IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පොලිසියේදී මියගිය තරුණයන් වෙනුවෙන් වන්දි ගෙවන්න රජයට නියෝග

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

2008 වසරේ මඩකලපුවේදී නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ තරුණයින් දෙදෙනෙකු පොලිස් බාරයේ සිටියදී වද හිංසා පමුණුවා මරණයට පත් කර ඔවුන්ගේ මළ සිරුරු මුහුදට විසිකළ බව කියන සිද්ධියක් මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදලක් එම තරුණයින් දෙදෙනාගේ දෙමව්පියන්ට ගෙවන ලෙස රජයට නියෝග කළේය.

තවද සෙල්වරාජ් ගුණසීලන් සහ කේ.කුගදාස් නමැති එම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ එවකට මඩකලපුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ටී.ශාන්ත වික‍්‍රමසිංහ ද මෙම සිද්ධියට වගකිව යුතු බැවින් ඔහු විසින් රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් පෞද්ගලිකවම ඔවුන් දෙදෙනාගේ මව්පියන්ට ගෙවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

සිය දරුවන් දෙදෙනා මඩකලපුව පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස  අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත් බවත් ,ඉන් අනතුරුව ඔවුන්ගේ සිරුර මඩකලපුව ආශ‍්‍රිත මුහුදෙන් සොයා ගත් බව පවසමින් ,එලෙස කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් එම තරුණයින්ගේ මව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධ තීන්දුව ප‍්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.



අදහස් (0)

පොලිසියේදී මියගිය තරුණයන් වෙනුවෙන් වන්දි ගෙවන්න රජයට නියෝග

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 179 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 216 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 229 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 508 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 443 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1845 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1526 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site