IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බන්ධනාගාරය සසළ කළ විවාහ බන්ධනයක්

(විනීතා එම්. ගමගේ)

බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය.

30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි.

නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41 හැවිරිදිය. මැගසින් බන්ධනාගාරය  තුළ දී සිදුවූ ඇයගේ විවාහය අවස්ථාවේ මාධ්‍යයට එය ආවරණය කරන්නට අවස්ථාව හිමි නොවු අතර මනාලිය හමුවන්නට මාධ්‍යයට අවස්ථාව ලැබුණේ බන්ධනාගාරයෙන් පිටතදීය.

මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු වන සෙනරත් බන්දුල ලියනාරච්චි වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවක බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඇයට හේතුවක් නැති බවකි. ඇය ඔහුගේ බිරිඳ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට හැකි යැයි ඉහළ නිලධරයා පවසා ඇත්තේ චමිලා අපහසුතාවයට පත් කරන්නටය. 

එම අභියෝගය භාර ගත් චමිලා අවිවාහකයකු වන බන්දුල සමඟ විවාහ වෙන්නට තීරණය කළාය. ඒ අනුව බන්ධනාගාර අධිකාරීගෙන් ද, තවත් නිලධාරින් බොහෝ දෙනකුගෙන්ද ඇය සෙනරත් හා විවාහ වන්නට අවසර ඉල්ලා සිටියාය. නමුත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැත. වසර තුනක් තිස්සේ මේ වෙනුවෙන් ඇවිද ගිය ඇය අවසානයේදී බන්ධනාගාර ඇමැති ඩී.එම් ස්වාමිනාදන් මහතා හමුවන්නට ගියාය.

අමාත්‍යවරයා සහ ඔහුගේ නිලධාරින්ගෙන් ද සහාය මත මෙම විවාහයට අවශ්‍ය සියලූ පහසුකම් සලස්වන ලෙස නියෝග කරමින් අමාත්‍යංශයෙන්  ලිපියක් ද නිකුත් කෙරිණි. මංගල්‍යයට දින නියම වූයේ මේ අනුවය.

බන්ධනාගාර බලධාරින් බන්ධනාගාරය තුළට මනාලිය ගෙන්වා ගත්තේ පවුලේ ඥාතින් මෙන්ම ඇයගේ ආබරණ ඇතුළු ආයිත්තම් රැගෙන ආ කාන්තාවට ද එහි ඇතුළු වීම තහනම් කරමිනි. තම මනාලයාට මේ විශේෂ අවස්ථාවේ පවා අඳින්නට ලබා දී තිබුණේ උසාවි ගෙන යන විට අඳින සරම හා බැනියම පමණක් බව විවාහයෙන් පසු බන්ධනාගාරයෙන් පිටත දී මාධ්‍ය ඇමතූ චමිලා පැවැසුවාය.

විවාහයට අවසර ඉල්ලමින් වසර තුනක් තිස්සේ නිලධාරින් හමුවීමට ගිය බව ද ඇය පැවැසුවාය. 

‘‘මට මගේ විවාහය අවස්ථාවේ ඡායාරූපයක් ගන්න දුන්නේ නැහැ. මගේ විවාහ ඡායාරූපය මගේ අයිතියක්. විවාහය රෙජිස්ටර් කළ රෙජිස්ට‍්‍රාර් මහත්තයා එතුමාගෙ දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. බන්ධනාගාර නිලධාරින් ඒකත් මකන්න කිව්වා. කිසිම ඥාතියකුට ඇතුළට එන්න දුන්නෙත් නැහැ. මේ වැඬේ අවුල් කරන්න සෙනරත් ගේ විවාහය නොකෙරෙන තැනට ගෙනෙන්නට මේ අය කරන්න පුළුවන් හැම දෙයක් ම කළා. මාධ්‍යයට එන්න නොදුන්නා විතරක් නොවෙයි, හැම පැත්තෙන්ම අවුල් කරන්න හැදුවා.

මේ බන්ධනාගාරය ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා සිරකරුවන් ද මනුෂ්‍යයෝය කියලා. ඒකට යටින් ගහන්න  ඕන නිලධාරින් අමනුෂ්‍යයෝය කියලා. 

