IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පල්ලේකැලේ තරුණයාගේ මරණය ඝාතනයක්

තරිඳු ජයවර්ධන

මහනුවර පල්ලේකැලේදී පිළිස්සුණු නිවසක තිබී තරුණයකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය මිනී මැරුමක් සේ සලකා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

එම නිවසට සහ ඒ අසල කඩයට ගිනි තැබූ පිරිස් ගැන වැදගත් තොරතුරු රැසක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. විමර්ශන සඳහා සීසීටීවී දර්ශන සහ වීඩියෝ දර්ශන උපයෝගී කර ගන්නා බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය හය වැනි දා උදෑසන මහනුවර පල්ලේකැලේ කෙන්ගල්ල නිවසක තිබී මෙම තරුණයාගේ (26) මළ සිරුර හමු විය.  පස් වැනිදා ඇතිවූ කලබල කාරී වාතාවරණයේ දී එම තරුණයා සිටි නිවසට ගිනි තබා ඇති අතර ඔහුගේ සහෝදරයා සහ දෙමාපියන් දිවි බේරාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ආබාධිත තත්ත්වයේ පසුවූ බව කියන මෙම තරුණයා  දුම ආඝ්‍රාණය වීමට නිසා මියගොස් ඇතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවත්, දුම ආග්‍රානය වීමට හේතුව ඔහු සිටි නිවසට ගිනි තැබීම බවත්, එම නිසා මෙය මිනීමරුමක් සේ සලකා සැකකරුවන්ට එරෙහිව මිනීමරුම් චෝදනා යටතේ ඉදිරි කටයුතු සිදු කරන බවත් පොලිසිය සඳහන් කරයි.
 



අදහස් (11)

පල්ලේකැලේ තරුණයාගේ මරණය ඝාතනයක්

ලංකා Thursday, 08 March 2018 05:56 PM

මේ අයට තේරෙන්නේ නැති හැටියක් . මුස්ලිම් අය ලංකාවට ආවේ වෙළෙන්දෝ හැටියට. අතීතයේ සිටම මුස්ලිම් අය කලේ වෙළදාම? එක තමයි මුස්ලිම් අයගේ ප්‍රධාන රැකියා ක්‍රමය. කාලාන්තරයක් එකමදේ කරනකොට ඔවුන්ගෙන් පැවෙත එන ප්‍රජාවත් වෙළදාමට අනුගත වීම වලක්වන්න බෑ. එක කොහොමද රට ඇල්ලීමක් වෙන්නේ. ?

:       960       1873

BamunuarachchiSaturday, 10 March 2018 01:56 PM

දන්නා දෙයක් කතා කොරන්න ලංකා. ලංකා ඉතිහාසය සහ ලෝක ඉතිහාසය ටිකක් ඉගෙන ගන්න. හැබැයි ඊයේ වෙච්ච දෙයක් ඉගෙන ගැනීමත් ඉතිහාසයට අයිතීයි ඒ කත් මතකතියා ගන්න.

:       0       3

ජගත් ලියනගේ Thursday, 08 March 2018 11:19 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නෙ . ගෙට ගිනි නේද තියල තියෙන්නෙ ? ඒක වැරදි වැඩක් තමයි ඒ උනාට ඒක කරපු අය මරන්න චේතනාවක් තිබුණ කියල කියන්නේ බැහැ නේද ?

:       156       217

Ajith NissankaSaturday, 10 March 2018 02:22 AM

අනේ ඔය නොදන්නා කමින්ම තමන්ගේ ගෙට ගිනි තියාගෙන බලන්නකෝ! ජනතාවගේ නොදන්නා කමම තමා මේ තක්කඩි රැල අදත් පාවිච්චි කරන්නේ!

:       1       5

BamunuarachchiSaturday, 10 March 2018 01:59 PM

ඔබ හරි මිනිස්සු කතා කළාට, පොලිස්සිය කීවට ඕක මිනීමැරුමක් ලෙස ඔප්පු කොරන්න උසාවියේදී බැහැ.

:       0       1

Rasi Friday, 09 March 2018 04:06 AM

ඒ සහෝදරයට සාධාරනය ඉෂ්ට විය යුතුයි. ඒ වගේම අර පුජාපිටියේ මිය ගිය පුද්ගලයාගේ පරීක්ෂණයත් කල යුතුයි. රජයක් සාධාරන විය යුත්තේ එසේයි. එක එක ජාති වලට අනෙක් ජාතියෙන් සමාව ගන්න යනුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නිකුත් නොකර, සැමට සාධාරණය ඉෂ්ට වන බව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන සිදු කර පෙන්විය යුතු වේ. එවිට ඔය කියන සංහිදියාව ඉබේම ලගාවනු ඇත.

:       4       441

RNG Friday, 09 March 2018 07:54 AM

මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. නැත්නම් එක ජාතියක් අනිත් ජාතීන් කෙරේ ඇතිවන වෛරය නවත්වන්න බෑ කොහොමවත්.. මුලින්ම මේක පටන් ගනිපු තැන ඉදලයි පරීක්ෂණ ආරම්භ කරන්න ඕන..

:       0       57

pakeer Friday, 09 March 2018 02:14 PM

රටේ තියෙන නීතිය, ජාති, ආගම්, දේශපාලන, ඇති හැකි, නැති බැරි, බල පුළුවන් මේ හැමට පොදුවේ ක්‍රියාත්මක කරන්න. එතකොට නිකන්ම ජාතික සමගි නෙමේ, ඊටත් එහා ගිය දෙයක් උනත් ඉතාම සාමාන්‍ය අයුරින් විසදන්න්න පුළුවන්. මේවා මේ අහස පොලව ගැට ගහන්න වගේ දගලන්න ඕනේ මහා දේවල් නෙමෙයි. මේවට පාර්ලිමේන්තු රැස් වෙලා මහප්‍රාණ දේවල් ඕනේ නැහැ.

:       0       12

BamunuarachchiTuesday, 13 March 2018 02:18 AM

කියවන විට අනේ පව් කියලා සිතෙනවා මොනවා කරන්නද? නීතිය ක්‍රීයාත්මක වෙන්නේ වරදක් වුනාම. නීතිය තිබුනා කියලා වරදවල් නොකර ඉන්නේ නැත. මිනිස්සු මිනී මරන්නේ එල්ලුම්ගස් යන්න බලාගෙන. නීතියෙන් වරද කරන එක නවතා ගන්නේ කොහොමද?

:       0       0

සෙනