IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පළාත් පනතට ඡන්දය දුන් හේතුව ජවිපෙ කියයි

විනීතා එම් ගමගේ
 
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සම්මත විය යුතු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන පනත් තුන අදට යෙදෙන විශේෂ පාර්ලිම්න්තු දිනයේ දී ඉදිරිපත් කිරීමටත්, ඔක්තෝබර් 09 වැනිදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවා මෙම පනත් තුන සම්මත කරගැනීමටත් රජය  එකඟ වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
 
පළාත් පාලන මැතිවරණය ඉක්මන් විය යුතු යැයි තම පක්ෂය විශ්වාස කරන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.  මේ නිසා පළාත් සභා ඡන්දය ගැන නොසිතා පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එකඟව ඡන්දය දුන් බව ද දිසානායක මහතා කීය. 
 
මේ සංශෝධනවලට ජවිපෙ එකඟ නිසා ඡන්දය ලබා දුන් බවත් තෙවන වර කියවීම සඳහා (සංශෝධන සඳහා) පක්‍ෂව ඡඥන්ද 159ක් ලැබුණු අතර. ජවිපෙ මන්තී‍්‍රවරුන් 06 දෙනාගේ ඡන්ද නොමැති වුණත් සංශෝධන 2/3න් සම්මත වන බවත් හෙතෙම සඳහන් කළේය.
 
 රාජපක්‍ෂ කණ්ඩායමේ 37 දෙනා   විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර දෙවන වර කියවීමේදී විරුද්ධව ඡන්දය පාවිච්චි කළ 07 දෙනෙක් තෙවන වර කියවීමේදී විරුද්ධව ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවේ නොසිටි බවත් කී මන්ත්‍රීවරයා පළාත් තුනක ඡන්දයක් පැවැත්වීම වෙනුවට මුළු රටේම පළාත් පාලන ඡන්දය පැවැත්වීම අවශ්‍ය බැවින් තම කණ්ඩායම මෙම තීරණය ගත් බව ද පැවැසීය.



අදහස් (19)

පළාත් පනතට ඡන්දය දුන් හේතුව ජවිපෙ කියයි

purawasiyek Monday, 25 September 2017 02:20 PM

ඔබේ කරුණු දැක්වීම අපට තේරෙනවා. හිතට එකඟව ඔබ ඉදිරියටත් තීරණ ගනු ඇතැයි යනු අපේ අදහසයි. ජවිපෙට ජයවේවා. !!!

:       1338       1128

Sujeewa Monday, 25 September 2017 02:53 PM

අනේ රතු අලි පැටියාට වරදක් කරලා දුක හිතිලා. කෝ ගන්න කිරිටිකක් පොවන්න.

:       133       244

රුවන් Monday, 25 September 2017 03:09 PM

රතු අලින්ගේ නිර්වත එලි වෙමින් තිබේ..

:       778       1011

Chandra Monday, 25 September 2017 03:16 PM

ඔබතුමාලා රෑට එකතුවෙලා කතා වෙලා අපිට කොකා පෙන්වල ගන්න තීරණ මේවා. කොහොමත් මේවා මෙහෙම බව අපි නම් දැනගෙන හිටියා.

:       279       527

Shantha [email protected] Monday, 25 September 2017 03:21 PM

අනිත් පකෂ වලට වඩා ජවිපෙ ට ජනතාවගේ විෂ්වාසය ගොඩනැගෙමින් පවතිනවා

:       1013       313

Raveendra Monday, 25 September 2017 03:48 PM

අනේ බලන්නකෝ මේ වගේ "අති පිරිසිදු , මහජන දේපල විනාශ නොකළ, හීනෙන්වත් රජයේ දේපල ගිනි නොතියපු, ලක් මවගේ ආදරණිය දූ දරුවන්ගේ වටිනා ජිවිත නැති නොකළ, හීනෙන්වත් ලක්මවගේ දුදරුවන් නොමරන ලද, රතු මල්ලිලා ටිකක් මේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම නැතිව ඇති. මොන තරම් සුන්දරව මේ චූටි රතු මල්ලිලා දැන් කතා කරනවද?