‘‘මගේ ස්වාමි පුරුෂයා වැලිකඩ සිදුවූ මහා ඝාතනය පිළිබඳ ඇසින් දුටු සාක්කි සපයන සාක්කිකාරයෙක්. මේ නිසාම ඔහුට බැන වැදීම්, තර්ජන වගේම පහරදීම් ද සිදුවෙනවා. මේ විවාහය කඩාකප්පල් කරන්න හදන්නෙත් මේකෙන් ඔහුට ශක්තියක් එන නිසයි. මම ඔහු විවාහ කරගන්නවා විතරක් නොවෙයි ඔහු වෙනුවෙන් පෙනී හිටිනවා. මේ නඩුවේ සාක්කිකාරයෙක් වුණ දවසෙ ඉඳලා ඔහු අනුරාධපුරයට, කුරුවිටට මාරු කරනවා. අනුරාධපුර සිට මැගසින් බන්ධනාගාරයට ගේන්නේ බන්ධනාගාර බස් එකේ හිටගෙන. 

‘‘අද සිට ඔහු මගේ ස්වාමි පුරුෂයා. අදින් පසු ඔහුට ඇඟිල්ලක් හෝ උස්සල තිබුණොත් බලාගන්නම්. කොහොම වුණත් මම වාසනාවන්ත බිරිඳක්. මට හොඳ නිර්භීත සිංහලයකුගේ බිරිඳ වෙන්න වාසනාව ලැබුණා.’’ යැයි ද ඇය කීවාය.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (26)

බන්ධනාගාරය සසළ කළ විවාහ බන්ධනයක්

Priyanjith Thursday, 07 December 2017 09:31 AM

පරණ චිත්රපටියක් තිබුනා 'For a Few Dollars More' කියලා. එකේ දෙවැනි කොටසට සුදුසු කතාවක් මේක. ඩොලර් වෙනුවෙන් කසාද බැදීම.

:       2238       2672

KWMDK Veedagama Thursday, 07 December 2017 09:49 AM

මේ අන්තිම (3) ජායාරූපය සුවිශේෂයි ! එඩිතර කාන්තාවකගේ සුපිරි පෞරුෂය හමුවේ ඉදිරියෙන් සිටින පුරුෂයන් අසරණව සිටින බවකුයි ඇත්තටම පෙන්න තියෙන්නේ !

:       234       242

d.upul Thursday, 07 December 2017 10:07 AM

කරුණාකර සඳහන් කරන්න... මෙයා අවුරුදු 30ට හිරේ ගිය හේතුව.

:       5       119

[email protected] Thursday, 07 December 2017 10:08 AM

ප්‍රියන්ජිත්ගේ කතාව ඇත්ත ! ලංකාව මිරිකලා ඩොලර් ගෝනි ගණන් ඉඩම්, ගෙවල්, දේපල ගන්න ඇමරිකාවට පටවපු ද්විත්ව පුරවැසි අයියලා මල්ලිලා දෙන්නෙක් මේ කතාව පසුබිමේ ඉන්නවා. මොකද නම අඬගහල මරපු හිරකරුවන්ගේ කතාවේ ඇසින් දුටු සාක්කිකාරයෙක් තමයි මනමාලයා! දැන් බයට මේ සීන් එක බලාගෙන ඉන්නවා ඇති... මේ කාන්තාව මොන ගේමක් ගහයිද කියලා !

:       338       503

sanda Thursday, 07 December 2017 10:18 AM

මේ ජර්මන් කෙනෙක්. අනේ මන්ද මල කෝලන්.

:       39       25

පිටිගල මිලානෝ Thursday, 07 December 2017 10:24 AM

මනී ටෝක්ස් කියන්නේ මේ වීරකම් වලට. කෙසේ හෝ කමක් නැහැ බන්ධනාගාර රැඳවියන් කොටසක් පමණක් තෝරා මැරූ මිනීමරුවා අල්ලමු.

:       320       196

Reks Thursday, 07 December 2017 11:27 AM

හිරකූඩුව ඇතුළෙදි සාමාන්‍ය ජීවිතේ කරන්න පුළුවන් හැමදේම කරන්න පුළුවන් නම්, හිරේ දාන එකේ ඇති වැරැද්ද මොකක්ද?

