(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
දකුණේ පාතාල කල්ලි නායකයකු වන මා කඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයින් අත්අඅඩංගුවට ගැනීම්, පොලිස් අත්අඩංගුවට ගැනීම් පොලිස් විශේෂකාර්ය බලකායේ වෙඩි ප්‍රහාරවලින් මිය යාම වැනි කරුණු හේතුවෙන් ඔහු වියරුවෙන් මෙන් හැසීරිමට පටන් ගෙන උසස් පොලිස් නිලධාරීන්ට දුරකතන ඇමතුම් දී තර්ජනය කරමින් සිටින බව පොලිස් ආරංචීමාර්ග පවසයි.
මාතර කොට්ඨාසයභාර පොලිස්අධිකාරීජී.එච්.මාරපන මහතාටද දුරකතන ඇමතුම් ලබා ගෙන ඇති අතර මාරපන මහතා ඒ බව කල්තියා හදුනා ගැනීම නිසා ඊට ප්රතිචාරදක්වා නොමැත.
දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනයකිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන මදුෂ් එම නඩුවට ඉදිරිපත් නොවී වරෙන්තුව සිටින නිසා ඔහුගේ සියලු දේපොල අධිකරණය මගින් තහනම් කිරීමට අවශ්යකට යුතු සිදු කරනු ලබන්නේ මාතර කොට්ඨාසයභාර පොලිස් අධිකාරීජී.එච්.මාරපන හා කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපතිඕ.යූ.ජයශාන්තයන මහත්වරුන් විසිනි.
ඩුබායි හී සැඟවී සිටින බව කියන මදුෂ් විසින් සැලසුම් සහගතව ඔහුගේ ගෝලයින් ලවා සිදු කිරීමට උත්සාහ කළ අපරාධ රැසක් මේ වන විට ව්‍යර්තව හා මධූෂ්ගේ බලකොටුව ලෙස සැලකෙන කඹුරුපිටිය ගතාර නිවසටම පොලීසිය ගොස් ගෝලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම මදුෂ්ගේ පැවැතීම ඔහුගේ මෙම හැසීරිම් වලට ප්‍රධානතම හේතුව වී ඇතැයිද පොලීසිය පවසයි.
මේ නිසාම ඔහු ඒ පිළිබඳව තොරතුරු දුන්නේ තම පුංචි අම්මාගේ නිවස අසල පදිංචි පොලිස් සැරයන්වරයකු යයි සිතා ඔහුට හා පවුලේ අයට මරණ තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.
එම තර්ජනාත්මක දුරකතන ඇමතුම හේතුවෙන් පොලිස් සැරයන්වරයා තම පවුලේ සාමාජිකයින් වෙනත් ප්‍රදේශයකට යවා ඇත. කඹුරු පිටිය පොලීසියේ ස්ථානාධිපති ඕ.යූ.ජයශාන්ත මහතාටද දුරකතනයෙන් කතා කර අනතුරු අඟවා තිබෙන බව දැනගන්නට ඇත.
දිගින් දිගටම මදුෂ්ටඑරෙහිව පොලීසිය ගෙන යන ක්‍රියාමාර්ග නිසා බොහෝ ව්යාපාරිකයින්ඔහුට සුපුරුදු පරිදි ලබා දුන් කප්පම් මුදල්ගෙවීමද නතර කිරීමට පටන් ගෙන ඇති බව පොලීසියට තොරතුරු ලැබී ඇත.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිස් ලොක්කන්ට ‘මධුෂ්ගෙන්‘ තර්ජන
සතයපාල Wednesday, 21 March 2018 10:37 AM
මේ පාතයෝ ඇති කලේ දේශපාලඥයෝ උන්ව හුරතල් කලේ පොලීසිය අද ඒ පොලිසියටම තර්ජන කරන තැනට පාතාලය ඇවිල්ලා.මේක හරියටම සර්පයන්ට කිරි පොවලා ඇති කරපු සර්පයන් දැන් පන්න පන්නා දෂ්ඨ කරවා වගේය.
wedage Wednesday, 21 March 2018 10:41 AM
මදුස්ගේ, උදව්වට මෙහේ පොලිටික්කෝ ගොඩක් ඇති...