගැන පුරසාරම් දෙසාබාන බත්කන හරක්ට තේරෙන්නේ...

:       208       628

Sathyayaa Friday, 23 March 2018 01:50 PM

මේ පවුලේ අයව පොල් "කුඩු" ගානට දාල කතා කරන්න සමහරු පෙළඹුණත් මම නම් කැමතියි පොල් කියන විශේෂණය ඉවත් කරලා හරි මේ ගොල්ලන්ට පිළිගැනීමක් දෙන්න.

:       0       161

සතයපාල Friday, 23 March 2018 02:11 PM

මීගමුවේ ජනතාවට අපගේ බලවත් ශෝකය.!

:       111       475

P. de. silva - Canada Friday, 23 March 2018 02:28 PM

එහෙනම් තවත් කුඩු ජාවාරම් කරුවෙක් පත්වී ඇත. මීගමුවට දෙයියන්ගේම පිහිටයි. දැන් නම වෙනස් කොට මීගමුව වෙනුවට කුඩුගමුව කියා කිවයුතුයි. ලොකු ගෙදර එස්.ටී.එෆ් එකෙන් කුඩු සම්බන්ධව වැටලූ විට පාන්දරින්ම එකල පාලනය කළ ලොක්කා සැපත් වුනේ පාලක සියලු දෙනා සහ මහජනයා හට ප්‍රශ්නාර්ථ තබමින්... තවත් මොනවද කතා...? අප මව්බිමෙත් යම් දේශපාලඥයින් පිරිසක් ත්‍රස්තවාදය මෙන් මේ කුඩු, මත් ද්‍රව්‍ය, කළු සල්ලි වැනි නීති විරෝධී දේවලට සම්බන්ධ බැවින් රටේ දේශපාලනය අගාධයට ගොස් ඇත. මෙයට රටේ ජනතාවත් වගකිව යුතුයි. මන්දයත් ඡන්ද කිට්ටුව ලැබෙන දේ සහ ලාභප්‍රයෝජන ගැන සිතා මිසක් රටේ යහපත තකා සුදුස්සන් පත් නොකිරීමේ පලවිපාකයි. රටට දෙවියන්ගේම පිහිටයි...

:       1       816

maichel de almedaFriday, 23 March 2018 06:36 PM

" මල්ලි බයවෙන්න එපා මම ඔක්කොම බලාගන්නම් .." කියා කිව රජතුමා කුඩු තියාගෙන හිටපු අය නිදහස් කළ බව සියලා දෙනා දන්නවා.

:       0       58

ෆෙඩ්‍රික් සෙනරත් Friday, 23 March 2018 02:55 PM

යුඑන්පි එකෙන් නගරාධිපතිකමට ඉල්ලුවේ නවගුණ වැල හෝ ජපමාලය ගණන් කරන කෙනෙක්ද.?

:       297       227

erdiFriday, 23 March 2018 04:02 PM

යූඑන්පී එකේ කෙනා ආවත් මාගේ බලවත් විරෝධය. එයා ආවේ නෑනේ ඉතින් ඒක ගැටළුවක් නෑ. හැබැයි මෙයා ඇතුළු ඒ පවුලෙ අය පොහොට්ටුවේ අයටනම් රටක් වටිනවා.

:       1       126

chandani de silva - bolavalana Friday, 23 March 2018 03:06 PM

මී ගමුව කියන වාසනාවන්ත නගරය කුඩු වලින් පිරීගිය අවාසනාවන්ත නගරයක් වෙන්නත් පුළුවන් ...

:       160       475

layanal - baldi handiya Friday, 23 March 2018 06:32 PM

වෙන්නත් පුළුවන්...නොවෙයි වෙලා අවසානයි...ඒ කුඩු ගෙනාව මහා කුඩ්ඩා කවුද කියලා මුළු රටම දන්නවා. පසුගිය රජය කාලයේ කුඩු කිලෝ 95 ක් අල්ලපු වෙලාවේ ...හිටපු මහා රජතුමා තමයි අභය දානය දුන්නේ ඒ කුඩු ඇමතිට .

:       0       66

Ajith Nissanka Friday, 23 March 2018 03:08 PM

නැවත කුඩු දෑත් ශක්තිමත් වේවි! ජනතා පැතුමත් එකයි! ජයවේවා !!!