:       3       32

Upali Thursday, 07 December 2017 12:17 PM

මෙයින් පැහැදිලි වන කරුණ නම් යහපාලන රජයක් තිබුණත්, මේ තැන්වල තාමත් තියෙන්නේ පසුගිය බලවතුන්ගේ හොල්මන්ය කියන එකයි.

:       50       198

Sena Thursday, 07 December 2017 01:54 PM

යකෝ අපිටත් හිරේ යන්න හිතෙනවා මේවා දැක්කම...

:       0       13

BamunuarachchiThursday, 07 December 2017 11:19 PM

හිරේ ඉන්න කෙනා ලිහිල් වෙන්න කැමතියි. ලිහිල්වෙලා ඉන්න කෙනා හිරේ යන්න කැමතියි.

:       0       0

rasa Thursday, 07 December 2017 02:21 PM

යටින් වෙන දෙයක් වෙන්නේ. මේ මනුස්සයව බලෙන් අල්ලාගෙන බැඳගෙන එන්ජීඕ කට්ටියට අවශ්‍ය දේවල් කරගන්නයි හදන්නේ.

:       0       51

nimmi Thursday, 07 December 2017 02:24 PM

පිටිගල මිලානෝට මොලේ අමාරුවක්වත් හැදිලද කොහෙද...

:       19       201

erdi Thursday, 07 December 2017 03:15 PM

බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවක්? අද ඊයේ හිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නොවන වග සම්පුර්ණ පුවතේදී පැහැදිලි වෙද්දීත්, රටේ නැති බහුබූත ලියන අයත් ඉන්නවා. මේ මනුස්සය කොයි දිපන්කරේ ඉඳල ආවත් කරන්නේ හොඳ දෙයක්. කෝ අපේ කවුරුවත් හිරකාරයින් වෙනුවෙන් පෙනී සිටිනවද? හිරගෙදරට පැනලා හිරකරුවන් අමානුෂික විදිහට මරලා දැම්මා... ඇහෙන් දැක්ක සාක්කි කරුවන්ටත් වෙඩි තිබ්බ අර අලුගෝසුවෝ හිටියා නම් අද වෙනකොට ඒ අයත් නෑ.

:       126       688

BamunuarachchiThursday, 07 December 2017 11:47 PM

බොහෝදෙනා මෙතන ලියලා තිබෙන්නේ බහුබූත. විවාහය හෝ මෙතන කියවෙන බන්ධනාගාර නිලධාරීන්ගේ පාදඩ වැඩ ගැන නොවෙයි. හැබැයි විවාහය සම්පූර්ණ වුණේ නැහැනේද? ලංකාවේ නීතිය හැටියට පොතේ ලිවීම පමණක් ප්‍රමාණවත්දැයි දන්නා කෙනෙක් කියන්න. නිලධාරියෝ පාදඩයෝය කියා ඔතන ලියවේවි.

:       0       0

senaFriday, 08 December 2017 09:01 AM

මේ මනුස්සයා හිරේ ගිහින් තියෙන්නේ මොකක් හරි කාලකන්නි අපරාධයක් කරලානේ... ඉතින් එහෙම මිනිස්සු වීරයෝ කරන එක ගැන හරිම කණගාටුයි.

:       0       2

BamunuarachchiFriday, 08 December 2017 12:49 PM

මෙතන ඒ මනුස්සයාව වීරයෙක් කරලා නැත. ඔබයි මමයි ඒ පුද්ගලයා ගැන දන්නේ මාධ්‍යය ඔහු ගැන කීදේ පමණි. නමුත් මේ ස්ත්‍රිය මාධ්‍යයට වඩා කරුණු කාරණා සොයාගෙන පාදඩ නිලධාරීන්ට කොකා පෙන්වීමට එම සිරකරුවා විවාහ කර ගත්තේය. එමනිසා සිදුවනදේ සුපරීක්ෂාකාරීව බලා ඉන්නවා හැරෙන්නට තීන්දු දීමට යාම නුවණට හුරු නැත.

:       0       1

ධම්ම Thursday, 07 December 2017 04:13 PM

උඩරට ඔසරිය හැඳ නලල්පටය පළඳන්න මේ ජර්මානු කාන්තාව පිළිවෙත් සපුරා ඇත්දැයි මට නම් සැකයි.

