IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බසයේ කවුළුවෙන් එළියට දමාගෙන ආ සරසවි සිසුවාගේ අත පාරට වැටෙයි

       
අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්      

                                                                                
ධාවනය වෙමින් තිබූ බස් රථයක පසු පෙළ අසුනක වාඩිවී කවුළුවකින් අත එළියට දමාගෙන ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුගේ දකුණු අත ඉදිරියෙන් ආ ටිපර් රථයක වැදී ගැලවී මහපාරට වැටුණු සිද්ධියක් අද (3) දහවල් රත්නපුර බදුල්ල පාරේ පැල්මඩුල්ල සන්නස්ගම කිරිවැල්දෙනිය හන්දියෙන් වාර්තා විය.


පාරට වැටුණු අත සහ ඒ අත හිමි විශ්ව විද්‍යාල ශිෂ්‍යයා වහාම රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මුලික ප‍්‍රතිකාර කර කොළඹ ජාතික රෝහලට මාරු කර එවු බව රත්නපුර මහ රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ ය.


මෙසේ දකුණු අත ගැලවී ඇත්තේ අගලවත්ත කිතුල්ගොඩ ලිපිනයේ පදිංචි පොරමුව මද්දුමාගේ දොන් ඉසුරු සඳරුවන් නැමැති 23 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ බව පැල්මඩුල්ල පොලීසිය කියයි. 


කොළඹ සිට බදුල්ල හරහා බිබිල බලා ධාවනය වන බස් රථයේ පැමිණි ශිෂ්‍යයා මෙම අනතුරට මුහුණ පා තිබේ.

ඔහු කොළඹින් බස් රථයට ගොඩවී ඇත්තේ බෙලිහුල්ඔයෙන් බැසීමටය. බස් රථයේ පිටුපස ආසනයේ දකුණු පැත්තේ වාඩිවී දකුණු අතේ වැළමිට කවුළුවෙන් එළියට එන ලෙස තබාගෙන පැමිණෙද්දී මේ අනතුර සිදුව ඇත.



අදහස් (6)

බසයේ කවුළුවෙන් එළියට දමාගෙන ආ සරසවි සිසුවාගේ අත පාරට වැටෙයි

Raveendra Sunday, 03 June 2018 09:57 AM

හිතා ගැනීමටවත් අපහසු අනතුරක් ? අනුමාන කළහැකි එකම දෙයනම් ටිපර් රථය හා බස්රථය අතර පරතරය සෙන්ටිමීටර් 10 ත් 20 ත් විය යුතුය. ඇත්තෙන්ම පුදුමාකාර අනතුරකි. කුඩාකල අපගේ දෙමවුපියන් අපට කියාදුන් උපදෙසක් මතකයට නැගෙනවා. පුතේ රථයක යනවිට තම අත් එලියට නොදමන ලෙස.

:       0       165

Jehaan Sunday, 03 June 2018 11:23 AM

අපේ දෙමව්පියන් ඔය උපදෙස අපිට දුන්නා මටත් මතකයි. වන්දනාවේ යන ගමන් බසයේ ජනේලයෙන් ඔලුව දැමු මගේ ලොකු මල්ලි තාත්තගෙන් හොඳ ටොක්කක් කෑවා අදටත් මතකයි . කනගාටුවට කරුණ නම් අද තරුණ පරපුර සියල්ල දත් අයවලුන් නිසා සාමාන්‍ය ජීවිතයේ ඇවතුම් පැවතුම් එදිනෙදා ආරක්ෂාව ගැන මහා අවතක්සේරුවකින් ජීවත් වීමය.

:       50       174

sam Sunday, 03 June 2018 12:50 PM

වුන දේට කණගාටුයි. ඒත් මෝඩයෙක්. දැන් ජීවිතේටම හොඳ පාඩමක ලැබිලා.

:       130       7

ravi Monday, 04 June 2018 08:29 AM

සරසවියට යන්න ඉස්සෙල්ලා.. පාරේ යන හැටි කියල දෙන්න වෙලා තියෙන්නේ...

:       114       16

de silva Monday, 04 June 2018 09:28 AM

උගත්කමත්, බුද්ධිමත් කමත් යනු දෙකකි..

:       73       0

සෙනෙවි Monday, 04 June 2018 01:07 PM

මෙහි ඉහත අදහස් දැක්වූවන් බොහොමයක් අනතුරට පත්වූ තරුණයාට ගැරහීමෙන් තම කුහකකම ප්‍රකාශ කර ඇති බව පෙනේ...

:       0       76

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 30 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 99 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 258 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 528 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 220 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 128 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site