IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 66ක්

(තරිදු ජයවර්ධන සහ ඩයනා උදයංගනී )
 

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය මගින් අද  කතානායක කරුජයසූරිය මහතාට  දුන්නේය.

එම යෝජනාවට පක්ෂව අත්සන් 66 ක් ලැබී තිබේ.

රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ  චෝදනා 10කින් යුත් මෙම  විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන උදය ගම්මන්පිල මහතා ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් කතානායක කරු ජයසූරිය මහතාට අද (16) භාර දුන්හ.



අදහස් (25)

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 66ක්

මම නොවන මම Thursday, 16 May 2019 06:33 AM

මෝඩ චූන් කියන්නෙ මේවට තමයි. ඇමතිතුමා වැරැදි වැඩක් කරල තියනවනම් ඒකට නීතිය අනුව කටයුතු කරන්න ඕනෑ. මේවගේ වැඩ වලින් වෙන්නේ තවත් මිනිස්සු ඇවිස්සෙන එක.

:       5956       1416

kap Thursday, 16 May 2019 06:39 AM

නායක තුමා අත්සන් කරාද ? අනිවා මේක හරියට කරලා නැහැ කියලා නිෂ්ප්‍රභ කරයි.

:       10       926

shiro Thursday, 16 May 2019 06:55 AM

මේ ඇමතිතුමා සම්බන්දව මුලු සමාජයේම විශ්වාශය භංගවෙලා තියෙන්නේ. ඒත් ඇමතිවරුන්ට මෙයාව විශ්වාසයිලු. පාර්ලිමෙන්තුව කියන්නේ සමාජයේ නියෝජනයක් නෙමෙයිද? අනේ අපේ පාර්ලිමෙන්තුවේ බහුතරයකට මෙතුමගෙන් මොන වශීකර්මයක් කරලද මන්දා. සමාජයටම එපා උනත් එයලට එපා වෙන්නෙ නෑ

:       420       1532

BamunuarachchiThursday, 16 May 2019 11:17 PM

ඇමති අයින් කරන්න ඡන්දය දුන්නොත් මුසල්මානු ඡන්දය මොවුන්ට ලැබෙන්නේ නැතිනිසා මොවුන් අකමැත්තෙන් වුවත් ඇමති අයින් කරන්න ඡන්දය දෙන්නේ නැත...

:       0       0

Sudelmi Thursday, 16 May 2019 07:24 AM

මම ගම්මන්පිලටත් විමල්ටත් කිසිම කැමැත්තක් නෑ... නමුත් මංගල, හිස්බුල්ලා, අසාද් සාලිට විරුද්ධව විශ්වාසභංග ගෙනාවොත් මැරෙන කම් මේ දෙන්නට ඡන්දේ දෙනවා.. මොකද මේක අපිට හොඳ අවස්ථාවක් අපේ රටට ආදරේ කරන්න 225 තෝරාගන්න. මට පුළුවන් හැමදේම කරනවා... රටට ආදරය කරන මිනිස්සු ඊළඟ පාර්ලිමේන්තුවට යවන්න. පුලුවන් නම් රනිල්ට, සිරිපාලට දෙවනුව විශ්වාසභංග ගේමු..

:       0       0

Wasudewa Thursday, 16 May 2019 07:24 AM

විශ්වාසභංගයකින් හරි මොනයම් විදියකින් හරි බදියුදීන්ව ඇමතිකමින් අයින්කරන්න. මොකද මේ අය ඇමති වරප්‍රසාදවලින් තවුහීත් ජමාත් එකට උදව් කරනවා සහ මහා පරිමාණ විල්පත්තුවේ ජනසමූහයක් එහෙ හොරෙන් පදිංචි කරනවා. මේක පාලකයින්ට කොතරම් කිව්වත්, බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ කිසිම වැඩක් නැහැ. මේක ජාතික මෙහෙවරක්.

:       0       0

දිලුම් Thursday, 16 May 2019 07:26 AM

නොදෝකින්' මේ වෙලාවේ ගැටුම නැවත්වීම හා නැවත හිස නොඑසවීමට කළයුතු දේවල් හැර අනිත් ඔක්කොම මොවුන් කරනවා. ඔය කාලකන්නි 225නේද ඔය විශ්වාස භංගෙට අන්තිමට ඡන්දෙ දෙන්නේ. එ්කෙන් කොහොමද මෙයා වැරදිද නිවැරදිද කියලා කියන්නේ... මෙයා වැරදි බව හා තව අය ඉන්න බව හොඳටම ඔප්පුවෙලා තියෙද්දි මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකර සී.අයි.ඩී වැනි අදාල පාර්ශවයන්ට එය ක්‍රියාත්මක කරන්නට බලය නොදී මොවුන් මේ දාන මෝඩ චූන් මොනවද? නිසි ක්‍රියාමාර්ග ගන්නට බල කරපියව්. එහෙම නැතුව 225ක් වැනි බලයට කෑදර හා තම්බින්ගෙන් සල්ලි ගත් අයට කරන්නට පුළුවන් ඉටිගෙඩියක් නෑ. ඔක්කොම උන්ගෙන් ගත්තු කුට්ටිවලට ණයයි.

:       0       0

සනොජ් හලාවතගේ Thursday, 16 May 2019 07:32 AM

රිෂාඩ් ඇමතිතුමා කිසිම වරදක් කරලා නෑ. මේ විපක්ෂය පහුගිය දින 52 එතුමා ඔවුන්ට එකතු වුනේ නැති නිසා පලි ගන්නවා. මේක අර අයිසිස් ලා කරපු බලු වැඩක් මිසක් මේ රටේ කිසිම් මුස්ලිම් ඇමතිකෙනෙක් සම්බන්ධ නෑ. ආණ්ඩුව සම්බන්ධ නෑ. මේක ජාතිවාදී අරගලයක් කරන්න විපක්ෂය කැස කවනවා.

