IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

(මහින්ද නිශ්ශංක)


බස් ගාස්තුව සියයට 10 කින් ඉහළ දමා රුපියල් 12ක් වන අවම ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව දින හතක් තුළ පියවර නොගතහොත් ලබන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ පෞද්ගලික බස් රථ වර්ජනයකට එළැඹීමට සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය ඊයේ (17) තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේදී ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ අංජන ප්‍රියන්ජිත් මහතා මාස දෙකක් තුළ ආණ්ඩුව ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩිකිරීම හේතුවෙන් කෙටි දුර බස් ධාවකයන්ට දිනකට රුපියල් 1000 සිට 1200 දක්වා සහ දුර සේවා බස් ධාවකයින්ට දිනකට රුපියල් 1500 සිට රුපියල් 3000 දක්වා පාඩුවක් සිදුවන බවද කීය. 


මේ වසරේ මැයි මාසයේ සිදුවූ බස් ගාස්තු සංශෝධනයෙන් අනතුරුව ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00 කින් වැඩි කළ පසුව පෞද්ගලික බස් සේවා විශල පාඩු පිට පවත්වා ගෙනයාමට සිදුවූ බවත් එසේ තිබියදී නැවතත් ඩීසල්  ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කළ බවත්, එම වැඩි වීම් බස්හිමියන්ට දරාගත නොහැකි බවත් ඔහු පැවසීය. 

පෞද්ගලික බස් හිමියන් විසින් බස් ව්‍යාපාරය පවත්වා ගෙනයනු ලබන්නේ ආණ්ඩුවේ සත පහක ආධාරයක් නොමැතිව බව පැවසූ අංජන ප්‍රියන්ජිත් මහතා මේ ආණ්ඩුව පෞද්ගලික බස් ව්‍යාපාරය විනාශ කිරීමට කටයුතු කරන බව කීවේය.

කන් නොඇසෙන ඇස් නොපෙනෙන මැති-ඇමතිවරුන්ගේ ඇස් අරවන්නටත් කන් අසවන්නටත් බස් වර්ජනය හැර වෙනත් ක්‍රමවේදයක් නොමැති බවද ඔහු කීය.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් බස්හිමියන් සියයට 10ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ මාස දෙකක් තුළ වැඩිවූ ඩීසල් මිලට පමණක් බවද කීය.

බස් ධාවනය පවත්වා ගෙනයාමට නොහැකි තරමට බස්හිමියන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී තිබෙන බව පැවසූ ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා බස්හිමියන් ඉල්ලා සිටින සියයට දහයක බස් ගාස්තුව නොදුන්නොත් සංගමය රැස්වී ගාස්තු වැඩිවීමකට යන බව කීවේය. ඒ අවස්ථාවේ හැකි නම් බලපත්‍ර අවලංගු කරන ලෙස රජයට අභියෝග කරන බවද ඔහු පැවසීය. 

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සම්පත් රණසිංහ මහතා කරුණු දක්වමින් ඩීසල් මිල රුපියල් 14 කින් වැඩිවීම බස්හිමියන්ට දරාගැනීමට නොහැකි බවත්, මෙම ඩීසල් වැඩිවීමට අනුව බස්ගාස්තු වැඩිවීමක් ලබාගැනීමට බස්හිමියන්ට අවස්ථාව තිබෙන බවත් කීය.

මෙහිදී සමස්ත ලංකා බස් සේවකයන්ගේ සංගමයේ සභාපති කුමාරරත්න රේණුක මහතාද කතා කළ අතර සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ගමගේ සුමනදාස, උප සභාපතිවරුන් වන එච්.එල්.අමරදාස, සම්පත් ගුණතිලක හා එස්. කොළඹගේ යන මහත්වරුන් ඇතුළු සංගමයේ නියෝජිතයෝ 
රැසක් ද ඊට සහභාගි වූහ.



අදහස් (7)

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

isurandi Tuesday, 18 September 2018 06:05 AM

අනේ හොදයි. පුළුවන් තරම් වැඩි කරන්න.

:       0       3

Shan Tuesday, 18 September 2018 06:18 AM

කරුණාකරලා වර්ජනය කරන්න දෙන්න.

:       0       1

Hafeel Tuesday, 18 September 2018 07:44 AM

කොහොමද මංගලගේ මිල සූත්‍ර?

:       0       2

OMG Tuesday, 18 September 2018 08:05 AM

මේ මාෆියා කාරයොන්ට දවස් හතරක් එක දිගට වර්ජනය කරන්න දෙන්න "පුලුවන්නම්". එහෙම කරන්නේ නැහැ. දේශපාලන බලවතුන්ගේ බස් රථ ගොඩක් තියෙනවා. ඒ අය හැමපැත්තෙන්ම අපිව හිර කරනවා. ලබන ආත්මේ කොයි වාගේ ආත්මයකට අර අදිනවද දන්නේ නැහැ.

:       0       0

theshan Tuesday, 18 September 2018 09:27 AM

කොහොමත් දැන් ඔයගොල්ලන්ට මිනිස්සු අඩුවෙලා තියෙන්නේ, ගාස්තු වැඩි කරපු නිසා, ඒ නිසා පොඩ්ඩක් අමාරු වුනත් දැන් බස් වල ගිය ගොඩක් කට්ටිය දුම්රියෙන් යන්න පටන් අරන්. ඕක වැඩි කලාම වෙන්නේ මේ යන කට්ටියත් අඩු වෙන එක. මම ඊයේ මොරටුවේ ඉඳල බමබල්පිටිය දක්වා ආවා. බස් එකේ ඉඳගන්න පවා හොඳට ඉඩ තිබ්බා බම්බලපිටිය වෙනකන්.

:       0       0

RNG Tuesday, 18 September 2018 09:37 AM

මාර වැඩක්නෙ මේක. මේ මාස දෙක තුනට විතරක් අවම බස් ගාස්තුව රුපියල් පහකින් වැඩි වෙනවා එතකොට. පහුගිය යුද්ධ කාලෙ වත් වැඩි වුණේ උනේ නෑ මෙච්චර.

:       0       0

Jayarathna Tuesday, 18 September 2018 10:35 AM

12.00 ට 13.00, 19.00 ට 20.00, 24.00 ට 25.00, 28.00 ට 30.00, 33.00 ට 34.00 හො 35.00 ලෙසට රුපියලක් දෙකක් මුදල් ගන්න නිසා අමුතුවෙන් වැඩිකරන්න ඕනේ නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 16 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 30 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 326 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 300 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1384 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 853 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site