IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධ ස්තූපයේ කොත නිරාවරණය කෙරේ

2008 වර්ෂයේදී පිහිටවනු ලැබූ බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධාගමික විහාරස්ථානය වන 'අපේ පන්සල රෆා'හි අභිනවයෙන් ඉදිකරන ලද රන් කොත් සෑ වෙහෙර කොත් වහන්සේ නිරාවරණය කිරීම පසුගිය දා සිදු කෙරිණි.
එය බහරේන් රාජ්‍යයේ තානාපති  ආචාර්ය ඒ. සජ්. යූ. මෙන්ඩිස් මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.  


දශකයකට එහා අතීතයකට හිමිකම් කියන ‘රෆා‘  ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන "අපේ පන්සල රෆා" විහාරස්ථානය බහරේන් රාජ්‍යයේ පමණක් නොව සමස්ත මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ පිහිටවනු ලැබූ ප්‍රථම බෞද්ධ විහාරස්ථානය වේ. 
 
බහරේන්හි වෙසෙන සුමිත් ගුණසේකර මහතාගේ අප්‍රතිහත ධෛර්යෙන් සහ දුරදර්ශි නායකත්වයෙන් බිහිවුණු මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි වූ චෛත්‍යයරාජයාණන් වන රන්කොත් සෑ වෙහෙර කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යකර්මය අති ගරු තානාපති තුමාගේ සුරතින් බහරේන්හි වෙසෙන බෞද්ධ, කිතුණූ  ඉස්ලාම් සහ හින්දු යනාදී සියලුම ආගම් වල ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදිණි.


අභිනවයෙන් ඉදි වූ මෙම ස්තුපය මැද පෙරදිග කලාපයේ ඉදි වූ ප්‍රථම බෞද්ධාගමික ස්තුපය විය හැකි අතර මෙමගින් බහරේන් රාජ්‍යයේ පවතින ආගමික සංහිදියාව මැනවින් නිරූපනය කරයි. මේ වනවිට ශලංකාවේ සිට වැඩම කර වූ බුදු පිළිම සහ බෝධී වෘක්ෂයකින්  සමන්විත වන මෙම විහාරස්ථානය, ශ්‍රී ලාංකික බෞද්ධාගමිකයන් හට තම ආගමික වතාවත් සිදු කිරීම සඳහා  මහෝපකාරී වේ.


බහරේනයේ වෙසෙන අනෙකුත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයන් සඳහා බහරේන් රාජ්‍යයේ ස්ථාපිත ආගමික ස්ථාන පවතින බැවින්, 'අපේ පන්සල රෆා' ශ්‍රී ලාංකික බෞද්ධාගමිකයන්ට තම ආධ්‍යාත්මික ගුණධර්ම හා ආගමික ඉගැන්වීම් වැඩි දියුණු කර ගැනීමට උපකාරී වන තෝතැන්නක් වනු නොඅනුමානය.

   
මෙහි දී අදහස් දැක් වූ අපේ පන්සල රෆා හි භාරකරු සුමිත් ගුණසේකර මහතා මෙම ස්තූපය ඔහුගේ සහ බහරේනයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ මාස 06 ක පමණ කාලයක අඛණ්ඩ ව්‍යායාමයක ප්‍රතිපලයක් ලෙස ප්‍රකාශ කළ අතර රන් වර්ණාලේපිත කොත් වහන්සේ ශ්‍රී ලංකාවේ දී නිර්මාණය කර වැඩම වූ බව පැවසී ය. 

 
තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම පන්සල බෞද්ධාගමිකයන් පමණක් නොව බහරේන්හි වෙසෙන අන්‍යාගමික ජනයා ද නිතර ගැවසෙන සහ ආගමික සංහිඳීයාව පවත්වා ගැනීම සඳහා යොදා ගනු ලබන ස්ථානයක් බව යි. 



අදහස් (5)

බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධ ස්තූපයේ කොත නිරාවරණය කෙරේ

kalani Thursday, 21 June 2018 10:01 AM

සාධු ! සාධු 11 සාධු !!!

:       1237       1702

rama Thursday, 21 June 2018 11:55 AM

මැද පෙරදිග සව්දි රටේ හැර අනෙක් සියලුම රටවල තාවකාලික පන්සල් හරි තියෙනවා, අපි පින් කරලා නැහැ පින්වත ඔයාලා තරම්

:       0       0

පාන්කිරිත්තා Thursday, 21 June 2018 12:24 PM

මේ පන්සල් හදලා ඇති වැඩේ මොකක්ද, බහරේන්වල බෞද්ධයෝ ජීවත් වනහැටි එපැයි බලන්න

:       0       0

සුදේශ් කරුණාතිලක Thursday, 21 June 2018 02:16 PM

නීති විරෝධී ඉදිකිරීමක්. හදවතේ ඇතිවන භක්තිමත් සිතිවිලි වලින් ගුණ ධර්ම ආරක්ෂා වන අතර, මෙවන් ඉදිකිරීමකින් කිනම් පලක් අත්වේද? මේ මුදල් බඩගින්නේ සිටින දුප්පත් මිනිසුන්ට අහර වේලක් දෙන්න හෝ ලෙඩෙක් සුවපත් කිරීමට යෙදවුවනම් කෙතරම් වටින්නේද ? නිඝන්ටයන් මෙන් තව දුරටත් ගස් ගල් වලට වදිමින් ඇති විශාල ඉදිකිරීම් කරමින් ඉදිරියට යනවද , නැතහොත් මිහිරි වූ සද්ධර්මයට අනුරුප වී සරල දැහැමි දිවි පෙවෙතක් අනුගමනය කරනවාද යන්න සිතන්න !! තෙරුවන්සරණයි !!

:       0       0

Lal Thursday, 21 June 2018 03:12 PM

හොද අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. ත්‍රිලක්ෂනය, පටිච්චසමුප්පාදය වැනි ධර්මදේශනා, සතර සතිපට්‍ඨානය විශේෂයෙන් ඛායානුපස්සනාව පිළිබඳ භාවනා වැඩසටහන් ආදිය ඉංග්‍රීසි භාෂාවෙන් දේශනා කිරිමට හැකියාව ඇති දක්ෂ සංඝයා වහන්සේලා වැඩමවා එහි සිටින සියලු දෙනාට ධර්මය අවබොධ කරවන්න අවස්ථාව උදාවේවායි පතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 99 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 53 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 75 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 222 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2658 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 235 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site