(දයාරත්න ඇඹෝගම)
පළාත් සභාවේ බලය ස්ථාපිත නොකිරිම නිසා උතුරු මැද පළාත තුළ පිහිටි රාජ්‍ය ආයතන සියල්ලේම පරිපාලනය කඩාවැටී මෙන් පළාතේ ජනතාව මහත් පීඩාවට පත්ව ඇතැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහතා අද (19) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.
ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පස් දෙනෙකුගේ රාජකාරි කටයුතු ආණ්ඩුකාර වරයෙකුට පමණක් තනිව සිදුකළ නොහැකි බවද හෙතෙම මෙහිදි පැවසිය.
මෙම මාධ්‍ය හමුව උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ කාර්යාලයේදි අද (19) පැවැත්වුණි.
මෙහිදි හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙසේද පැවසිය.
‘උතුරුමැද පළාතේම තිබෙන රෝහල්වලින් රෝහල් දෙකයි මධ්‍යම රජයට අයිති පළාතේම තිබෙන පාසල්වලින් පාසල් එකොලහයි මධ්‍යම රජයට තිබෙන්නේ. සියයට අසුවක පරිපාලනය තිබෙන්නේ පළත් සභාවටයි. වාරිමාර්ග ඇමති හිටියට වැව් අටයි තියෙන්නේ . ඉතිරි වැව් 3200 කට වැඩි වැඩි ප්‍රමාණයක් අයිතිය තියෙන්නේ පළාත් සභාවටයි .
අද පළාත් සභාවේ පරිපාලනය කඩා වැටිලා.නිලධාරීන්ට සෘජු තීරණ ගන්න බැහැ.අද නිලධාරීන් බයයි යමක් කරන්න. මේ නිසා මුදල් වියදම් කිරීමේ හැකියාව සිමා වෙලා .මේ මගින් විශාල අසාධාරණයක් සිදුවෙලා තියෙන්නේ ජනතාවටයි.
ප්‍රාදේශීය සභා තිබුණට වැඩක් නැහැ. පළත් පාලන ආයතනවලට මුදල් වෙන් කරන්නේ පළාත් සභාවෙනුයි . මේ කිසිවක් අද කෙරෙන්නේ නැහැ.ජනතාවගේ ප්‍රශ්න විසදන්න කඩිනම් වැඩ පිළිවෙළක් නැහැ. තින්දු තිරණ ගන්න නිලධාරින්ටත් හැකියාවක් නැහැ.මේ නිසා ඇතිවී තිබෙන ජනතා පීඩනය වැඩියි.
බාලගිරි දෝෂයෙන් පෙළෙන මේ ආණ්ඩුවට ලබන අගෝස්තු මස 17 වැනිදාට වසර හතරක් පිරෙනවා. මේ රටේ උප්පත්තිය ලබා සිටින මිනිසුන්ට අද සිදුව තිබෙන්නේ බදු ගෙවා මිය යාමටයි. ඉපදීම බදු ගෙවීම මියයාම හැරෙන්නට රටේ ජනතාවට අද වෙන යමක් ඉතිරි වි නැහැ.
මේ යහපලන රජය මහ ප්රජාතන්ත්රවාදය ගැන කතා කරලා බලයට ආවා. ජනතා පරමාධිපත්‍යය ගැන මහා හයියෙන් බෙරිහන් දුන්න. හැබයි අද ජන්දයක් තියනවා කියන එක ආණ්ඩුවට අරහන් වේලා. ආණ්ඩුව අද මැතිවරණ වලට තියෙන බය කොයි තරම්ද කියල ජනතාව දන්නවා .
තව දුරටත් කූට උපක්‍රම යොදමින් ඉන්නවා මැතිවරණය කල්දාන්න . මේ නිසා ලබන සැප්තැම්බර් මාසයේ නිල කාලය අවසන් වන පළාත් සභා තුනත් සමඟ වහාම මැතිවරණය පවත්වන ලෙස රජයට බල කෙරෙන දැවැන්ත ජනතා උද්ඝෝෂණ, විරෝධතා පෙළපාලි කිහිපයක්ම උතුරු මැදින් ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙනවා. මැතිවරණය තබන තුරු ජනතාව සමග නොකඩවා අරගලයක නිරත වන බවද රංජිත් සමරකෝන් මහතා මෙහිදි පැවසිය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පළාත් සභා බලය ස්ථාපිත නොකිරීමෙන් උතුරු පළාත් රාජ්‍ය ආයතනහි පරිපාලනය දුර්වල වෙලා‘
Buddika Thursday, 19 July 2018 07:57 AM
මේ ඇත්තටම මෙයාගේ අදහසද? මෙයා හිතන්නේ නම් කවුරුහරි ලියලා දීලා වගේ.....
sugthadasa Thursday, 19 July 2018 11:49 AM
පළාත් සභා අවලංගු කල යුතුයි. වැඩකට නැති වියදමක්. රාජ්‍ය පරිපාලන පද්ධතිය හොඳටම ප්‍රමාණවත්.