:       984       1515

saman Monday, 25 September 2017 04:05 PM

කන්න ඕනේ වෙලාවට කබරයත් තලගොයා වෙනවා කියන්නේ මේවට

:       363       513

Thilina Monday, 25 September 2017 06:53 PM

ඡන්දයට කලින් අනුර එලියට එන්න කියලා අගමැතිවරයා අතින් ඉඟි කරද්දි මෙයා එළියට ගියාලු නේද ?කොහොමද සම්බන්ධය දෙන්නගේ

:       3       304

janatha anura Tuesday, 26 September 2017 02:48 AM

යු අන් පියට ඡන්දය දුන් හේතුව ජවිපෙ කියයි

:       2       70

Ratnamalala Tuesday, 26 September 2017 02:55 AM

මුන් හරියට මහබඹ වගේ . ඕන වෙලාවට හරියන මුණ දානවා.චන්දෙ දන පළමු හා දෙනවා මරනවා කියපු මුන් දැන් චන්ද තියන්න ඕන නිසා සහයෝගය දෙනවලු.කලවැද්දෝ හදි තව බලපුවහම.

:       2       72

Saman Tuesday, 26 September 2017 03:18 AM

කොට්ඨාශ ක්‍රමයට චන්ද තිබ්බම ඔගොල්ලො ඉවරෙට ඉවරයි..

:       2       226

suran Tuesday, 26 September 2017 03:23 AM

"මේ සංශෝධනවලට ජවිපෙ එකඟ නිසා ඡන්දය ලබා දුන් බවත් තෙවන වර කියවීම සඳහා (සංශෝධන සඳහා) පක්‍ෂව ඡඥන්ද 159ක් ලැබුණු අතර. ජවිපෙ මන්තී‍්‍රවරුන් 06 දෙනාගේ ඡන්ද නොමැති වුණත් සංශෝධන 2/3න් සම්මත වන බවත් හෙතෙම සඳහන් කළේය." මින් අදහස් වන්නේ කොහොමත් සම්මත වන නිසා අපත් ඔන්න ඔහේ චන්දය දුන්නා වගේනේ. වැදගත් වන්නේ සම්මත වෙනවද නැද්ද යන්න නෙමේ ඔබලාගේ මතය කුමක්ද යන්න. චන්ද ප්‍රතිපලය දැන ගන්නේ චන්දය ලබා දීමෙන් පසුවය මෙම තර්කයේ ප්‍රශ්නයක් ඇතිබව වැටහෙනවා.

:       1       185

ruvan Tuesday, 26 September 2017 03:43 AM

ජවිපෙ ගැන තිබු විස්වාසය ඉවරයි. මුන් ඇත්තටම රතු අලි පැටවූ.

:       36       290

nayanaa kumari Tuesday, 26 September 2017 04:30 AM

අද මුළු රටම මෛත්‍රී අලියට හවුලට. රවීලා වරදිකලාට රට හරි අතට . කාන්තා නියෝජනය වැඩි කලාට කාන්තා සුබපැතුම්.

:       128       17

saman Tuesday, 26 September 2017 04:49 AM

මුන් සේරම හොරු.ඩොලර් වලට යටවෙලා රට ජාතිය ආගම පවා දෙන කොටසක් වෙලා.

:       1       146

Ravi Tuesday, 26 September 2017 05:40 AM

හොද වැඩක්. රටට හොද දෙයක් කරන්න මහත්තයෝ

:       0       2

Shan Tuesday, 26 September 2017 06:31 AM

මහින්ද එක්ක නිදියගත්තේ ඇයි කියලත් කියන්න බලන්න.

:       1       0

ධම්ම Tuesday, 26 September 2017 06:33 AM

විරුද්ධවාදියා කරන හැමදේටම විරුද්ධ විය යුතුයි යන මතයෙන් ජවිපෙ බැහැරවීම හොඳ ප්‍රවණතාවයක්.

:       162       2

Chinta Friday, 29 September 2017 01:55 PM

ජවිපේ ඡන්ද දයාන්විතව හදවතින් ගැඹුරු විස්වාසයකින් දෙන ජන්ද ඒ අය ගෙන් 90% කට මේක දරාගන්න අමාරුයි. අඩු ගාණේ දැන් අවුරැද්දක් පුරාවටම පොලීසියෙන් බැටන් පොලු පාර කාගෙන උන්ගෙන් වතුර නාවා ගෙන වද වෙන සයිටම් විරෝධී සටනට අරගල කරන දරුවන් වෙනුවෙන්, ඔවුනට දේශපාලන නායකත්වය දෙන ඔබ, ඔවුන් වෙනුවෙන් මේ දේ කළා කීවානම් ටිකක් හරි හිත සැනසෙනවා....

:       0       65

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 327 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 941 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2442 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2689 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 795 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 317 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site