IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බන්ධනාගාරයට ගෙන ගොස් හෙරොයින් ජාවාරමේ නියැලුණු කාන්තාවක් ජීවීතාන්තය දක්වා හිරේට

(මනෝප්‍රිය ගුණසේකර)
 
වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්‍රැම්  03 ක් ගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු 60 හැවරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද  (17) නියම කළේය.
 
මීට වසර 07කට පෙර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඞ් බාරයට පත් කළ අවස්ථාවේදී විත්තිකාරිය රහස් ප්‍රදේශයේ සඟවා හෙරොයින් බන්ධනාගාරයට ගෙන ගොස් ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකාරියට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ශ්‍රියානි මාලා සේනානායක නමැති 60 හැවරිදි කාන්තාවකටය.

2013 අගොස්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේදී හෙරොයින් ග්රූම් 03.06 ක් ලඟ තබා ගැනීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී වෙනත් වරදක් සම්බන්ධයෙන් සැකපිට විත්තිකාරිය මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඞ් බාරයට පත් කළ අවස්ථාවේදී ඇගේ රහස් ප්‍රදේශයේ සඟවා හෙරොයින් බන්ධනාගාරයට ගෙන ගොස් ඇති බව හෙළි විය.

බන්ධනාගාරයට ඇතුල් වන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ඇය පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඇගේ රහස් ප්‍රදේශයේ යම් පාර්සලයක් සඟවාගෙන සිටින බව නිරීක්‍ෂණය වී ඇති බවත් ඒ අනුව සිදුකළ පරීක්‍ෂාවකදී පොලිතීන් කවරයක අසුරා සඟවාගෙන සිටි කුඩු පැකැට් 217 ක් සොයා ගෙන ඇති බවත් හෙළි වු අතර එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම් 03.06 ක් තිබී ඇතිබවත් රජයේ රස පරීක්‍ෂවරයා විසින් දැනුම් දෙන ලදී.

ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් එම චෝදනාවන්ට ඇය වරදකරු බව විනිසුරුවරයා  තීරණය කළේය.
 
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින් ඇය වයෝවෘද්ධ වයසේ පසුවන හෙයින් ඇයට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ සළකා බැලු විනිසුරුවරයා ඇයට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් විසින් නියම කළේය.



අදහස් (3)

බන්ධනාගාරයට ගෙන ගොස් හෙරොයින් ජාවාරමේ නියැලුණු කාන්තාවක් ජීවීතාන්තය දක්වා හිරේට

sharm warn Wednesday, 17 June 2020 11:10 AM

මීගමුවේ ඉන්න රැඳෙවියන්... එක්කෝ ඕනෑ නැහැ.

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 01:40 PM

කුඩු ප්‍රශ්ණය මොකක් වුණත්, මේ රටේ කාන්තාවකට සිතන්නවත් පුළුවන් ආකාරයකට මේ ගෙනිහින් තියෙන්නේ... අනේ මන්දා .. මේවා දිගට පුරුදු වුණොත් කාන්තාවක් ගමන් ගිහිල්ලා බොරු. ලැජ්ජාවේ බැරිවෙනවා පරීක්ෂා කිරීම් වලදී.. කාන්තා සංවිධාන මේ ගැන අවධානය යොමු කිරීම වැදගත්.. අනෙක් කරුණ නම් සමහර බන්ධනාගාර නිලධාරීන් මේ අයුරින් යම් යම් දේ ගෙනියනවා වෙන්නත් පුළුවන්. එස්.ටී.එෆ්. එක දමා ඉඳහිටවත්, ඒ අයවත් චෙක් කළොත් නේද හොඳ..? නෑ මං නිකමට කිව්වේ..

:       56       117

Gagana Wednesday, 17 June 2020 03:04 PM

කොහොම කුඩු බීවද මන්දා..?

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1916 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 986 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 775 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 368 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 634 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 574 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site