නාලක සංජීව දහනායක
පොලිස්පතිවරයා පොලීසියට භාවනා වැඩමුළු පවත්වන විට විදෙස් ගත පාතාල නායකයන් මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, කප්පම් ගනිමින් දුරකථනය ඔස්සේ රට පාලනය කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා අද (21) පැවසීය.
මෙම තත්ත්වය පාලනය කර නීතිය හා සාමය ස්ථාපිත කිරීමට පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු බවද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
ත්‍රස්තවාදී යුද්ධයට මුහුණ දෙමින් තවත් නොයෙකුත් අර්බුදවලට මුහුණ දෙමින් ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන ගියා. ණය අරගෙන රට සංවර්ධනය කළා. හැම ගමකම ඒ සංවර්ධන ව්‍යාපෘති දකින්න තියෙනවා. නමුත් මේ ආණ්ඩුව සීමාවක් නැතුව ණය ගන්නවා මිස කරන දෙයක් නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව කටයුතු කිරීම නිසා රුපියල ඔහේ පාවෙනවා. රුපියල අවප්‍රමාණය වීම නිසා රටේ ණය බර රුපියල් බිලියන 826 දක්වා ඉහළ ගිහිල්ලා. 2014 වසරෙදි රුපියල් ට්‍රිලියන 1 වූ රාජ්‍ය ආදායම මේ වනවිට රුපියල් ටි්රලියන 2ක් දක්වා සියයට සියයක් දක්වා ඉහළ ගිහිල්ලා. ජනතාව බදු බරින් මිරිකිලා. රටේ සංවර්ධනය බෝඞ් ලෑල්ලකට සීමවෙලා.
ජනාධිපතිපතිවරණයේදී කතාකළ මාධ්‍ය නිදහස, සාධාරණ සමාජ ක්‍රමය ගැන අද කතා කරන්නේ නැහැ. පොලිස්පතිවරයා පොලීසියට භාවනා කරන්න උගන්වන විට ඩුබායි ඉන්න පාතාල සාමාජිකයන් දුරකතනයෙන් රට පාලනය කරනවා.
තමන්ට විරුද්ධ පාතාල කල්ලි සමජිකයන්ගේ බෙල්ල කපලා උසාවිය ඉස්සරහට ගෙනත් දානවා. රට ඉන්න පාතාල සාමාජිකයන්ම පොලීසියට දුරකතනයෙන් කතා කරල කියනකම් පොලීසිය ඒ ගැන දන්නෙත් නැහැ. පාතාලය මිනී මරණ විට, මත්ද්‍රව්‍ය සමාජය ගිලගන්නා විට පොලීසිය පන්සිල් රැකලා වැඩක් නැහැ. සමාජයේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න පොලීසිය ක්ෂණිකවම ක්‍රියාත්මක විය යුතුයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පොලිස්පති භාවනා වැඩමුළු තියද්දී පතාලෙන් මනුෂ්‍ය ඝාතන කරනවා’
sirimal Thursday, 21 June 2018 11:11 AM
මේ වගේ අභූත කතාවල් තමා දැන් රට පුරා ප්‍රචාරය වෙන්නේ. මේවා විශ්වාස කරන උගත්, සිල්වත් ගුණ ගරුක ගරුතර නායක හිමිවරු පවා ලෝකයම පිළිකුල් කරන හිට්ලර් කෙනෙක් වෙලා හමුදා පාලනයක් ඇති කරන්න " කියා අර්ථයෙන් ධර්මයෙන් කෙසේවෙතත් වචනයෙන් උපදෙස් දෙන්නේ සමහර කණ්ඩායම් ඉතාම සැලසුම් සහගත ආකාරයෙන්... මේවගේ බොරු ප්‍රචාර පතුරුවන්නට සමත්වී ඇති නිසයි.
tommy Thursday, 21 June 2018 11:39 AM
මටත් ඔය වගේම කතා කරන්නට පුළුවන්.
Saththaya Friday, 22 June 2018 03:41 AM
මේ කියමන් තමා දැන් රටේ වෙන හොදම විහිළු . ජනතාව මැරිලා ඉපදිලය් ඉන්නේ . අලුතෙන් ඉපදුනේ බූරුවෝ ටිකක් කියලය් මේ අය හිතන්නේ.
kalani Saturday, 23 June 2018 05:27 AM
අලුත් නියෝජ්‍ය ඇමතිතුමා කියලා තිබුනා දැන් අපරාධ අඩුවෙලා කියා. එතුමා මාතර පැත්තේ කෙනෙක් නොවනනිසා වෙන්න ඇති.