IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස්පති විරෝධය නොතකා පාලිත සිරිවර්ධනට උසස්වීම්

තරිඳු ජයවර්ධන
 
වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනවාට පොලිස්පතිවරයා දිගින් දිගටම විරෝධය දැක්වූ කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ජතික පොලිස් කොමිසම විසින් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනු ලැබීය.

 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ඇතුළු පස් දෙනකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මුල් වරට තීරණය කර පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ පසුගිය අප්‍රේල් පස් වැනි දා ය. ඒ  මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීම ගැන නැවත සලකා බලන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබිණි.
 
එම තීරණය සලකා බලා යළිත් වරක් පොලිස් කොමිසම දැනුම් දුන්නේ ඒ දෙදෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනාම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙසයි. කෙසේ වෙතත් අවස්ථා තුනකදීම ඔවුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් නොකිරීම නිසා මැයි මාසයේ මුල් සතියේ දී ජාතික පොලිස් කොමිසම පාලිත සිරිවර්ධන මහතා හැර ඉතිරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු  හතර දෙනා වැඩ බලන පොලිස්පතිවරුන් ලෙස පත් කරනු ලැබූහ.
 
තමා කිලිනොච්චි කොට්ඨාසයෙන් මාරු කර කොට්ඨාසයක් නැතිව සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන බවට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බව කියමින් පාලිත සිරිවර්ධන මහතා පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. බොරු චෝදනා මත යළිත් වරක් තමාට හිරිහැර කරන බව කියමින් සිරිවර්ධන මහතා පොලිස්කොමිසමට පැමිණිලි කර තිබුණු බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.   මේ හේතුව නිසා තමාට උසස්වීම් නොදෙන බව කියමින් පාලිත සිරිවර්ධන මහතා කොමිසමට ලිඛිතව දැනුම් දුන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පාලිත සිරිවර්ධන මහතාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් කෙටුම්පත් කර නීතිය හා සාමය අමාත්‍යංශයට යවා ඇතැයි පොලිස්පතිවරයා දැනුම් දුන් බවත්, ඒ අනුව එම චෝදනා පත්‍ර දෙක කොමිසමට ගෙන්වාගෙන විමසා බැලූ බවත්, එම චෝදනා පත්‍ර සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
 
ඒ අනුව කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්ති තනතුරට පත් කළ ජාතික පොලිස් කොමිසම ඊට අදාළ පොලිස් පණිවුඩය නිකුත් කරන ලෙස පොලිස්පතිට දැන්වූ බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වී ඇත්තේ 1979 වසරේදීය. ඒ මහතා කොළඹ, තංගල්ල, යාපනය ආදී ප්‍රදේශ රැසක සේවය කර තිබේ.



අදහස් (9)

පොලිස්පති විරෝධය නොතකා පාලිත සිරිවර්ධනට උසස්වීම්

Suranga Thursday, 24 May 2018 05:44 PM

අපේ කාලයේ මෙහෙම උනේ නෑ අපෙ හාමුදුරුවනේ.... උසාවිය කිව්වත් තීරණ වෙනස් කලේ නෑ...

:       2       51

Bamunuarachchi Thursday, 24 May 2018 11:22 PM

ජනතාව චන්දයෙන් ප්‍රතික්ෂේප මිනිසුන්ට ඇමතිකම් දුන්නානම් පොලිස්පති ප්‍රතික්ෂේප කල කෙනෙකුට නියෝජ්‍ය පොලිස්ප්ස්තිකම දීම පුදුමයක් නොවෙයි. දැන් වෙන්නේ කුඹුර හාන්න එලහරක්යි මීහරකයි ඇන්දුවාම වෙනදේ. දෙසපාලුවන්ට පොලිස්සිය තුල පාලනය බොහොම ලෙහෙසිවෙනවා

:       20       8

Chanak Los angeles Friday, 25 May 2018 12:51 AM

පොලිස්පති හරි .. මොහු මිනීමැරුම් චෝදනාවකට ලක්වී වැඩපවා තහනම් කල පුද්ගලයෙක් . කොහොම නිදොස් වෙලා අයිමත් තනතුර ආවද කියා දෙවියෝ පමණයි දන්නවා ඇත්තේ ..අපිට තේරෙන්නේ නැහැ සේවා වාර්තාවේ කළුපැල්ලම් තිබෙන පුද්ගලයන්ට කෙසේද උසස් වීම් දෙන්නේ කියා ?

:       160       44

M.A.A.R. Fernando Friday, 25 May 2018 01:46 AM

වයස අවුරුදු 18 දී සේවයට ආවත් දැන් වයස 57 යි. පොලිස්පතිතුමාගේ මේ විරෝධය වසර 40 ක් පොලිස් සේවාවේ සිටි විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙන කෙනෙකුට යි!

:       0       32

sanath Friday, 25 May 2018 04:15 AM

පොලිස්පති හරිද? කොමිසම හරිද? නීතිය සහ සාමය පිලිබඳ ඇමතිතුමාගෙන් අහන්න.

:       2       0

KANDEPOLA Friday, 25 May 2018 04:35 AM

රටේ සාමය පවත්වාගැනීම කෙසේ වෙතත්, තම ඉහල නිලධාරීන් අතරවත් සාමය එකමුතුකම පවත්වාගන්න මේ පොලිස්පත්වරයා අසමත්.

:       1       109

Chandima Friday, 25 May 2018 11:51 AM

කවුද නිවැරදි කවුද හරි කියල නොදැන කොහොමද අදහස් පල කන්නේ? ඔය කොමිෂන් ස්වාධින කිව්වට ඕවයේ ඇතුළේ දේශපාලන නියෝජිතයෝ ඉන්නවා.

:       3       7

Rohan gunarathna Saturday, 26 May 2018 08:47 AM

මේ පොලිස්පතිතුමා නම් කුජිත වෙලා ඉන්නේ... පාලිත සිරිවර්ධන කියන්නේ ඉතා හොඳ ජනප්‍රිය පොලිස් නිලධාරියෙක්...

:       0       9

Rohan gunarathna Saturday, 26 May 2018 09:02 AM

දැන් පොලිසිය නම් ඉවරයි. නිලධාරීන්ගෙන් හරියට පළිගන්නවා. පිස්සු නටනවා... පාලිත සිරිවර්ධන කියන්නේ ඉතා හොඳ පොලිස් නිලධාරියෙක්... කව්රුත් දන්නවා මේ ඇතැම් ලොක්කන් නිලධාරින්ගෙන් හරියට පළිගන්නවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 107 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 241 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1034 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 130 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 326 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site