IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


බුදු දහමේ හර පද්ධතීන් ආරක්ෂා කරගෙන ඉදිරියට යෑම අපේ වගකීමක්

හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට

උතුම් බුදු දහමේ හර පද්ධතීන් ආරක්ෂා කරමින් ජන ජීවිත දියුණු කරමින් ඉදිරියට යෑමේ යුගයේ සුවිශේෂී වගකීමක් සහ අභියෝගයක් අප සියලු දෙනා හමුවේ ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (27) පස්වරුවේ පැවැසීය.

අද රට නොයෙක් අභියෝගවලට මුහුණ දී ඇතැයි ද එම අභියෝගවලින් ජයගැනීමට මෙන්ම පුද්ගල සංවර්ධනයට ද බුදු දහම මග පෙන්වා ඇතැයි ද විජයවර්ධන මහතා කීය.

විජය පුවත්පත් සමාගම වාර්ෂිකව සංවිධානය කරන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එම කරුණු කීය.

තන්තිරිමලේ ඓතිහාසික රජමහ විහාරය කේන්ද්‍ර කරගනිමින් විජය පුවත්පත් ආයතනය පවත්වන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ මෙවර පවත්වනු ලැබුවේ 15 වැනි වරටය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීය. 

‘‘පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජන සමාජය විශාල පරිවර්තනයකට ලක් කළ දිනයක්. අපි සමරන පොහෝ අතරින් ඉතාමත් වැදගත් පොහෝය දිනයක් ලෙස පොසොන් පොහෝය පෙන්වා දිය හැකියි. 

පොසොන් පොහෝය ශ්‍රී ලාංකික අපට ඉතා වැදගත්. අපට මේ සුවිශේෂී හා උතුම් බුදුදහම ලැබුණේ පොසොන් පොහෝය වැනි දිනකදී බව සිහිපත් කළ යුතුයි.  ඒ වගේම බුදුදහම ලැබීමෙන් අනතුරුව අපේ ජනසමාජය විශාල පරිවර්තනයකට ලක්වුණා. නිර්මාණාත්මක ජනසමාජයක් බවට අපේ ජන සමාජය පත්වුණා. 

මිහිඳු හිමියන් බුද්ධ ධර්මය පමණක් නොව මෙවැනි පොසොන් පොහෝය දිනක ලංකාවට මහා සංස්කෘතියක් නිර්මාණය කරන මාර්ගයක් රැගෙන ආවා.

බෞද්ධ ජනතාව ලෙස අපට යුගයේ සුවිශේෂී වගකීමක් හා අභියෝගයක් පැවැරී තිබෙනවා.

බෞද්ධ හර පද්ධතීන් ආරක්ෂා කර ගන්නා ගමන් අපේ ජනජීවිත දියණුව කරා ගෙන යමින් ඉදිරියට යෑම එම අභියෝගය සහ වගකීමයි. ඒ සඳහා අපි අධිෂ්ඨානශීලිව කටයුතු කළ යුතුයි. 

අද අපේ රට විවිධ අභියෝගවලට මුහුණ දී සිටිනවා. ඒ අභියෝගවලින් ජයගැනීමට මෙන්ම අපේ ජීවිතවල පුද්ගල සංවර්ධනයට ද බුදු දහම ඉතා විශිෂ්ට මාර්ගයක් පෙන්වා දී තිබෙනවා. ඒ මාර්ගයේ ගමන් කිරීමෙන් රට ලෙසත් පුද්ගලයන් ලෙසත් ඉදිරියට යා හැකියි. එසේ නොමැතිව අපට ඉදිරි ගමනක් නැහැ.

අද වැනි පොසොන් පොහෝය දිනක අපි ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. 

තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්ගේ අනුශාසනා හා මගපෙන්වීම යටතේ මේ පිංකම ආරම්භ කළේ ඉතා දුෂ්කර පසුබිමක බව අපි සියලු දෙනාම දන්නවා. මේ ආලෝක පිංකම අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳව මගේ ආදරණීය පියාණන් විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාට හා එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුලු සියලු දෙනාට ගෞරවය හා කෘතඥතාව හිමිවිය යුතුයි. ඒ ගැන විශේෂ ස්තූතියක් පිරි නැමිය යුතුයි.

