IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පසුගිය රජය සමයේ වී අලෙවි මණ්ඩලයට මිලියන 7000ක පාඩුවක්

(ඩයනා උදයංගනී)    

                              
වී අලෙවි මණ්ඩලයට 2009 සිට 2014 දක්වා වසර 05ක කාලයේ දී රුපියල් මිලියන 7,152.95 ක අලාභයක් සිදු වී ඇතැයි එහි සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය.


පසුගිය රජය දුන් තීන්දු ක‍්‍රියාත්මක කිරීමෙන් මෙම පාඩුව ඇති වූ බව ඔහු ප‍්‍රකාශ කළේය.


එම කාලය තුළ සෝමාලියාවට නොමිලේ සහල් සැපයීම, කිලෝවක් රුපියල් 42 බැගින් මිලදී ගත් වී මෙටි‍්‍රක් ටොන් විශාල ප‍්‍රමාණයක් සත්ව ආහාර වශයෙන් පෞද්ගලික අංශයට කිලෝවක් රුපියල් 24 බැගින් අලෙවි කිරීම වැනි තීන්දු තීරණ රැසක් හේතුවෙන් මෙම පාඩුව සිදු වු බව සභාපතිවරයා සඳහන් කළේය.


සභාපතිවරයා මේ බව පැවසුවේ වී අලෙවි මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති ප‍්‍රගති සමාලෝචන සාකච්ඡාවක දීය.


වී අලෙවි මණ්ඩලය රජයේ ආයතනයක් වශයෙන් පසුගිය කාලය පුරා පාඩු පිට පවත්වාගෙන ගිය ආයතනයක් බව ද මෙහිදී අනාවරණය විය.


වී අලෙවි මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා වත්මන් රජය යටතේ වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇති බව පැවසූ සභාපතිවරයා මණ්ඩලය විසින් පී.එම්.බී රයිස් නමින් සහන මිලට සහල් අලෙවි කිරීමේ වැඩපිලිවෙලක් ඉදිරි මාස 2 තුළ  ක‍්‍රියාත්මක කරන බව ද ප‍්‍රකාශ කළේය.


එමෙන්ම 2018 යල කන්නයේ දී වී මෙටි‍්‍රක් ටොන් 20,000ක් මිල දී ගැනීම සඳහා රට පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 225ක් ඇරඹීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
 



අදහස් (7)

පසුගිය රජය සමයේ වී අලෙවි මණ්ඩලයට මිලියන 7000ක පාඩුවක්

Raveendra Monday, 25 June 2018 08:51 AM

ඒ බෝබිලෝ වැරදි නිසා නේද මේ බෝබිලෝව තෝරාගත්තේ. ? දැන් එතකොට ලාබ ලබනවයි ??? දැනුත් පාඩුයි කියන්නේ " හිටිය තක්කඩි රැල = දැන් ඉන්න තක්කඩි රැල ". එබැවින් පසුගිය හරකුන්ට බනින ගමන් දැන් ඉන්න හරකනුත් තමන්ටම බැන ගත්තොත් හොද...

:       355       432

Senarath Monday, 25 June 2018 08:53 AM

රජය රුපියල් මිලියන ගණනක පාඩුවක් ලැබුවත් කමක් නැහැ ගොවියා ආරක්ෂා කරන්න පියවර ගෙන. එහෙම කරපු නිසා තම ඒ රජය යටතේ වී අතිරික්තයක් තිබුනේ. එත් අද මොකද වෙලා තියෙන්නේ, රජය පිටරටින් සහල් ගෙන්වනවා, ගොයම් කැපෙන කාලෙට , එහෙම කලාම වී ගොවියෝ සුරක්ෂිත වෙනවද ? වී මුදලාලිලා නම් සුරක්ෂිත වේවි.

:       1       166

dumindaMonday, 25 June 2018 12:19 PM

රුපියල් මිලියන ගණනක පාඩුව ගෙවන්නෙත් ගොවියයි, අපියි ... මොන ආණ්ඩුවක් යටතේවත් රජයේ ආයතනයක් පාඩු ලබන එක රටට බරක්...

:       0       2

Bandara Bathnayaka Monday, 25 June 2018 09:06 AM

හොඳ පියවරක්, ක්‍රියාත්මක කරනවනම්

:       0       2

Jayantha Monday, 25 June 2018 09:07 AM

එතකොට බීර් සමාගමට විකුණු ඒවාට ලාභ ලැබුණාද?

:       0       67

කසුන් වික්‍රම්සිංහ Monday, 25 June 2018 09:31 AM

මේ රජයේ පාඩුව කීයද? බියර් හදන්නත් හාල් දුන්නනේ...

:       0       72

රවින් Monday, 25 June 2018 09:57 AM

ඌ මට ගැහැව්වා මට ඌ ගැහැව්වා කතාවලින් අපිට වැඩක් නැහැ. ඊයෙන් පාඩම් ඉගෙන අද නිසි තීන්දු හා නිර්ණයන් කර හෙට අපිට ජිවත් වෙන්න සලසා දුන්නොත් තමා හොඳ. නැතිනම් අනිද්දට ගෙදර යන්න බලාගෙන ඉන්න.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 7 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 30 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2396 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1275 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 956 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 419 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site