IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පළිගැනීම්වලට ලක්වූවන්ට ඉඩම්

(නාලක සංජීව දහනායක )
 
පසුගිය රජය සමයේදී පළිගැන්වීම්වලට ලක්වූ රණවිරුවන්ට හා සියලූම මාධ්‍යවේදීන්ට සින්නක්කර ඉඩම් ලබාදීමට කටයුතු කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද (16) පැවැසීය.
 
 විශේෂයෙන්ම දේශපාලනික පළිගැනීම්වලට ලක්වූ රණවිරුවන් සම්බන්ධයෙන් පුද්ගලිකවම සොයා බලා මෙම ඉඩම් ලබාදීමට කටයුතු කරන බව කී දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ද විස්තර මේ වනවිට ලබාගනිමින් සිටින බවද සදහන් කළේය.
 
 එමෙන්ම මාධ්‍යවේදීන්ට ඉඩම් පිරිනැමීමේදී ඔවුන්ගේ දේශපාලන මතය හෝ තරාතිරම සොයා නොබලන බව කී දිසානායක අමාත්‍යවරයා ඉඩම් තිබෙන මාධ්‍යවේදී නිවාස ඉදිකර ගැනීමට මූදල් පිරිනමන බවද පැවැසීය.

බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා මේ බව සදහන් කළේය.

 



අදහස් (10)

පළිගැනීම්වලට ලක්වූවන්ට ඉඩම්

sam Monday, 16 December 2019 09:50 AM

කරන දෙයක් මහ ඡන්දෙන් ඉස්සෙල්ලා කරගන්න. මැතිවරණයෙන් පැරදුණාම ආයෙමත් පිං මන්ත්‍රීකම්, පිං ඇමතිකම් ලැබෙන්නේ නැතිවෙයි.

:       0       12

රවින් Monday, 16 December 2019 09:52 AM

ජනාධිපතිතුමෝ !!! මෙන්න අන්දරේ සීනි කන්නයි හදන්නේ. තව ගෙවල් හදන්න ඉඩම් හොයනවද?

:       0       18

sharm warn Monday, 16 December 2019 09:58 AM

මේ තමයි තණ්හාවේ උපත... නිකන් ඉන්න මිනිසුන්ව අවුස්සනවා. දේශපාලන පගාවල් කියන්නේ මෙව්වටයි..

:       1       27

jayajaya Monday, 16 December 2019 10:20 AM

සමහර මාධ්‍යවේදීන්ට නිවාසයක් තිබුණත් ඒවා මේවනවිට අලුත්වැඩියා කරන තත්වයට පත්වෙලා. නමුත් ඒක කරගන්න ආර්ථික ශක්තියක් නෑ. ඒ නිසා නිවාස අලුත්වැඩියාව සඳහාත් ආධාරයක් ලබාදීමට කටයුතු කරන්න.

:       13       2

kamal Monday, 16 December 2019 10:24 AM

එල එල, මේ රට තමන්ගේ බූදලෙනේ හිතෙන හිතෙන කෙනාට ලියලා දෙන්න.

:       0       12

upali Monday, 16 December 2019 10:30 AM

ගරු ජනාධිපතිතුමනි, මේවා රජයේ ඉඩම්, ඔය කියන ඇමතිවරයාගේ අයිති ඉඩම් නෙවේ. එයාගේ අයිති ඉඩම් තියෙනවා නම් බෙදල දෙන්න කියන්න ඕනෑ විදිහට... අපිට ඕනෑ මෙම ක්‍රමය නැති කරන්නයි.

:       0       323

wimal Monday, 16 December 2019 10:43 AM

ලංකාවේ සියලුම මධ්‍යවේදීන්ට සෑම පහසු කම් දිය යුතුයි. එයාලට පහසුකම් අඩු නිසා අපේ රටට ලැබෙන්න ඕන සත්‍ය දේවල් ලැබෙන්නේ අඩුවෙන්.

:       0       0

සමන්ත Monday, 16 December 2019 11:44 AM

මේක මාර කතාවක් නේ. යම්කිසි කෙනෙකු පළි ගැනීමකට ලක්වෙලා තියෙනවා නම් කළයුතු වන්නේ පරීක්‍ෂණයක් කරලා ඒක නිවැරදි කිරීම මිසක් රජයේ ඉඩම් දෙන එකද? අනික එහෙම දෙන්න මෙයාට ජන වරමක් තියෙනවද​? අපි වගේ කුඩා රටවලට එහෙම හැමෝටම දෙන්න ඉඩම් තියෙනවද​? ඉඩම් කුඩා කැබලි ලෙස කැඩීම නිසා තුන්වන ලෝකයේ රටවල් වල ජාතික ඵලදායීතාවය අඩුවෙලා එය තවත් දිළිඳුවීමට හේතුවෙනවා. ඒත් මේ පරාජිත දේශපාලුවන්ට ඒවා වැඩක් නෑ. ඔවුන් ඉන්නකන් අපිට ගොඩඒමකුත් නෑ. අනික මේවා මේ එයාගේ අම්මා අප්පාගේ බූදලේද? අපි දැක්කනේ හඟුරන්කෙත වැඩ.

:       0       24

Mahee Monday, 16 December 2019 12:48 PM

මෙන්න සැබෑ වාසනාවන්තයින්. ඔරුව කොයි පැත්ත පෙරළුණත් මිනිහ උඩ පැත්තේ. මන් මේ අහන්න හිතුවේ, පළිගැනීම්වලට ලක්වුණු රණවිරුවන් කිව්වහම අර ලෝකයේ හොඳම රණවිරුවා කියලා වර්තමාන ජනාධිපතිවරයාම හඳුන්වා දුන්නු ෆොන්සේකාටත් ඉඩමක් දෙන්න සූදානම් කරලා තියෙනවද? නැත්නම් ඒ කියන්නේ මූණ බලල බෙදන්නේ නැහැ කියලා මුන්නැහේ ඔය කියන කතාව බොරුවක්ද? එහෙමත් නැත්නම් අර කීනියාවල හාමුදුරුවෝ කියලා තිබුණා වගේ "වලිගය වෙනුවට දිව" වනනවද"?

:       0       2

සත්‍යපාල Monday, 16 December 2019 02:28 PM

තමුන් කවුද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දිව හෙරෙන හැරෙන පැත්තට කතා කරන, වාසියට එහෙට මෙහෙට පනින දූෂිත දේශපාලුවෙක් කියලා දන්නෝ දනිති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 199 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 561 1

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 521 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1341 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2798 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1826 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site