:       0       0

පැස්කුවල් Thursday, 16 May 2019 07:41 AM

එතකොට අර දේශප්‍රේමී රට බේරාගන්නට යන කණ්ඩායම? එකේ නායකවරු සහ මහා නායකවරු?

:       0       0

Mohamed Thursday, 16 May 2019 08:10 AM

මන්ත්‍රීවරු 225 ටම විශ්වාසභංග ගෙනාවත් කිසිම අවුලක් නැහැ .

:       131       259

Chris Thursday, 16 May 2019 08:21 AM

මේ විකාර ඕනේ නැහැ...... මැතිවරණයක් ඉල්ල ගන්න.... කාට කාටත් මහජනතාව විශ්වාස භංගය පෙන්නාවි...

:       0       385

සේනාරත්න Thursday, 16 May 2019 08:25 AM

එවගේම විශ්වාසය භංග වූ කෙනෙන් විසින් භාරදීම තමා විහිලුව...එකට ආණ්ඩුව කරනකමිම දෙන්න පුලුවන් හැමදේම දීල ශක්තිමත් කරල..දැන් තමන්ගේ රැහේ නැති නිසා අවස්ථාවාදී දේශපාලන වාසියට මිසක් රටට ආදරයට කරන දෙයක් කියලනමි මෙිකට කියන්න එපා..සුදු ඇන්දට චරිත කලුයි...

:       0       0

Rata Perata Thursday, 16 May 2019 08:31 AM

ඔය භාරදෙන අයත් හොඳ මිනිස්සු නෙමෙයි ඉතින්. මේවා ඔක්කොම බොරු සංදර්ශන.

:       0       0

Kumara Thursday, 16 May 2019 08:37 AM

ඔබතුමාලා 225 දෙනාගෙම විශ්වාසභංගවෙලා තියෙද්දී තවත් මොන භාගද? රටේ මිනිස්සුන්ට තවත් පව් නොදී ගෙදර ගියා නම් තමයි වඩාත්ම හොඳ...

:       0       0

Duminda Thursday, 16 May 2019 08:43 AM

මේ වගේ වනලා එලෝ විකාරෙන් මෙලොව අතගානවා වගේ ගෙනත් තියෙන ජාතියේ දෝෂාභියෝග නම් ඕකේ ඉන්න 225ටම ගෙනාව හැකියි. මේක අපිව අන්දන්න ගෙනාව එකක්. තවත් පට්ට ගොන් ජෝක් එකක්. බලපල්ලා ඕක වැඩක් වෙන්නේ නැහැ. බදුර්දීන් එක්ක කතාවෙලා අපේ හොර දේශප්‍රේමීන් අපිව අන්දන්න කරන බොරුවක්. මේ කමෙන්ට් එකට වල්ගේ පාග‍ා ගන්නේ නැතිව ඉවසලා ඉඳලා බලාපියව්....

:       0       0

සනත් ඉතාලිය Thursday, 16 May 2019 08:47 AM

අයියෝ වැලේ වැල්නැතුව ඉන්න ආණ්ඩුවට ඔක්සිජන් දෙනවා දැන් මේක පරාජය වුණු ගමන් පොහොට්ටුව නිකන්ම ජාතිවාදී වෙනවා. බදුර්දින් හිටියට වඩා හොඳින් එයාගේ කාරිය කරගෙන යනවා.

:       0       0

nalin Indika Thursday, 16 May 2019 09:14 AM

රාජපක්ෂවරු අස්සන් කරලද බලන්න

:       0       0

palitha Thursday, 16 May 2019 09:58 AM

ලංකාවේ කොහෙද ඇමතිලා ඉන්නේ බොලව්, හරක් මිස......

:       0       557

රංගජීව Thursday, 16 May 2019 11:23 AM

පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම කියලා පපුවට ගහගන්න එක්කෙනා අත්සන් කරලා නෑ නේද?

:       0       0

Hafeel Thursday, 16 May 2019 11:54 AM

බලමු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙනවද නැද්ද කියල. මේ විශ්වාසභංගය ගෙනාපු මේ උදවියම, මීළඟ ආණ්ඩු පිහිටුවන්න පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මදිවුනාම,

:       0       0

Raveendra Thursday, 16 May 2019 11:59 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. නිකම්ම නිකං හරක් නොව කුළු හරක් .

:       0       0

sirimal Thursday, 16 May 2019 02:22 PM

අර දවස් 52 කේ ආණ්ඩුව පිහිටුවන්න බහුතරය ගන්න කෝටිගණන් දීලා ඔය කියන සමහර කට්ටිය බාගන්න කොට මොකද දන්නේ නැහැ මේ ගොල්ලෝ මොනවත් කලේ නැත්තේ...? වරුවේ ඇමතිකම් එහෙම ලැබුණු නිසාද?

:       0       0

Nalaka Thursday, 16 May 2019 04:08 PM

අය්යෝ 66යි ද අත්සන් කලේ. 159ක් ම අත්සන් කරලා නැහැ. මේකෙන් පේනවා මෙයාට තියන සහය

:       0       0

Bamunuarachchi Thursday, 16 May 2019 11:20 PM

පේන්නේ නැද්ද ඇමතිලා නොවෙයි ඉන්නේ ඇමැතිතුමාලා. මෙහෙව් රටකට හරියාවිද?

:       0       0

Herath Friday, 17 May 2019 04:57 AM

මෛත්‍රීයි මහින්දයි එකතුවෙලා අගමැති එක රැයින් අයින් කලේ. මෙයාට එහෙම කරන්න බැරි ඇයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 29 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 306 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1706 3

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 190 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 632 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 989 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site