IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පළතුරු වලට රසායන දියර ඉස්ස වෙළෙන්දා මාස 6 ක් හිරේ - 10,000 ක් දඩ

( චමිල් රූපසිංහ)

පේරාදෙණිය ප්‍රදේශයේ පළතුරු වෙළඳසල  පළතුරු ඉදවීම සඳහා  රසායනික ද්‍රව්‍යක්  භාවිතා  කළැයි අත්අඩංගුවට ගත් වෙළෙන්දකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස හයක සිර දඬුවමක් නියම කළ මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් ශානක කලංසුරිය මහතා සැකකරුට රුපියල් 10,000 නියම කළේය.

දඩය නොගෙවන්නේ නම් එම මාස හයට අමතරව මාස 1 1/2 ක සිර දඬුවමක් නියම කරන බව ද දැනුම් දුන්නේය.



අදහස් (11)

පළතුරු වලට රසායන දියර ඉස්ස වෙළෙන්දා මාස 6 ක් හිරේ - 10,000 ක් දඩ

Perakum Sunday, 01 April 2018 08:53 AM

හොඳ ප්‍රවෘත්තියක්. නමුත් ලැබෙන ප්‍රසිද්ධිය ඉතා මදි. නරක ආරංචි තමයි ලොකුවට පෙන්නන්නේ...

:       0       574

Aluthgama A. Samathasena. Sunday, 01 April 2018 09:05 AM

විනිසුරු තුමාට අපගේ ප්‍රසංසාව. මෙවැනි වස විස කලවම් කරන්නන් නිසා මොනතරම් වටිනා මනුෂ්‍ය ගීවිත ලෙඩුන් බවට හැරෙනවාද ?

:       0       237

Raveendra Sunday, 01 April 2018 09:58 AM

ඉතාමත්ම හොඳ සහ අගය කරන තීන්දුවක්. අප ගරු අධිකරණයට සහ විනුසුරුතුමාට හිස නමා අපගේ ආචාර්ය පුද කරන්නෙමු. මේ පාහර වෙළෙන්ඳන් තුට්ටු දෙකක ලාභයට "තමන්ගේම සහෝදර පුරවැසියන් හට වස කවන" තිරිසනුන්ය.

:       0       187

සතයපාල Sunday, 01 April 2018 10:00 AM

ඔය ඇල්ලුවේ එක්කෙනයි. තව කීදාහක් ඔය වැඩේ කරනවද? ඒ හැමෝටම මේ වගේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද?

:       0       151

shelton Sunday, 01 April 2018 10:29 AM

දැන් කොස් වලටත් මොනවා හරි දමනවා. කපලා විකුණන හැම කොස් මදුලක්ම කහ පාටයි. නමුත් පැහිලා නැහැ. සොයා බලන්න වටිනවා.

:       0       139

manoj Sunday, 01 April 2018 10:36 AM

එහෙනම් ඉතින් ලංකාවේ පලතුරු වෙළෙන්දෝ ඔක්කොම හිරේ දාන්න වෙයි.

:       0       148

de silva berlin Sunday, 01 April 2018 12:16 PM

විනිසුරුතුමාට සහ ගරු අධිකරණයට ප්‍රථමයෙන් ස්තුතිය පුද කරන අතර, ලංකාවේ මෙවැනි කූට වෙළදුන් තව දහස් ගණනක් සිටිනවා. ඉදිරියට කරුණාකර ඔවුන්ටත් නිසි දඬුවම් දෙන්න.

:       0       24

ක්‍රිෂාන් Sunday, 01 April 2018 12:24 PM

එහෙනම් පිටකොටුව මැනිං මාකට් එකේ පළතුරු විකුණන අයත් හිරේ දාන්න ඕනෑ.. සේරටම කෙමිකල් ගහනවා.

:       0       66

Chandima Sunday, 01 April 2018 02:06 PM

මේ කියන්නේ සහතික ඇත්තක්. මම ඇස් දෙකෙන්ම දැක්ක මාතර පොලේ කෙසෙල්වලට වෙළෙන්දෙක් එතිරෝන් කියන ඔය බෙහෙත වෙන්න ඕනෑ ගහගෙන ගියා. එ්ක කරන්න ගන්නේ සාමාන්‍ය ස්ප්‍රේ එකක උඩ කොටස ගලවා හිස් මෙගා බීම බෝතලයකට සවිකර ඔවුන් විසින්ම සාදාගත් උපකරණයක් මගින්... අනේ මෙහෙ මාතර නම් කවුරුත් ඕවට කතා කරන්නේ නැහැ.

:       0       6

සෙනෙවි Sunday, 01 April 2018 02:49 PM

සුපර් මාකට් වල තියෙන අඹ, කෙසෙල් වැනි පලතුරු වලට මෙම රසායන ඉහින එක ප්‍රසිද්ධ රහසක්. ඇයි ඒවා අල්ලන්නෙ නැත්තේ?

:       0       18

WARUNA Monday, 02 April 2018 02:52 AM

විනිසුරු තුමන්ට මගේ ප්‍රණාමය , ලංකාවේ කියල කෙසෙල් ගෙඩියක් කන්න බැරිතරමට පත්වෙලා. ආහාරවලට විස එකතුකර විකුනන වෙළෙන්දන්ගේ අවසාන මනුෂ ආත්මය මෙය වේ, ලබන අත්ම්යේ අනිවරෙන් තිරිසෙනෙක්ම තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2850 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4536 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6979 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2929 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4131 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7514 7

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site