IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාකඳුරේ මදූෂ්ගේ පියාගේ දේහයට හෙලිකොප්ටරයෙන් මල් ඉසියි

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

රිය අනතුරකින් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු හෙලිකොප්ටරයකින් මල් ඉස සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචී මාර්ග සඳහන් කරයි.

මාකදුරේ මදුෂ්ගේ පියා වු එස්.ඒ.ලක්ෂ්මන් මහතා කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඉකුත් 29 වැනි දින මරණයට පත්විය.

නාගොඩ රජයේ රෝහලේදී මිය ගිය පියාගේ දේහය රිය පෙරහැරකින් ඔහුගේ සූරියවැව පිහිටි නිවස වෙත රැගෙන ගොස් තිබෙන බව දැනගන්නට ඇත.

ඉකුත් පළමු වැනිදා පියාගේ අවසන් කටයුතු උත්කර්ෂවත්ව සිදු කිරීමට ඩුබායි හී සැඟවී සිටින මාකදුරේ මදුෂ් එම පවුලේ ඥාතීන්ට උපදෙස් ලබාදී තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.

එමෙන්ම පියාගේ දේහය නිවසේ සිට සුසාන භූමිය වෙත රැගෙන ගොස් මිහිදන් කරන තෙක්ම හෙලිකොප්ටරයකින් ගුවනේ සිට මල් ඉස තිබෙන බවද හෙලි වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ පෞද්ගලික ගුවන්යානා සමාගමක නියෝජිතයෙකුගෙන් විමසූ විට කියා සිටියේ කොට්ටාවේ ප්‍රදේශයේ පදිංචි දිනේෂ් නැමැති අයෙකු මුදල් ගෙවා ගුවන් යානය එම කටයුත්ත සඳහා වෙන් කර ගෙන තිබූ බවයි.

එය මදුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවය බව දැනනොසිටි බව ද ඔහු වැඩි දුරටත් කීය.

එම අවමංගල්‍ය උත්සවය ඩුබායි සිට මදුෂ් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව නරඹා තිබෙන බවද දැනගන්නට ඇත.

ඊට අමතරව ඔහු ශෝක පණිවුඩයක් ද එවා තිබූ අතර එය ඩිජිටල් බැනරයක මුද්‍රණය කර ප්‍රදර්ශනයකර තිබුණි. මෙම අවමංගල්‍ය සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර මදුෂ්ට හිතවාදී ප්‍රබල පාතාල සාමාජිකයින් පවා පැමිණ ඇති බවට තොරතුරු ලැබී තිබේ.

 



අදහස් (12)

මාකඳුරේ මදූෂ්ගේ පියාගේ දේහයට හෙලිකොප්ටරයෙන් මල් ඉසියි

Bamunuarachchi Monday, 03 September 2018 10:05 PM

සොයලා බැලුවොත් පොලිසියෙයි දේශපාලකයන්ගෙයි සහයෝගය සහභාගිත්වය තිබෙන්න ඇති.

:       0       75

hemantha kumara Tuesday, 04 September 2018 01:04 AM

නියම යහ පාලනේ.

:       0       50

Sapumal. Tuesday, 04 September 2018 01:19 AM

පාතාලයන් ගිය දුර. මෙතෙන්ට අපේ සිටින අති දක්ෂ රහස් පොලිස් නිලධාරීන් යොදවන්නේ නැතිව අපේ පොලීසිය පොල් ගෑවාද ? මෙතෙන්ට ආ අයව රහසිගත කැමරා මගින් ඡයාරුප කරගෙන තොරතුරු සෙව්වා නම් කී දෙනෙක් අල්ලාගන්න තිබුනාද ?

:       0       154

lankaputha Tuesday, 04 September 2018 02:49 AM

හොඳම රහස් පරීක්ෂක පොලිසියට ඔය ආවා කියන පාතාලයෝ අල්ල ගන්න දැලක් දාන්ඩ බැරි උනාද?

:       0       79

upali Tuesday, 04 September 2018 03:57 AM

අපේ බුද්ධි අංශය කියල එකක් දැන් නැද්ද ???

:       0       83

ලුම්බිණි Tuesday, 04 September 2018 04:12 AM

මිය ගිය අයෙක් වෙනුවෙන් හෙලිකොප්ටරයකින් ගුවනේ සිට මල් විසි කරන එක වැරද්දක්ද?

:       89       17

Lashan Tuesday, 04 September 2018 04:23 AM

සිංහල බෞද්ධ අයයි මේ...

:       63       18

Chanak Los angeles Tuesday, 04 September 2018 05:26 AM

මොනවා වුනත් මව්පිය සැලකීම උතුම් ක්‍රියාවක් .. අපි කියනවා එලෙසම පාතාල ක්‍රියාවන්ගෙන් අයින් වෙලා සමාජයට වැඩදායි පුද්ගලයෙක් වෙන්න කියා ..

:       85       30

Ruwan Tuesday, 04 September 2018 06:15 AM

බුද්ධි අංශ නිදිද.

:       0       359

mata pissu wagei Tuesday, 04 September 2018 06:57 AM

හේමන්ත කුමාර වෙත, මොකක්ද යහපාලනයයි, මල් දෑමීමයි අතර සම්බන්දය? හෑම දේකටම යහ පාලනේ ගාවගන්න එපා.

:       87       2

vipula Tuesday, 04 September 2018 08:18 AM

අපේ රටේ සාමාන්‍ය ජනතාව කොතරම් මෝඩ ද. පාතාලය හොදයි කියන අයත් ලංකාවේ ඉන්නවනේ.

:       0       29

lanka Wednesday, 05 September 2018 01:26 AM

නීතියෙන් එහෙම තහනමක් තියෙනවද? පාතාලය ඇතිවන්නේ කාගේ වරදින්ද? ලංකාවේ අයට ප්‍රයිවට් ගුවන් යානා භාවිතාවට ගන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 880 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 168 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1048 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1089 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1380 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1230 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site