:       1       288

Kumara Friday, 23 March 2018 03:25 PM

මී ගමුවට සියලු දෙවිදේවතාවුන්ගේ අනුකම්පාව ලැබේවා !!!

:       2       235

Ajith Nissanka Friday, 23 March 2018 05:04 PM

අපි බයවෙන්න ඕනේ ඔහුව එම තත්වයට ඔසවා තැබූ පක්ෂය 2020 දී බලයට පැමිණීම ගැනයී.

:       83       437

rohan Friday, 23 March 2018 05:50 PM

මිගමු නගර සභාව සමාදානයේ සැතපෙවා................

:       0       36

පිටිගල මිලානෝ Friday, 23 March 2018 11:57 PM

අනේ අපොයි රට කුඩේ කුඩු.....!

:       0       30

Lorenso Saturday, 24 March 2018 12:33 AM

මීගමු නගරසභාවට ගුවන්යානා අංගනයක් ඉක්මනින් පිහිටුවීමට ප්‍රතිපාදන වෙන්කළ යුතුයි....

:       0       30

RENUKA Saturday, 24 March 2018 12:35 AM

රටේ අද සිදුවෙන දේවල් දිහා බලනකොට මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි ...මිගමු ජනතාවට කුඩු වලින් පිරි සුභ අනාගතයකට ආසිරි.....

:       0       25

Buddika Saturday, 24 March 2018 02:47 AM

පරපුරක් රජ කරන්න ඒ වෙනුවෙන් රට සහ සමාජය විනාශ කරන මේ මිනිස්සු කරන්නෙත් තමන්ගේම අය දේශපාලනයට එන එකයි. ලංකාවේ ඡන්ද දායකයාගේ ලොකුම ප්‍රශ්නය සමාජය විනාශ කරන හොරුන්ට ඡන්දය දීමයි. අපේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ හැඟීම්වලින් මිසක් බුද්ධියෙන් නෙවෙයි. මේක බරපතළ සමාජ ප්‍රශ්නයක්. ඒ හැඟීම්වලින් ඡන්දය දෙන නිසා. හොරු, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ බලයට එනවා. ඊටපස්සේ වැඩ කරන්නේ සමාජයම විනාශ වන විදිහටයි.

:       0       30

Ravi Saturday, 24 March 2018 03:09 AM

මීගමු නගරාධිපති බල ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය නීතිගත කරයි. ඔබට සතුටුද?

:       0       4

Chanak Los angeles Saturday, 24 March 2018 03:21 AM

දැන් එහෙනම් ආරක්ෂක අංශවල රැකවරණයත් අරගෙනම ව්‍යාපාර ටික කිසිම ගින්නක් නැතිව කරගෙන යා හැකියි..

:       0       17

Derik Saturday, 24 March 2018 03:41 AM

මීට වඩා හොඳයි මීගමුවේ මිනිස්සුන්ව කපලා මුහුදට දැම්මා නම්. මොන දේ වුනත් අපි පුංචි රෝමයේ ඉන්නේ කියලා අමතක කරන්න එපා. ජඩයෝ වැඩිකල් උඩ පනින්නේ නැහැ.

:       0       21

rohan Saturday, 24 March 2018 01:27 PM

මී ගමුවට කළු දෙබරක් පත්වීම ගැන මීගමුවේ ජනතාව හැටියට අපගේ බලවත් අප්‍රසාදය...

:       0       53

padmini Sunday, 25 March 2018 05:02 AM

මේක ජනතා ඡන්දයෙන් වුනු දයක් නෙවෙයි. සල්ලි විසි කරලා ගත්තු ජයක්. මීගමුවේ ජනතාව මෙයට විරෝධය දැක්විය යුතුයි.

:       0       28

M.AAR Fernando Monday, 26 March 2018 12:05 AM

කෝටි ගණන් මුදල්වලින් බලය එහා මෙහා කරන්න පුළුවන් කාලයක් මේක.

:       0       0

magilin Monday, 26 March 2018 11:11 PM

මීගමු පාතාලය සමග කුඩු බිස්නස් සහ බලපුළුවන්කාරකම් වලට අහිංසක ජනතාව බිලිගනීම් වලින් වර්දනයක් දකින්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 140 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 368 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 932 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1224 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 418 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 197 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site