:       0       14

mahinda italy Thursday, 07 December 2017 04:37 PM

උණුසුම් සුභ පැතුම් ඔබ දෙපලට, සුභ අනාගතයක්!!

:       0       0

minipe Thursday, 07 December 2017 05:58 PM

කුමන හේතුවකට සිර දඬුවම් ලැබුණත් මේ ලොව මානුෂික අයිතිවාසිකම් කියලා දෙයක් තිබෙනවා. මේ කසාදයට ඉරිසියා කරන අය තමයි හේතුන් සොයන්නේ.

:       0       1

wasanths Thursday, 07 December 2017 06:17 PM

නිර්භීත කාන්තාවක්... සැමියාට අවුරුදු 30ක හිරදඬුවමක් දීලා තියෙන්නේ... මිනිමරුවෙක්ද? මගේ අදහස නම් අපේ කාලේ හිටපු ලොක්කෝ හරියි කියලා. අපහාස කාරයින්ට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       0

ranavi Thursday, 07 December 2017 08:02 PM

අදාල පුවතට අපි දක්වන ප්‍රතිචාර අදහස් ඇයි මිනිස්සුන්ට නොරුස්සන්නේ? රටේ අසාධාරණයක් වැරැද්දක්, අවනීතියක් කවුරු කලත් එකයි. එතැනදි සිංහලද, දෙමළද, මරක්කලද, වෙනත් ජාතියක්ද, අදාලම නෑ. රනිල්ලා, ෆොන්සේකලා, අනුරලා අතින් වරදක් වුණොත් පතුරු ගහන අපරාධ සාධාරණීකරණය කරන්නේ ඇයි වහල්ලුද?

:       0       0

Bamunuarachchi Friday, 08 December 2017 12:36 AM

"අනේ මන්දා මල කොලම්ලු" ඇයි එහෙම කියන්නේ? මොන හඳහන් බැලුවත් මොන කපුවා යෝජනා ගෙනාවත් බබා කෙටුව විදිහටයි විවාහය සිදුවෙන්නේ. විවාහය පමණක් නොව ජීවිතයේ බොහෝ දේවල් සිදුවන්නේ එහෙමයි. තමන්ට අනතුරු සිදුවීමත් ඒවායින් ගැලවීමත් අහඹු සිදුවීම් නොවෙයි. මහා අනතුරු කීපයක් සිදු වෙන්න ගොස් තප්පර දශමයෙන් බේරුණු නිසා මම විශ්වාස කරනවා ඉෂ්ඨ දේවතාවා නොහොත් ගාර්ඩියන් ඒන්ජල් කෙනෙක් ඉන්නවා කියලා. ජීවිතය අහඹු සිදුවීමක් නොවෙයි.

:       14       4

Chinka Friday, 08 December 2017 01:03 AM

එතකොට මේ ස්ත්‍රිය තමයි තීරණ ගන්නේ. හිරකාර පිරිමියා පඹයෙක්. එකෙන් තේරෙනවා මොනවාද මෙතන උනේ කියල. රටට විරුද්ධ දෙස් විදෙස් එන් ජි ඕ කාරයන් රට තුල එළිපිට ක්‍රියාත්මක වෙනවා.

:       0       12

Dubaigirl Friday, 08 December 2017 01:17 AM

පල්ලියක දෙමල ෆාදර් කෙනෙක් මොකද ඇවිල්ල තියෙන්නේ ? මේ සුද්දී ට මේ රටේ මෙච්චර දෙයක් කරන්න සල්ලි බලය දෙන්නේ කවුද ? මේ සුද්දී කරන්නේ රස්සාවක් . කසාද බැඳිල්ල රස්සාව දීපු හාම්පුතුන් ගේ නියෝගයක්. අපේ කෙල්ලෙකුට පුළුවන් ද අරාබියේ සිරගතව ඉන්න අරාබියෙක්ව කසාද බඳින්න එ් රටවල ඇමතිලගෙන් ලියුම් ගන්න ?

:       0       27

Sampath Friday, 08 December 2017 01:22 AM

මේක තමා එඩිතර හා පැසසිය යුතුයි ක්‍රියාවක්......

:       1       14

Lalith Perera Friday, 08 December 2017 08:17 PM

මේ කාන්තාවට හොඳ ආත්ම ශක්තියක් තියනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 333 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 36 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1745 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 346 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1606 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1566 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site