IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාසල් යන වයසේ දරුවන් නිවසේ රඳවා සිටින මව්පියන්ට වැඩ වරදී

පාසල් යන වයසේ දරුවන් පාසල් නොයවා නිවසේ රඳවාගෙන  සිටියහොත්  එම  මව්පියන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.


1 වැනි ශ්‍රේණියේ සිට 13  වැනි ශ්‍රේණිය දක්වා  පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමටද  එහිදී පියවර ගැනීමට නියමිතය.


අධ්‍යාපන අයිතිය දරුවන්ට අහිමි කරමින් දරුවන් නිවසේ තබාගෙන සිටින මව්පියන් සිටී නම් ඒ පිළිබඳව සොයා බලා  නඩු පැවරීම සඳහා රජයට අයිතියක් ඇති බවද සඳහන් කළ  අමාත්‍යවරිය මේ සම්බන්ධ  අදාල කටයුතු කඩිනමන් ක්‍රියාත්මක කරන බවද පැවසුවාය.

(36698)



අදහස් (15)

පාසල් යන වයසේ දරුවන් නිවසේ රඳවා සිටින මව්පියන්ට වැඩ වරදී

KANDEPOLA Tuesday, 09 October 2018 06:45 AM

අධ්‍යාපන අයිතිය දරුවන්ට අහිමි කරන දෙමවුපියන්ට වගේම, නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කරලා දාල තියෙන බලධාරීන්ටත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ.

:       4       41

රොහාන් දයාදර පැරිස් Tuesday, 09 October 2018 07:16 AM

දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ කමක් නෑ දැන් හරි රටේ අනාගතේ බාරගන්න ඉන්න දරු පැටවූ ගේ අනාගතය ගැන හිතලා කටයුතු කිරීම ගැන ඔබ තුමියට ස්තුතිවන්න වෙනවා ලාංකිකයෙක් විදිහට.

:       0       7

ගගන Tuesday, 09 October 2018 07:37 AM

නීති හැදුවට දුප්පත් පවුල් වල එදා වෙලා කන්න නැතුව ජීවත් වෙන්න කුලී වැඩ කරන දුප්පත් දෙමාපියන්ට රජයෙන් දීලා තියෙන සහන මොනවාද? කන්න බොන්න සහන නොව, එවැනි පවුල් වල දරුවන් ගේ අධ්‍යායාපනය සඳහා ශිෂ්‍යත්ව? කරන්න ඕන දේවල් නොකර ගැලරියට කතා පවත්වන්න එපා මන්ත්‍රී තුමිය.

:       53       77

rohana kumara mendis Tuesday, 09 October 2018 07:47 AM

ආසාවට නෙමේ ගෙදර තියන් ඉන්නේ හොදේ නැති බැරි කමටයි. එදා වෙලා දෙන්න විදිහක් නෑ. අදින්න ඇදුමක් නෑ. පාසලේ වැසිකිලියක් නෑ. එක්කෝ තෙමෙනවා පන්ති කාමර නෑ ගුරුවරු නෑ. දහස් ගණන් දුර පයින් යන්න ඕනි. එහෙන් අලි ප්‍රශ්න .කතාවට ගියාමනම් රෙදි දෙනවා උපකරණ දෙනවා කියනවා ලැබුන කෙනෙක් නෑ සේරම ලොකු ලොකු පාසල් වලට. පීනුම් තටාක වගේ දේවල්

:       84       92

siniduTuesday, 09 October 2018 09:26 AM

සියල්ලම කලින් නිදහස් අධ්‍යාපනය විනාශ කරන ලද දේශපාලකයන්ට නිසි දඩුවම් ලබා දියයුතුව ඇත. මන්ද ඔවුන් 1 වසරේ සිට අනිසි තරගයක් ඇති කරමින් ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇත..... පාසල් යාමට නොහැකි පරිදි ළමුන් හා දෙමාපියන්ට පාසලක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරන ලද්දේ ඔවුන්ය. එම නිසා ඔවුන්ට මුලින්ම දඩුවම් කල යුතුය පාසලක් ලබා ගැනීමට නොහැකි නිසා ළමුන් නිවසේ තබා ගැනීමට ද දෙමාපියන්ට සිදුව ඇත්තේ මේ නිසාය. මොවුන්ගේ කට පමණකි. වැඩ නැත.

:       0       0

Sampath Tuesday, 09 October 2018 09:23 AM

ආසාවට තියන් ඉන්නවා නෙවෙයි.... නැතිබැරි තමට කරන්න දෙයක් නැති නිසා ....අනික පාසල්වල මුදල්එකතු කිරීම නවත්වන්න.... දෙමාපියන්ටයි ළමයින්ටයි අධ්‍යාපනය එපා කිරන්නේ ගුරුවරු සහ විදුහල්පතිවරු අතලොස්සක්........