ආලෝක පූජාව පැවැත්වීම ඉතා විශාල පිංකමක්. “දීපදෝ හෝති චක්කුදෝ” කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආලෝක පූජා පැවැත්වීම මගින් පෙනීම වර්ධනය වෙනවා යන්න එහි අදහසයි.

වාර්ෂිකව පවත්වන මේ ආලෝක පූජාව මගින් මුළු මහත් පරිසරයම ආලෝක වූවා වගේ මේ ආලෝක පූජාවේ අනුහසින් අපේ බෞද්ධ ජනතාව ද ඇතුව සමස්ත ජනතාවගේ ජනජීවිතය ධර්මයෙන් ආලෝකමත් වේවායි මා ප්‍රාර්ථනා කරනවා”. 

 



අදහස් (6)

බුදු දහමේ හර පද්ධතීන් ආරක්ෂා කරගෙන ඉදිරියට යෑම අපේ වගකීමක්

Mahee Wednesday, 27 June 2018 08:33 PM

අපේ වගකීමක් නම් තමයි, ඒ වුනාට ඒ 'අපේ' කියන ගොඩට අපේ බොහොමයක් ලොකු හාමුදුරුවරු අයිති නැද්ද කියලත් හිතෙනවා.

:       106       212

lalithsjm Thursday, 28 June 2018 05:21 AM

ඔබතුමා ඔහොම කීවට යහපාලන රජය ඒ බව කොහෙත්ම තේරුම් අරන් නෑ නේ. ගණන් ගන්නෙවත් නෑ නේ.

:       0       153

කුමාර් (ගල්ෆ්) Thursday, 28 June 2018 05:48 AM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටේකුත් ටිකක් ඔනාලු, හත් පට්ටේ නම් හොහාගන්න පුළුවන්ලු ඒඋනාට ටික තමයිලු ප්‍රශ්නේ!

:       0       213

nuwan Thursday, 28 June 2018 05:56 AM

චන්දයක් ලග එනව වගේ.බුදු දහම,බෞද්ධ අපිව මතක් වෙන්නේ චන්දෙ ලග එනකොට.

:       0       0

kap Thursday, 28 June 2018 06:47 AM

රට පාලනය කරන්න ඉන්න අය බන කියනවා. බන කියන්න ඉන්න කට්ටිය දේශපාලනය කරනවා. අපි මේ අයගේ බයිලා නාට්ටිය බලාගෙන ඉන්නවා. ලංකාවේ බුද්ධාගම වල පල්ලට යනවා.

:       0       206

kalani Thursday, 28 June 2018 07:33 AM

'ගෞතම ශ්‍රාවක වූ යම් කෙනෙකුගේ චිත්ත සන්තානයෙන් දිවා රාත්‍රී දෙකෙහි බුද්ධගත සතිය පවත්නේ නම් ඒ අය සැමදා සුවසේ නිදා සිට පිපෙන නෙලුම් මලක් සේ සුවසේ අවදිවෙයි '. ධම්ම පදය පැහැදිලිව කියයි. සමාධිගත වූවකු සේ සුවසේ නිදාගැනීම, මලක් සේ සුවදවත්ව පිබිදීම, එකිනෙකා ප්‍රිය මනාපවිම ආදී අනේකවිධ ආනිශංස බුදුගුණ සතිය වැදීමෙන් අත්විදිය හැකි බව බෞද්ධ ජනතාවට තේරුම් කරදීමේ වැඩ පිළිවෙලක අවශ්‍යතාවය මතුව තිබේ. බුදුගුණ නිතර සිහිපත් කරවීමෙන් සිත පිරිසිදුව උපදින රූපකලාප නිරෝගී ප්‍රසන්න රූප බැවින් රෝගාබාධ රහිත ශ්‍රී ලාංකික ජාතියක් බිහිකර ගත හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 419 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 186 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 748 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 581 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 606 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1749 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site