වැසි සහිත කාලගුණක තත්ත්වය හේතුවෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් අනපේක්ෂිත අයුරින් ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පවතින අවදානම හේතුකර ගෙන මෙම තීරණය ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
කලගුණ විද්‍යා දෙපාර්තමේන්තු තොරතුරු අනුව ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය වැඩි වීමේ තත්ත්වයක් පවතින හෙයින් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම පියවර ගෙන තිබේ.
මේ කාලයේදී උද්‍යානය වෙත පිවීසීමෙන් වළකින ලෙස මහජනතාවට දැනුම් දෙනු ලබන නාගරික සංවර්ධන අධිකාරීය වැඩි දුරටත් පවසනුයේ වැසි සහිත කාලගුණික තත්ත්වය පහව ගිය පසු නැවත උද්‍යානය මහජනතාවට විවෘත කරන බවයි.
(36698)
යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දමයි