:       0       62

sinidu Tuesday, 09 October 2018 09:29 AM

ඇමතිතුමිය කොහොමත් කියවනවා විතරයි. වැඩ නැත පසුගිය දිනක මා අන්තර්ජාලයෙන් දුටුවා. රේගුවෙන් අත්අඩංගුවට ගත් පැන්සල් පෙට්ටි ආදී පාසල් උපකරණ ගල් රෝලක් දමා තලනවා. මේවා නැති බැරි ළමයින්ට දුන්නනම් කොච්චර හොඳයි. මෝඩ පාලකයන්ට ඕවා තේරෙන්නේ නැත ඔවුන්ගේ සුඛ විහරණය පමණක් සාදා ගැනීමට උත්සාහ කරයි. අපි මෙම තත්ත්වය වෙනස් කරමින් මහත්මා දේශපානයක් පාර්ලමේන්තුවට යවමු නේද ???

:       34       54

himalTuesday, 09 October 2018 11:30 AM

ඒ තැලුවේ ව්‍යාජ නිෂ්පාදන. එවැනි භාණ්ඩ රේගුවේදි අසු වූ විට විනාශ කිරීම නීතිය. මෙය මෙරටේ පමණක් නොව චීනයේ පවා සිදුවන දෙයක්.

:       0       0

siniduTuesday, 09 October 2018 11:56 AM

ඉතින් ව්‍යාජ ඒවා වුනත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද නැති බැරි දුප්පත් ළමයි කොච්චරක් නම් ඉන්නවාද මේ රටේ පෑනක්වත් ගන්න බැරි ළමයින් ඉන්නවා. ඉතින් නීතියට වඩා මනුස්සකම ගැන හිතලා ඒවා බෙදා දුන්නානම් කොච්චරක් වටිනවාද.. අපේ රටේ නීතිය තියෙන්නෙත් වැදගම්මකට නැති දේවල් වලට මිසක් අත්‍යාවශ්‍ය දේවල් වලට නෙමෙයි නේද. මත්පැන් මත්ද්‍රව්‍ය සිගරට් වගේ දේවල් විනාශ කලාට කමක් නැහැ ආර්ථීක වටිනාකමක් ඇති ඵලදායි දේවල් ඇයි විනාශ කරලා දාන්නේ.

:       0       0

indra Tuesday, 09 October 2018 09:35 AM

ගණිතය අසමත් සිසුන් බොහෝ පිරිසක් ගෙදර, දරු මාපියන් සුසුම් හෙලනවා .මේ වෙනුවෙන් පිලියමක් යොදනවානම් ඉතාමත් කාලෝචිතයි ගැහැණු දරුවන් කෙසේ වෙතත් පිරිමි දරුවෙකු නිවාස තුළ රදවා ගැනීමට අපහසු මෙන්ම නොමගට යාමේ ප්‍රවීනත්වය ඉතාමත්ම ඉහළයි විශේෂ අවදානයක් මෙයට යොමු කරන්න.

:       0       31

isurandi Tuesday, 09 October 2018 11:09 AM

අද ජාතික පාසලුත් හරියට ජාත්‍යන්තර පාසල්වලට දෙවෙනි නැත. අරවට මේවට කිය කියා කරන සල්ලි එකතු කෙරිල්ල අඩුකරන්න. මේවත් මානසිකව බලපානවා නැති බැරි කම නිසාවෙන්.

:       1       30

laksman Tuesday, 09 October 2018 11:28 AM

ඔබතුමියගේ රත්නපුර දිස්ත්‍රිකකය අධ්‍යාපනයෙන් ඉතාම පහ< තැනක තියෙන්නෙ. මේ දිස්ත්‍රිකකයට අධ්‍යාපනයෙන් ඉහ< තැන්වල සිටින මාතර. කෑගල්ල හා කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් විශාල ලෙස එනවා.අපිට ගමේ පාසැලත් නැහැ.ඉතින් ගෙදර රඳවා ‍නොගෙන මොනවා කරන්නද

:       0       0

laksman Tuesday, 09 October 2018 11:28 AM

ඔබතුමියගේ රත්නපුර දිස්ත්‍රික්කය අධ්‍යාපනයෙන් ඉතාම පහල තැනක තියෙන්නෙ. මේ දිස්ත්‍රික්කයට අධ්‍යාපනයෙන් ඉහල තැන්වල සිටින මාතර, කෑගල්ල හා කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් විශාල ලෙස එනවා. අපිට ගමේ පාසැලත් නැහැ. ඉතින් ගෙදර රඳවා ‍නොගෙන මොනවා කරන්නද

:       0       14

senaka Tuesday, 09 October 2018 11:42 AM

අපේ බොහෝ ඇමතිලා හිතාගෙන ඉන්නේ රටේ හැම පාසලකටම කොළඹ පාසල් මෙන් පහසුකම් තියෙනවා කියලයි.

:       0       1

siindu Tuesday, 09 October 2018 11:58 AM

ළමයින්ගේ ඉගෙනීමේ අයිතිය නැති කරලා දාලා තියෙන්නෙත් දැන් කිඹුල් කදුලු හෙලන අයම තමා කියලා මතක තියා ගත්තානම් ගොඩක් වටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 84 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 260 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 57 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 63 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 557 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3276 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site