IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරු සිව් දෙනාට ඇප

(නිමන්ති රණසිංහ)

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනීසිටි භික්ෂූන් වහන්සේ සිව් නමක් රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ    කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය  අද (3) නියෝග කළාය.

 

ඒ අනුව මෙලෙස ඇප මත මුදා හැරුණේ බෙන්ගමුවේ නාලක හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මාගල්කන්දේ සුදන්ත හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන ස්වාමින් වහන්සේ ඇතුළු සැකකරුවන් ය. 

 

ඉකුත් 2017 වර්ෂයේ දී සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවට කොල්ලූපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් සිකුරාදා දිනයේදීය.

 

එහිදී පොලිසිය අධිකරණයට කළ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරනු ලැබිණි.

 

එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස හඳුනාගෙන සිටි අගුලූගල්ලේ සිරි ජිනානන්ද හිමියන්ගේ  වරෙන්තුව නැවත කැඳවීම ඉකුත් සිකුරාදා දින සිදුවිය.



(36698) ( ඡායාරූපය - ලහිරු හර්ෂණ )



අදහස් (9)

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරු සිව් දෙනාට ඇප

rohana Monday, 03 September 2018 07:36 AM

මෙවැනි අය අවුරුදු 10 කට හිරේ දාන්නයි තියෙන්නේ... කතා කරන්න දන්නේ නැති කෙනෙක්...

:       833       773

DarshanaMonday, 03 September 2018 10:53 AM

මේ වගේ අමන කතා කියන අය ඉන්නකන් මේ රට මේ යහපාලකයෝ අගාදයට යවනවා.

:       42       21

sirimal Monday, 03 September 2018 08:29 AM

ඕකටත් ඉතින් කියයි මොනවා හරි කට කැඩිච්ච කතාවක්. "බණදී වුනත් කියන්නේ මේ ආණ්ඩුව එලවා දාන්න කියලයි" කියන මේ ස්වාමින් වහන්සේලාගේ කටයුත්ත අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන එක නෙවේ. ආණ්ඩු පෙරලලා තමන්ට වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් නැවත බලයට ගේන එකනේ. ඉතින් මෙනවද තව කතා...?

:       122       130

jayasekara Monday, 03 September 2018 08:58 AM

රෝහණ, එහෙනම් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වාරියපොළ ශ්‍රී සුමංගල හිමි තාමත් හිරේ. අපි තාමත් සුද්දගේ යටතේ... මතක තියාගන්න මේ හැම භික්ෂුන්වහන්සේ නමක්ම රට, ජාතිය, ආගම වෙනුවෙන් සටන් කරන අය, කතා කරන අය.

:       271       275

sirimalMonday, 03 September 2018 10:13 AM

ඔතන ඉන්න එක ස්වාමින් වහන්සේ නමක් නම් යුද්ධය පවතී කාලයේ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය වැඩිදියුණු කිරීම උදෙසා අමිල සේවාවක් ඉටුකළ ස්වාමින් වහන්සේ නමක්. නමුත් දැන්උන් වහන්සේ ඇතුළු මේ සියලුම දෙනාගේම ඒකායන අරමුණ වෙලා තියෙන්නේ දුෂිත පාලකයෙක් නැවත බලයට පත් කිරීමයි. මෙම අරමුණ පිටුපස ඇති යථාර්ථය කවුරු පිලි ගත්තත් නොගත්තත් දකුණේ වීම, බෞද්ධ වීම, සිංහල වීම වැනිදේ ප්‍රධාන කොටගත් ඉතාම සංකීර්ණ පැටලිලි සහගත දෙයක්. එය විස්තර කිරීමට පිටු දහස් ගණනක පොතක් ලීවත් මදි වෙයි.

:       97       151

BamunuarachchiMonday, 03 September 2018 02:08 PM

ඔය කාගෙවත් නොවේ හලෝ මෙරට අපේ වීම. දැනට අවුරුදු 500 පෙර මේ රට කාගේද? මෙරට සිංහලයාගේ නම් ඔහේ කියන්නේ පිටින් පැමිණි එවුන්ට රටදී අපි උන් සමග සමවෙන්න කියලද? ඒ මොන නිවට අදහසක්ද?

:       0       1

amila Monday, 03 September 2018 09:09 AM

ජරාම ජරා වැඩක්, හොඳ වැඩේ ඇතුලට දාන එකයි... වැඩිය දඟලන්න දෙන්න හොඳ නැහැ. බුද්ධ පුත්‍රයින් නොවන නිසා බැඳලාවත් දාන්න වෙනවා.

:       162       140

sadis Monday, 03 September 2018 09:22 AM

පොහොට්ටුවක් පිටුපසට කරගෙන මේ කට්ටිය නටන නාඩගමෙන් බුදුහාමුදුරුවන්ටත් නිගාවක් වෙන්නේ!

:       42       116

Bamunuarachchi Monday, 03 September 2018 02:15 PM

"පොහොට්ටුවක් පිටුපසට කරගෙන මේ කට්ටිය නටන නාඩගමෙන්.." මේ ගොල්ලෝ නටන්නේ පොහොට්ටුව ඉදිරියෙන්. අපේ හාමුදුරුවරු ඉදිරියට එන්න කවමදාකවත් බය වුනේ නැත. ඒ මේක අපේ රට නිසා. සිංහලයා කොහෙන්වත් පාත් වුණු ජාතියක් නෙවෙයි. නිවට සිංහලයෝ හිතාහෙන ඉන්නවා සිංහලයා ඉන්දියාවෙන් අාවා කියලා තවත් නිවටයෝ හිතාගෙන ඉන්නවා. විජයන් කියන කල්ලතෝනියාගෙන් පැවත එනවා කියලා ඒ අයගේ කශේරුකාවක් නොමැති වීමයි. හිතන්න බැරිවීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 411 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 858 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1010 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 688 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 183 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1843 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site