IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිසියට පහරදීම ආවා කල්ලියේ වැඩක් - පොලිස්පති

සිරාජ් හසීම්

යාපනය කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙත සිදුකළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවත් මෙම කල්ලියට නායකත්වය සපයන්නේ හිටපු කොටි සාමාජිකයෙකු බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (31) යාපනයේදී පැවසීය.

යාපනය කොක්කඩි කෝපායි මාර්ගයේ නන්දාවිල් කෝවිල අසලදී පැමිණිලි විභාගයට ගිය පොලිස් නිලධාරීන් දෙදෛනෙකුට  යතුරු පැදි හතරකින් පැමිණි මැර කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් ඊයේ (30) වාර්තා විය.

එම සිද්ධියත් සමග යාපනයේ හදිසි සංචාරයක යෙදුනු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යාපනය මූලස්ථාන පොලිසියේ කැඳවූ මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය. 

පහර දීමට හය දෙනකු සම්බන්ධ බවට හඳුනාගෙන ඇතැයි ද පොලිස්පතිවරයා කීවේය.



අදහස් (14)

පොලිසියට පහරදීම ආවා කල්ලියේ වැඩක් - පොලිස්පති

Sanjeewa Monday, 31 July 2017 11:16 AM

කල්ලිය ආවා වගේ ඔබතුමා ගියා වගේ යනවා නම් තමයි හොඳ...

:       2       346

Prasa Monday, 31 July 2017 11:34 AM

අනේ හැබෑට, කණ්ඩායමත්, නායකයත් දන්නවා නම් මොකද කිසිවක් නොකර ඉන්නේ? මේ අයව ඉක්මණින් පාලනය කළ යුතුයි. නැතිනම් වැඩේ ලොකුවෙයි. යමක් කරන්න. ඒ අයව අත්අඩංගුවට ගන්න.

:       0       112

sanjaya Monday, 31 July 2017 11:52 AM

ඒ කට්ටියත් බීලද හිටියේ පොලිස්පතිතුමනි?

:       1       74

මහකන්දේ විජිතසිරි හිමි Monday, 31 July 2017 12:06 PM

පොලිස්පතිතුමනි, දකුණට විතරද නීතිය නැමෙන්නේ? උතුරට නීතිය කෙලින් වෙනවද?

:       0       68

සෙනෙවි Monday, 31 July 2017 12:07 PM

කොටි සංවිධානය බිහි වුණෙත් මේ ආකාරයටමයි. පොරොවෙන් කැපීමට තරම් ලොකු වෙනකම් බලා නොසිට නියපොත්තෙන් කඩා දැමිය යුතුයි.

:       0       130

smith Monday, 31 July 2017 12:21 PM

අනේ හරි පුදුමයි, අපි නම් හිතුවේ මේකත් බීපු මිනිහෙක් ගේ වැඩක් කියලා...

:       0       68

සෙනෙවි Monday, 31 July 2017 12:31 PM

"ආවා ආවා" කිය කියා ඉන්න අතරේ "එල්.ටී.ටී.ඊ ආවා" කියන්න වෙයි වගේ...

:       0       365

nimmi Monday, 31 July 2017 01:00 PM

ඇයි නීතියට අවනත වෙන්නේ නැද්ද?

:       0       29

mahinda Monday, 31 July 2017 02:03 PM

ආවා කල්ලිය ගැන කියන්නේ ගොඩක් කල් ඉඳන්. ඉතින් ඔබතුමා මොකද කලේ ඒ කල්ලි නතර කරන්න?

:       0       77

disanayaka Monday, 31 July 2017 03:59 PM

මෙහි තවත් පැත්තක් තිබෙනවා.මොවුන් මෙවැනි දේ කරන්නට පෙලබෙන්නට තවත් හේතු තිබිය හැක.මුදල් නොමැතිකම , රස්සා නැතිකම, සහ වෙනත් සමාජයීය ප්‍රශ්න. කරපු වැඩේ නීති විරෝධි උනත් මේ මිනිසුන්ටත් ජීවත්විය හැකි වාතාවරණයක් සැදිය යුතුයි. දකුණේ මෙන්ම උතුරේත් ජනතාව මිශ්‍ර කලයුතුයි. සැමදෙනාටම රැකියා සහ මුදල් ලැබී තමන්ගේ පවුල් රැකබලා ගැනීමට සවියක් ලැබිය යුතුයි. මෙම තත්වය සමබරව ඇති කිරීමට රජයක් ලෙස වගබලාගත යුතුයි. රටේ සංවර්ධන ප්‍රතිලාභ සෑම කෙනාටම තරාතිරම නොබලා සාධාරනව ලැබිය යුතුයි. මේ රටේ සහජීවනයක් ඇතිකිරීමට නායකයින් වගබලාගත යුතුයි. මෙම ප්‍රදේශවල ආරක්ෂාව තරකොට ජනතාව යහමගට ගැනීමට සියලුදේ කලයුතුයි. පොඩි දරුවන්ගේ සිට සියලුදෙනාට සහජීවනයෙන් සිටිය හැකි පරිසරයක් බිහිකළ යුතුයි. ඇමතිවරු කෝටි ගණන්වල වාහන ගෙනවිත් සුඛවිහරණ කරන සල්ලිවලින් කොටසක් රටේ දැවෙන ප්‍රශ්න විසදීමට යෙදිය යුතුයි. අපේ රටට ලැබෙන බිලියන ගණන් අධාරවලට වෙන දෙයක් නෑ. වැඩිහරිය බහිරවය ගිලිනවද දන්නේ නෑ. ර මහා බැංකුවේ වගේ. මෙම මුදල්වලින් රටේ සංවර්දනයට යොදවන්නේ අල්ප මාත්‍රයක් විතරයි. මිනිස්සුන්ට කන්න, ඉන්න ක්‍රමයක් නැතිවෙනකොට ජීවිත එපාවෙනවා. මේ විදියට තමයි ත්‍රස්ත කල්ලි බිහිවෙන්නේ.

:       127       25

NuwanMonday, 31 July 2017 06:02 PM

මේ මහත්මය සහතික ඇත්ත කියලා තියෙන්නේ එකටත් ඩිස්ලයික් දාන මෝඩයෝ ඉන්නවනේ

:       0       0

සෙනෙවි Tuesday, 01 August 2017 06:19 AM

නලවල හරියන්නෙ නෑ. මෙම අපරාධ කල්ලි කේරල ගංජා සහ හෙරොයින් මෙරටට ගෙන්වන ජාවාරම් කරුවන්ගේ කණ්ඩායම්වල සාමාජිකයන් .උතුරේ දෙමල ජනතාවටත් මොවුන් තද බල පිලිලයක් වෙලා.

:       0       0

rocky Tuesday, 01 August 2017 03:24 AM

ඉතින් ඒ වෙනුවෙන් ඔබ ගන්න පියවර මොකක්ද? ඔබේ ක්‍රියා කලාපය ගැන විස්වාසයක් තැබීම අමාරුයි!

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 01 August 2017 01:41 PM

පොලිස්පතිතුමා මේ විමර්ෂණය හරියට කරයි. කරුණාකරලා දේශපාලනය ඇගිලි නොගසන්න. පොලිස්පතිතුමාට වසර 30 කට එපිටින් පළපුරුද්ද ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 513 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 175 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 248 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 277 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 403 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 928 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site