IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බැසිල්ගේ ලිත් නඩුව 13 වැනිදා සිට විභාගයට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන ලිත් නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත්  කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම දෙසැම්බර් මස 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.

එම පෙත්සම අද (21) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම් විභාගයට දින නියම කෙරිණි.

එදින තෙක් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියෙහි අදාළ නඩුව විභාග කිරීම වළක්වාලමින් පනවා තිබුණ තහනම් නියෝගය දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය නියම කළේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැයකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව නඩුවක් පවරා ඇත.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන බව සඳහන් කරන බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිල් රෙදි නඩු තීන්දුව ලබා දීමේදී විනිසුරු ගිහාන් කුලතුංග වත්මන් රජයේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කර ඇති බව කියා සිටියේය.

තමා ද ඉකුත් රජයේ ප්‍රබල අමාත්‍ය තනතුරක් දැරූ බැවින් ගිහාන් කුලතුංග විනිසුරුවරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බව සඳහන් කරන ⁣පෙත්සම්කාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ හේතුවෙන් අදාළ නඩුව වෙනත් අධිකරණයක් වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (5)

බැසිල්ගේ ලිත් නඩුව 13 වැනිදා සිට විභාගයට

sirimal Friday, 21 September 2018 09:46 AM

එදාට නොවරදවාම සම්ප්‍රාප්ත වෙයිද? නාවොත් ඉතින් තව මාස ගණනක් කල්යවන එක තමයි විකල්පය.

:       0       15

කුමාර Friday, 21 September 2018 10:34 AM

ඔයිට වැඩිය හොඳ නැද්ද ඔය නඩුව නැවත පත්කර ගන්නා ආණ්ඩුවක් යටතේ විභාග කරගන්නා ලෙස නියෝගයක් ආවා නම්...

:       0       85

සතයපාල Friday, 21 September 2018 04:29 PM

මුලින්ම නඩුව විභායට ගන්න

:       0       0

සතයපාල Friday, 21 September 2018 04:37 PM

මුලින්ම නඩුව විභාගයට ගැනීම වැලැක්වීමට නඩු පවරනවා ඒක පැරදුනාම ඊළගට උසාවිය මාරු කරන්න කියළා නඩු දානවා. ඒකත් පැරදුනොත් ආණ්ඩුව මාරු කරන්න කියලා නඩු දායිද දන්නේ නැහැ. අන්තීමට වෙන්නේ සල්ලී තියෙන කෙනා තමන්ට ඕන ඕන විදියට නීතිය නවන එක විතරයි. කවදා හරි තමන්ගේ ආණ්ඩුවක් එනකම් නඩුව අඳිවී.

:       0       0

Nandalal DE SILVA - France Saturday, 22 September 2018 06:49 PM

ඔයගොල්ලෝ අච්චු ගහපු ලිතක්ම තියෙන හොඳම නැකතකින් බලන්න "බැසිල්ගේ ලිත් නඩුව 13 වැනිදා සිට විභාගයට" ගන්න එක සුබද, අසුබද කියල ..... අසුබ නම් මොකක් හෝ දහන්ගැටයක් ගහල, කල්දම්මා ගන්න බලන්න.....2021 වත් වෙනකම් !!!! එහෙම උනොත්නම් නිකම්ම ශේප්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 129 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 277 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1176 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 153 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 359 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 331 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site