IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘මාගම්පුර ගිවිසුම සංශෝධනය කළ හැකියි‘

(ඩයනා උදයංගනී)

හම්බන්තොට වරාය ගිවිසුම අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමේ හැකියාව ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු විවාදයේදී මැති ඇමතිවරුන් ඉදිරිපත් කරන අදහස් වුවත් එයට ඇතුළත් කිරීම ගැන සලකාබැලීමට රජය සූදානම් යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඉකුත් සෙනසුරාදා සංශෝධන සහිතව අත්සන් කළ වරාය ගිවිසුම තමන් අද (1) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී අමාත්‍යවරයා එය අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන්ට සතියක කාලයක් ලබාදුන් බව ද ඒ මහතා පවසයි.

අමාත්‍යවරුන් එය අධ්‍යයනය කර ලබන කැබිනට් මණ්ඩලයේදී අදහස් දැක්වූ පසු එම සතියේම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඉන්පසු පක්‍ෂ නායකවරුන්ට විවාදයක් සඳහා දිනයක් තීරණය කළ හැකි බව ද පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගිවිසුම නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ අය චෝදනාවක් කරමින් සිටින බව කී අමාත්‍යවරයා එහි ඇති වෙනස වන්නේ කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත් වූ යෝජනා සංශෝධන ලෙස ඇතුළත් කිරීම පමණක් බව ද කීවේය.

 



අදහස් (5)

‘මාගම්පුර ගිවිසුම සංශෝධනය කළ හැකියි‘

nandana Tuesday, 01 August 2017 04:08 PM

දෙපක්ෂයේ එකගතාව මත සංශෝධනය කල හැකි බව කියනවා ඇහුන එක පක්ෂයක් අකමැති වුනොත් බෑ නේද? ඒ කියන්නේ චීනය බෑ කිව්වොත් බෑම නේද?

:       0       0

Senarath Tuesday, 01 August 2017 05:37 PM

එහෙම සංශෝදන එකතු කල හැකි වෙන්නේ අනෙක් පාර්ශ්වය කැමතිනම් පමණි. ඔවුන් ඒ සදහා වන්දියක් ඉල්ලාවි. එහෙම කරන්න බලාපොරොත්තුවක් තිබුනේ නම් මොකටද හදිසියේම අත්සන්කලේ ? මේ අපිව සැනසීමට කරන කපටිකමක් . මේකද යහපාලනය ?

:       0       0

M.S Prasanna Tuesday, 01 August 2017 09:44 PM

ගිවිසුම අත්සන් කරාට පස්සෙද පාර්ලිමේන්තුවෙන් අහන්නේ? මේ මොන නීතියක්ද? තාමත් මිනිස්සුන්ව රවටන කතා කියන්න එපා. මොන රටේද ගිවිසුම් අත්සන් කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ගන්නේ?

:       0       0

sarath Wednesday, 02 August 2017 03:28 AM

මොන කෙන්ගෙඩියකටද ගිවිසුම ගැහුව්වේ වෙනස් කරන්න නම්. අපිට දැනගන්න ඕනේ වාර්ෂිකව අපේ රටට කොපමණ ආදායමක් (ප්‍රතිශතයක් ) ලැබෙනවාද කියල. 58-42 % ට දුන්න නම් ආදායමක් එන්න ඕනේ. නමුත් දැන ගන්න ලැබෙන පුවත් වලින් පෙනී යන්නේ බදු කාලය තුල අපේ රටට ආදායමක් නැති බවයි ?

:       0       1

Senarath Wednesday, 02 August 2017 03:37 AM

එහෙම පුළුවන් වන්නේ පාර්ශව දෙකම කැමතිනම් පමණි . මොන පාර්ශ්වයද කැමති වෙන්නේ තමන්ට වෙන්න තියෙන වාසිය නැතිකරගන්න ? මේ ආණ්ඩුවේ ඉන්න මැටි ඇමතිලනම් කැමති වේවි රටට ආදරයක් නැති නිසා. එහෙම නම් මොනවටද මේක හදිසියේම අත්සන් කලේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 20 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 148 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 124 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 552 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 447 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 163 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site