IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බැසිල්ගේ යකඩ බට නඩුව අගෝස්තු 9 වැනි දා විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන අගෝස්තු 9 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා තීරණය කළේය.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වුකරුණු සැළකිල්ලට ගැනීමෙන් පසුව නඩුව විභාග කිරීම සඳහා විනිසුරුවරයා මෙලෙස දින නියම කළේය.

2014 ඔක්තොම්බර් 31 වැනි දාත් දෙසැම්බර් 31 වැනි දාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.


මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.


මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.නඩුව ලබන අගෝස්තු 9 වැනි දා සිට විභාග කිරීමට විනිසුරුවරයා  තීරණය කළේය.


පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ සහ ශ‍්‍රවින්ද්‍ර ප‍්‍රනාන්දු යන මහත්වරුන් සමඟ නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
 
 
 
 



අදහස් (7)

බැසිල්ගේ යකඩ බට නඩුව අගෝස්තු 9 වැනි දා විභාගයට

rocky Monday, 04 June 2018 01:12 PM

බලමු.. බලමු... ඕකත් සිරිත් පරිදි කල් යාවිද කියලා. මේ වගේ නඩු කල් දැමිල්ල දැන් විනෝදාංශයක් වගෙයිනේ!

:       5       18

Ajith Nissanka Monday, 04 June 2018 01:52 PM

රාජපක්ෂලාට විරුද්ධව ගොනු කරන නඩු දවසින් දවස කල් දානවා !

:       8       30

මංජුල Monday, 04 June 2018 02:11 PM

ජනතාවගේ හොරාකාපු මුදල් මැරුණාම අපායට අරන් යන්න පෙරුම් පුරන තක්කඩින්ට ලංකාවේ නඩු නැත. අයිතිකාරයෙක් නැති මල්වානේ ගේ ගැන අධිකරණය තවම දන්නේ නැතිව ඇති නේද?

:       7       19

Bamunuarachchi Monday, 04 June 2018 06:02 PM

මම හිතුවේ යකඩ බට ගෙදර ගෙනිහිල්ලා කියලා බලනකොට බෙදල දීල. ඔය විදිහට රජයේ වියදමින් ගෙවල් හදලා දීමත් වැරදී නේද?

:       0       3

rasika Monday, 04 June 2018 06:41 PM

යකඩ බට ගෙදර අරන් ගිහිල්ලද ? ඒවා ජනතාවට ප්‍රයෝජනය සඳහා බෙදා දීල තියෙන්නේ. මේවා නෙමේ , ජනතාව බලාපොරොත්තු උනේ.. අර ඩුබායි වල තියෙනවා කියල මංගල කියපු කොටි ගණන් සල්ලි. ලංකාවේ දල දේශීය නිෂ්පාදනයටත් වඩා වැඩි ගානක් තමා මංගලනම් කිව්වේ. අවුරුදු තුනකටත් පස්සේ අහන්නේ.. සිල් රෙදි බෙදා දීපුවා , යකඩ බට බෙදා දීපුවා

:       0       112

BamunuarachchiTuesday, 05 June 2018 11:12 AM

ඉතින් දෙයියනේ එකනේ රාජපෂලා කීවේ ඒ සල්ලි ගෙනල්ලා ජනතාවට බෙදාදෙන්න කියලා. මංගල 2014 දී කාට හරි මඩපාරක් ගැසුවා වෙලාවේ වාසියට. ඒක අපිට පුදුමයක් නොවයි. ඊට පසු ඔහු එක කියන්නගියේ නැහැ එය බොරුවක් බව එයා දන්නා නිසා.

:       0       2

BamunuarachchiTuesday, 05 June 2018 06:06 PM

එත් හෙචයියෝ ඒ කතාව කරේතියාගෙන යනවා තව අලුත් එකක් ලැබෙනකම්................

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 281 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 324 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 89 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1114 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 284 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 347 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site