IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


භික්ෂු කතිකාවත් පනත ඉවත් කරගන්න යයි

(අංජුල මහික වීරරත්න)

රජය විසින් ඉදිරිපත් කර තිබෙන භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත නොකෙරෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ගැන රජය මේ ස්ථාවරයට පැමිණ ඇත්තේ මල්වතු අස්ගිරි ඇතුළු පාර්ශ්ව වෙතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති  රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත කෙරුණු දැනුම් දීම මතය.

භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මුලින් ඉදිරිපත් කරන ලදී.

භික්ෂු කතිකාවත් පනත් ගෙන ඒමෙන් ඇතිවිය හැකි අර්බුද ගැන මල්වතු කාරක සංඝ සභාව හා අස්ගිරි කාරක සංඝ ඉදිරිපත් කළ යෝජනා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා වෙත භාර දුන්නේය.

මල්වතු හා අස්ගිරි කාරක සංඝ ඉදිරිපත් කළ කරුණු දැක්වීමට පිළිගත් රජය භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත අත්හරිනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 



අදහස් (8)

භික්ෂු කතිකාවත් පනත ඉවත් කරගන්න යයි

Nandalal DE SILVA - France Thursday, 09 August 2018 10:51 PM

මෙවැනි භාරදුර, එමෙන්ම අති විශේෂ පනතක් ඉදිරිපත්කිරීමට පෙර එයට අදාල පක්ෂ, එනම් අවම වශයෙන් අස්ගිරි මල්වතු මහා නාහිමියන් බැහැදැක උන්වහන්සේලාගේ මතයවත් විමසා නැති බව මෙයින් පේනවා. කරන්නන් වාලේ පනත් මැති සබයට ඉදිරිපත්කර ඒවාට රටපුරා විරුද්ධතාවන් එල්ල කරගෙන, ඉන්පසු ඒවා හකුලා ගැනීම රජයේ නිවටකම මෙන්ම නොහැකියාව මනාව පිළිඹිබු කරන කැඩපතකි.

:       0       41

Bamunuarachchi Friday, 10 August 2018 12:10 AM

ආගම් ගැන කතිකාවත් ඇතිවිය යුත්තේ ආගමික නායකයන්ගේ මැදිහත් වීමෙන් මිස රටේ පාලනයත් අවුල් කරගත් දේශපාලුවන් ගේ මැදිහත් වීමෙන් නොවෙයි.

:       82       38

Bamunuarachchi Friday, 10 August 2018 12:13 AM

රටකාපු නුඹලා ආගමේ ඉතිරිටිකත් නොකා යන තැනකට යන්න.

:       0       45

Chanak Los angeles Friday, 10 August 2018 01:07 AM

භික්ෂුන් ගිහියන්ට වඩා කාමභෝගී ජීවිතයකට හුරුවෙලා .. භික්ෂුව යනු ප්‍රාතිමෝක්ෂ ශීලයයි .. අපිට එහෙම දෙයක් පෙනෙන්නේ නම් නැහැ ..

:       20       2

Mahee Friday, 10 August 2018 02:40 AM

ඔහොම එක එක දේවල් ගෙනල්ල ඒ එක්කම අකුලා ගන්නකොට මිනිස්සු හිතන්නේ මේ ආණ්ඩුව කිසිම දෙයක් සිතල මතලා, නිසි අධ්‍යනයක් කරන්නේ නැතුව, එක එක්කෙනාගේ මුණ පුම්බා ගන්න තමයි වැඩ කරන්නේ කියලා, නැද්ද? හැබැයි ඉතින් එක බොරුත් නෙමෙයි.

:       6       4

Samathasena A . Aluthgamage. Friday, 10 August 2018 03:10 AM

මේ පනත් ගෙනාවත් නෝගෙනාවත් සංවර අය සංවරයි. අසංවර අය අසංවරයි. සිල්වත් අය සිල්වත්. දුසිල්වත් අය දුසිල්වත්. බුදු දහමට අනුව මේවා බුද්ධිමත්ව සාකච්චා කිරීම වරදක් නොවෙයි. කාලාම සුත්‍රයේ ඒ බව දේශනා කොට තිබෙනවා. තථාගතයන් වහන්සේ දෙසුවද එය පවා තමාගේ බුද්ධියට වැටහේනම් පමණක් පිළිගැනීමට දේශනා කොට තිබෙනවා. පුස්ස මහා රහතන් වහන්සේගේ දේශනාවේ සඳහන් අනාගත භික්ෂු පරපුර ගැන එදා දෙසූ බොහෝ දේ අද සැබෑවී තිබෙනවා. මේවා විසදීමට ශ්‍රී සද්ධර්මය සහ සම්බුද්ධ සාසනය සුරකින මතු මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ නිසි වෙලාවට නිසි පියවර ගන්නවා ඇති. එය උන් වහන්සේ වෙත ලැබී ඇති බුද්ධ අණයි. එබැවින් ධර්මය රකින්නා ධර්මය විසින්ම රැකෙන අතර, ධර්මය වනසන්නා මොන උප්පරවැට්ටි යෙදුවත් වැනසී ගොස් උතුම් වූ ශ්‍රී සද්ධර්මය බැබළෙනු ඇත. විය යුත්තේද එයයි. බුද්ධ වචනය වෙනස් කිරීමට මොන ජගතාටවත් නොහැකිය.

:       7       264

කමනි Friday, 10 August 2018 11:22 AM

මෛත්‍රී බුදුන්වහන්සේ මේ ප්‍රශ්න විසඳන්න පහලවෙද්දී බස් එක ගිහින් ඉවරයි.. අද හෙටම දූෂිත චීවර ධාරීන් ශාසනයෙන් එළවා බුදුදහම රැකගත යුතුයි.

:       0       14

Cisco Friday, 10 August 2018 06:44 AM

භික්ෂු සන්ගයාට විනය නීති පැනවිය යුත්තේ සඟ සමාජය විසින් මිසක ගිහි අපි විසින් නොවෙයි. හිමි නමක් වුවත් රටේ නිතිය කැඩුවා නම් එයට රටේ නිතිය අනුව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමේ වරදක් නැහැ. රජය ලොකු විනාශයක් කරගන්න එක නවතවා ගත්ත කතිකාව ඉවත්කර ගැනීමෙන්.

:       16       134

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 890 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 903 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1076 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 424 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4639 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1261 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site