IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


භූගෝල පොතේ පාඩුව කෝටි 15ක්

තරිඳු ජයවර්ධන

හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත් සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම නිසා රජයට රුපියල් මිලියන 155ක පාඩුවක් සිදුවී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

අධ්‍යාපන අමාත්‍යංශය මෙම පෙළපොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇත්තේ නිසි තාක්ෂණික අධ්‍යයනයකින් තොරව බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ස්ටාලින් මහතා මේ බව ප‍්‍රකාශ කළේ ගුරුමැදුර ශාලාවේ අද (22) පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම පෙළපොත් භාවිතා කිරීමෙන් සිසුන්ට අක්ෂි රෝග, චර්ම රෝග මෙන්ම ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් ඇතැයි කාර්මික තාක්ෂණ ආයතනය වාර්තා කර තිබෙන බව ද, එබැවින් මේ වන විට එම පෙළපොත් භාවිතයෙන් ඉවත් කර තිබෙන බව ද ජෝසප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කරයි.

‘හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා 2016 ජුනි 20 වැනි දා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට පෙර සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ලබා ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණවල දක්වා තිබෙනවා. නමුත් එලෙස සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නැහැ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් සිදු කර තිබෙනවා. එම විමර්ශනයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉහළ නිලධාරීන් තිදෙනකු වැරදිකරුවන් කර ඇතත් තවමත් නිර්දේශ ක‍්‍රියාත්මක වෙලා නැහැ.

මෙම ප‍්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේ අමාත්‍යංශ අතිරේක ලේකම්වරයකුයි. ඔහු අධ්‍යාපන ප‍්‍රකාශන කොසමාරිස් ජනරාල් ලෙස පත් කළ පසුත්   ප‍්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. විදේශ නිෂ්පාදකයාගේ එස් ජී එස් සහතිකය ටෙන්ඩර් ලියැවිලි සමඟ ඉදිරිපත් කර තිබෙනවා. මෙම කඩදාසි භාවිතයෙන් ඇසේ ආබාධ, සමේ සහ උගුරේ ආබාධ ඇති විය හැකි බව එහි සඳහන් කර තිබුණත් ඒ ගැන නිලධාරීන් සැලකිලිමත් වෙලා නැහැ. මෙම කටයුතු නිසා සිදුවී ඇති පාඩුව   ඊට වගකිවයුත්තන්ගෙන් අය කර ගත යුතුයි.’ යැයි ද ස්ටාලින් මහතා ප‍්‍රකාශ කළේය.
 



අදහස් (7)

භූගෝල පොතේ පාඩුව කෝටි 15ක්

srath Wednesday, 22 November 2017 01:17 PM

සින්තටික් මන්ත්‍රිලා ඇමතිලා හිටපුවහම ආණ්ඩුවම සින්තටික්

:       307       254

indika Wednesday, 22 November 2017 02:06 PM

මේ වගේ වැරැද්දක් කරපුවාම එහි වගකීම ගන්නේ කව්ද? අර තෙල් නැති වුණු සිද්ධියට වගකීම ගන්නත් කව්රුත් නැහැ. ඕනෙම රජයේ තියෙන ලොකුම වරද මේක තමයි. පුද්ගලික සමාගමක නම් ප්‍රධානියා වගකීම ගන්නවා. එ්ක නිසා තම පුද්ගලික සමාගම් ලබන්නේ. හොඳට පාලනය වෙන්නේ. කව්රුහරි වගකීමක් ගන්න එක නරක දෙයක්වත් පාරේ බැහැලා කෑගහන්න දෙයක්වත් නෙවේ. හරිම හොඳ දෙයක්. මෙම දෙය පුද්ගලික සමාගමක අංශයක් කලානම් එම අංශයම පාඩුව ගෙවනවා ප්‍රධානියා ඇතුළුව.

:       47       193

Sam Wednesday, 22 November 2017 02:49 PM

සින්තෙටික් කඩදාසි 1) පරිසර හිතකාමියි. මොකද සාමාන්‍ය කඩදාසි හැදීමට මෙන් ගස් භාවිතා නොකරන නිසා සහ ප්‍රතිචක්‍රීය කිරීමට හැකි නිසා 2) දිගුකලක් භාවිතා කලහැකියි.. ඉරෙන්නේ නැති නිසා 3) තෙතමනය නිසා හානි අවමයි 4) වතුරෙන් කරදර අඩුයි 5) නවනකොට කොලවල පාරවල් හිටින්නේ නැ. අපවැනි ඝර්ම කලාපිය වැසි සහින රටක පාසල් දරුවන්ට සුදුසු මෙවැනි සින්තටික් කඩදාසියේ මුද්‍රණය කල පොත්. මේක හැම දේටම විරුද්ධ වෙන රටක්. කල්පනා කරන්න දැනට පාසල් ළමුන් කොපමණ සින්තටික් දේවල් බෑග් එකේ ගෙනියනවද කියලා. අපේ ළමයින්ට ලෙඩ නැහැ. රජයට රුපියල් මිලියන 155ක පාඩු වෙන්නේ මේක විරෝධතා නිසා පාවිච්චි නොකොළොත්....

:       244       192

Bandara Wednesday, 22 November 2017 03:47 PM

අලුතෙන් ප්‍රශ්නයක් හදනවා විකුණන් කන්න. කූඹියෝ කතාවේ මේ ගොල්ලෝ ගැන හොඳට කියලා දෙනවා.

:       0       97

kavantissa Thursday, 23 November 2017 02:59 AM

මුඛයෙන් කල්පනාකාර පසුපසින් කරන කතා උපද්දවන්නේ ලංකාවේ පමණයි. අපි ඉපදී ඇත්තේ නැති ප්‍රශ්ණ ඇති කරගෙන ඇති ප්‍රශ්ණ වලින් අජීර්ණ සදා ගන්නා අමුතුම ලෝකයකයි

:       0       88

kavantissa Thursday, 23 November 2017 03:31 AM

කෘතීම කඩදාසි වල අගුණ ඇති උදවිය භූමිතෙල්, පැට්‍රොල් ඩීසල් , මල මුත්‍ර වලින් පිටවන වායුව, , ටයර් බයිසිකල් සීට්, කාර් සීට්, ත්‍රී වීල් සීට්, සම්පූර්නයෙන්ම අත් හැරිය යතු වෙයි. කිසිම සායම් වර්ගයක් අගුණයි. සබන් පාවිචියත් නරකයි. බත් දන්කුඩ විස වෙන්ට පුලුවන් අපොයි.............. ටූත් පේස්ට් හරිම නරකයි.

:       4       34

ruchira Thursday, 23 November 2017 04:03 AM

සෑම්ටත් හත ශ්‍රේණියේ දරුවෙක් හිටියනම් ඔහොම කියාවිද? ප්‍රශ්නේ තමන්ගේ නොවෙනකම් හැමෝම දර්ශනිකයෝ කියනවනේ......

:       192       220

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1427 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 672 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 569 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 312 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 545 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 496 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site