(මනෝප්රිය ගුණසේකර)
අධිකරණයක් හමුවේ කරුණු තහවුරු කිරීම සඳහා අධිකරණයට පිළිගත හැකි හා විශ්වාසය තැබිය හැකි එක්සා ක්කිකරුවෙකුගේ සාක්කියක් වුවද ප්‍රමාණවත් වන නමුත් කරුණු සඟවන හා අසත්‍ය ප්‍රකාශ කරන සාක්කිකාරියකගේ සාක්කි මත පිහිටා විත්තිකරුවෙකු වරදකරු කිරීම නීතීනුකූල නොවන බව මිනීමැරම් නඩුවක විත්තිකරුවකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු එම්.බී.සී.එස්. මොරායස් මහතා සඳහන් කළේය.
මීට වසර 12 කට ඉහත මරදානේදී පුද්ගලයකුට පිහියකින් ඇන මරා දැමීමේ සිද්ධියේ එකම ඇසදුටු සාක්කිකාරිය එම සිද්ධියට අදාළ කරුණු සඟවමින් හා අසත්‍ය කරුණු පවසන අයෙකු බවට නීතීඥ හේමන්ත කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එම සාක්කිකාරියගේ සාක්කි මත පිහිටා කටයුතු කිරීම ප්‍රශ්න සහගත බව සඳහන් කරමින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනොමැති බව සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මරදානේ පදිංචි මොහොමඞ් සියාම්ඞීන් නමැත්තෙකි.
2006 ඔක්තෝම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මරදානේදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කලීල් මොහොමඞ් සස්මි නමැත්තාගේ මරණය සිදුකළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මෙම මරණය සිදුවු බව කියන නිවසේ පදංචිව සිටි ෆරීනා නමැත්තියක් සාක්කි දුන් අතර ඇය මෙම සිද්ධිය ඇසු දුටු එකම තැනැත්තිය බවට සාක්කි ඉදිරිපත් වු නමුත් සිද්ධිය සිදුවු දින මියගිය සස්මි නැමැත්තා කඩයට ගොස් කොත්තුවක් රැගෙන එන විට ඔහු සමඟ පිරිසක්ද පැමිණි බවත් තමා කුස්සියට ගිය විට එහි පැමිණි එක් අයෙකු තමාගේ කට වසාගෙන සිටියදී සාලයේ විවිධ ශබ්ද ඇසුණු බවත් පසු අවස්ථාවක තමා සාලයට ගිය විට සස්මි පිහි ඇණුම් කා බිම වැටී සිටි බවත් පැවසුවාය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හේමන්ත කොඩිතුවක්කු මහතා ඇසු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සස්මි නමැත්තා තමා සමඟ එකට ජීවත්වු බව පොලිසියට හා ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය අවස්ථාවේදී දුන් සාක්කි වලදී හෙළි කොට ඇතත් මහාධිකරණය හමුවේ ඊට පරස්පර අන්දමේ සාක්කි දුන් බව ඇය පිළිගත්තාය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බොරු සාක්කියෙන් විත්තිකරු නිදහස්