IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පළාත් මැතිවරණය පැවැත්වීම අධ්‍යයනයට සන්ධානයෙන් කමිටුවක්

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඊට ඇති බාධාවන් ගැන අධ්‍යයනය කර වාර්තාවක් ලබා ගැනීම සඳහා සන්ධානයේ පක්ෂ නායකයින්ගෙන් යුත් විශේෂ කමිටුවක් එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කරනු ලැබ ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද (4) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීමේදී මෙම කමිටුව පත්කර තිබේ.

පළාත් සභා මැතිවරණය හා අලුතෙන් සම්මත කර ඇති මැතිවරණ කමිටුව සම්බන්ධයෙන් පවතින ගැටලු සොයාබලා දින 14 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පවරා ඇත.

රටතුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් සන්ධාන විධායක සභාවට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද සන්ධානයේ විධායක සභිකයින් පක්ෂ හා විපක්ෂව අදහස් දැක්වූ බවද වාර්තා විය.

නිමල් සිරිපාලද සිල්වා , දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා , එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මැති ඇමැතිවරුන් අතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂවල නියෝජිතයන් පිරිසක් මෙම විධායක සභා රැස්වීමට සහභාගි වූහ.



අදහස් (4)

පළාත් මැතිවරණය පැවැත්වීම අධ්‍යයනයට සන්ධානයෙන් කමිටුවක්

dhamneth Friday, 05 October 2018 03:12 AM

ඔය කට්ටියම පළාත් සභාවලට විරුද්ධ වුණු මහත්වරු. නරකද ජනතාවට පළාත් සභා අවශ්‍යද කියා ජනමත විචාරණයක් පවත්වා බැලුවොත්? මේ මාසයේ තවත් පළාත් සභා තුනක කාලය අවසන්වන නිසා දැන් තමයි ජනතා කැමැත්ත සොයා බැලීමට සුදුසුම අවස්ථාව...

:       0       0

එර්දි Friday, 05 October 2018 04:05 AM

පිටරටින් ගන්න ණය බෙදාගන්නද?

:       0       1

එර්දි Friday, 05 October 2018 04:05 AM

පිටරටින් ගන්න ණය බෙදාගන්නද?

:       0       1

හමා Friday, 05 October 2018 05:50 AM

ප්‍රශ්න විචාරක-- මීලගට කඩඉම් ප්‍රශ්නය ශ්‍රී ලංකා ශබ්ද කෝෂයේ වැඩිපුරම අවභාවිතා කරන වචනය කූමක්ද පිළිතුරු දෙන්නා-- කමිටුව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 88 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 273 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 57 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 63 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 561 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3288 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site