IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය තරුණිය අපයෝජනය කළ ලක් තරුණයා හිරේ

 
 
(තිළිණි ද සිල්වා)
 

 
බි‍්‍රතාන්‍ය තරුණියක බියවද්දවා අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ලාංකික සිසුවෙකුට  වසර 12 ක සිරදඬුවමක් නියම කිරීමට බි‍්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් අධිකරණය තීන්දු කර ඇතැයි එරට පළවන මැන්චෙස්ටර් ඊවිනින්ග් නිව්ස් වෙබ් අඩවිය අද (11)වාර්තා කර ඇත.
 
එම සිර දඬුවම් අවසන් වූ වහාම චූදිත ලාංකික සිසුවා එරටින්   පිටුවහල් කිරීමටද අධිකරණය තීන්දු කර ඇත.
 
මෙලෙස සිරදඬුවම් නියම වූයේ බි‍්‍රතාන්‍යයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් සිටි 25 හැවිරිදි ලාංකික සිසුවෙකුටය.   
 
   මෙම සිසුවා අත්අඩංගුවට පත්වූයේ 2016 වසරේ නොවැම්බර් මාසයේදීය. චූදිතයා  තමන්ට අමානුෂීක ලෙස රූපවාහිනී යන්ත‍්‍රයකින් පහරදී ,ලේ වැගිරෙන තුවාල සිදුකර ඉන්පසුව ඒවා තමා විසින් පිරිසිදු කර ගන්නා ආකාරය වීඩියෝ කිරීමේ ආසාවකින් පසුවූ බවද, ඔහුගේ වදයෙන් බේරීමට බැරිම තැන තමන් චූදිතයා ගෙන් පළාවිත් පොලීසියට පැමිණිළි කළ බව ද තරුණිය කියා තිබිණි.



අදහස් (8)

බ්‍රිතාන්‍ය තරුණිය අපයෝජනය කළ ලක් තරුණයා හිරේ

කමල් Sunday, 11 March 2018 04:21 PM

අනේ වඳින්නං ආයෙ මෙහෙට නං එන්න එපා. මේ මනූස්සය නං මනසික ලෙඩෙක් කියල කියන්නත් බෑ . මෙයාව එහෙ තියං ඉඳි තව අවුරුදු පහක් වැඩිම ඊට පස්සෙ මෙයා මෙහෙට එවනව නං මෙයා අපේ රට ජත්‍යයන්තරයෙ ඉහලටම ගෙනිච්ච එකට උපහාරයක් වශයෙන් කෙලින්ම කොහෙ හරි හිරගෙදරක ගාල් කරන්න .

:       0       47

Bimal Sunday, 11 March 2018 06:52 PM

ලංකාවේ මේ ටික වුනා නම් චුදිතයා අප පිට නිදහස් කරලා ඊට පසුව වෙනත් රටකට ගිහින් පදිංචි වෙන්නත් පහසුකම් සලසාවි .

:       0       58

kumar (galf) Sunday, 11 March 2018 07:18 PM

අනේ ඉතින් ධර්මාහ් ද්වීපයෙන් ගිහිපු කොලු පැටියෙක් නේ.

:       63       46

chris Sunday, 11 March 2018 08:25 PM

වෙනත් රටක පුරවැසිබාවය තියන කෙනෙකුට කොහොමද ඒගොල්ලො දඩුවම් කරන්නේ?

:       108       5

රාජුන්Monday, 12 March 2018 06:47 AM

ක්‍රිස්, ඕනැම රටක එම රටේ භූමිය තුල සහ නීතිමය බලය පවත්වන ප්‍රදේශයක සිදු කළ නීති විරෝධී ක්‍රියාවකට විරුද්ධව නීතය ක්‍රියා කිරීමට චෝදිතයාගේ පුරවැසිභාවය බලනොපායි. නමුත් සමහර රටවල් අන් රටවල් සමග නීතිමය ගිවිසුම් ඇති කර ඇති විට සමහර අපරාධ සම්බන්දයෙන් එය එලෙස ක්‍රියාත්මක නොවේ.

:       0       6

nalin Sunday, 11 March 2018 10:36 PM

මේ ෆොටෝ එකේ ඉන්නේ හාමුදුරුකෙනෙක් නේද? ඇයි බුද්ධාගමට අපහස කරන්නේ හේතුවක් නැතුව?

:       7       5

rocky Monday, 12 March 2018 02:48 AM

උපන් බිමටත් අවමන් කරන විලි ලජ්ජා නැති ඒ අමනයගේ නම ගම එහෙමත් එලි කළා නම් තමා හොඳ.

:       0       7

pradeep Monday, 12 March 2018 10:52 AM

එංගලන්තයට දන්නේ නැහැ නීති හදන්න. ඕක ඉතාම සුළු වරදක්නේ.. ඔය වරදකරලා තියෙන්නේ ලංකාවේ ලොකු සල්ලිකරයෙකුගේ පුතෙක්. ලංකාවේ නීතියේ හැටියට මේ පුත්ගලයා වරදක් කරලා නැහැ. අත්වැරදීමක් විතරයි. ඒ නිසා නිදොස් කොට නිදහස් කරනවා. විනිශ්චයකාරතුමා වරද බාරගන්නවා ලැබෙන කුට්ටියේ හැටියට... එහෙම නැතිනම් ඇප දෙනවා. එහෙමත් නැතිනම් අධිසුඛෝපභෝගී බන්ධනාගාර රෝහලට යවනවා. ඕක තමා ලංකාවේ නීති විහිළුව.. ජය වේවා !!!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 697 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 701 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 878 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 382 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4065 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1166 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1467 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site