IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බොදු බල සේනා සංවිධානයෙන් අගවිනසුරුට ලිඛිත පැමිණිල්ලක්

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අපහාස කිරීම සහ නීතීඥ වෘත්තීයට නොගැලපෙන ලෙස කටයුතු කරන නීතීඥ අජිත් ප‍්‍රසන්න සම්බන්ධයෙන් සුදුසු සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානය අගවිනසුරුවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත අද (15) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
 

රාජගිරිය ,නාවල පාරේ ,අංක 615 දරණ ස්ථානයේ පිහිටි බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක පූජ්‍ය පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි විසින් අගවිනිසුරුවරයා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූහ.
 
ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.
 
රටේ හදිසි නීතිය පවතින අවස්ථාවක හබුරුගල , රත්තොටුවිල පාර , දොඩම්ගොඩවත්ත , අංක 241 ස්ථානයේ පදිංචිවන සිටින උක්ත නීතීඥවරයා ඉකුත් 5 වැනිදා සහ 8 වැනිදා කාලය තුළ අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හරිමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගාඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන සැලසුම් සහගත වෛරී ප‍්‍රකාශ නිකුත් කරමින් සීට.
 
එසේම එම නීතීඥවරයා එලෙස මුදාහරින වීඩියෝ පට තුළින් මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් තර්ජනය කිරීම් , අධිකරණ තීන්දු වැරදි බව සමාජගත කිරීමට උත්සාහ කිරීම , නීතියෙන් දඩුවම් ලැබූවෙනුට තවදුරටත් අපහාස කිරීමට අධිකරණ තීන්දු උපයෝගි කර ගැනීම ආදී ලෙසින් නීතීඥවරයෙකුට කිසිදු ආකාරයකින් නොගැලපෙන ලෙස කටයුතු කරන බවද පෙන්වා දේ.
යම්කිසි පුද්ගලයෙකු පිළිගත් අධිකරණ පටිපාටියකින් වරදකරුවෙකු ලෙස ඔප්පු කරන තෙක් අදාළ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකීමේ , නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනයකට ගරු කිරීම නීතීඥවරුන් සතු මූලික වගකීමක්ව තිබියදී , පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි 2014 හෝ ඉන් අනතුරුව ජාතිවාදී ගැටුම් වලට සම්බන්ධවීම් පිළිබඳව කිසම අධිකරණයක් වරදකරුවෙකු ලෙස ඔප්පු කර නැති අවස්ථාවක උක්ත නීතීඥ වරයා උන්වහන්සේට  අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවද පැමිණිල්ලේ සඳහන් වේ.
 
එබැවින් අජිත් ප‍්‍රසන්න නැමැත්තා නීතීඥවරයෙකු ලෙස තවදුරටත් ක‍්‍රියා කිරීමට සුදුසු නොවන බව අප සංවිධානයේ හැඟීම වන හෙයින් ඔහු සම්බන්ධයෙන්  සුදුසු සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි අගවිනිසුරුගෙන් ඉල්ලා සිටී.



අදහස් (8)

බොදු බල සේනා සංවිධානයෙන් අගවිනසුරුට ලිඛිත පැමිණිල්ලක්

Devani praba Thursday, 15 March 2018 02:16 PM

මුස්ලිම් ජනතාව අනුවණ නැහැ. දැන් සේරම දේවල් ටික දැනගත්තා.

:       28       1

සතයපාල Thursday, 15 March 2018 02:19 PM

හාමුදුරුවන්ට අපහාසයක් වුනානම් අග විනිසුරුට ලියුම් ලියන්නේ නැතිව අපහස නඩුවක් දාන්නනේ තියෙන්නේ බොරුවට රඟන්නේ නැතිව...

:       43       5

BamunuarachchiSaturday, 17 March 2018 08:13 AM

අපි ඉස්කෝලේ ඉගෙනගත්තේ... වැරැද්ද පන්තිය භාර ගුරුවරයාට කියන්න. රජයේ රැකියාව කරනකාලේ කියලා දුන්නේ ලඟම ඉන්න බොස්ට පැමිණිලි කරන්න. නැතුව දෙපාර්තමේන්තු ප්‍රධානියා ගාවට යන්න නොවෙයි. ඔබහරි හාමුදුරුවනේ..., ඊයේ, පෙරේදා පිහාටු ආපු අය අපිට පියාඹන හැටි කියලා දෙන්න එනවා.

:       0       43

Devani praba Thursday, 15 March 2018 02:38 PM

අරාබි රටවල ජීවත් වෙන බෞද්ධ ජනතාවට මොකද වෙන්නේ?

:       0       38

thamindu dulvan Thursday, 15 March 2018 02:42 PM

මේ රටේ ආණ්ඩුවෙන්ද අපක්ෂපාති පරීක්ෂණ ඉල්ලන්නේ...?

:       0       17

ජේසුදාසන් Thursday, 15 March 2018 03:08 PM

අන්න එහෙම නීතියෙන්ම ඔය මානයෙන් ඉදිමුණු නීතිඥයන්ට දඬුවම් කරන එක හොඳයි.

:       0       57

පෙරුමාල් Friday, 16 March 2018 03:17 AM

කෙනෙකුට තවත් කෙනෙකුට අපහාස කරන්න බෑ. තමන්ට අපහාස කර ගන්නෙ තමන්මයි.........

:       0       0

Darshana Friday, 16 March 2018 04:28 AM

හොද දෙයක් ...

:       2       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 171 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 756 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 632 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 565 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 286 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 728 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site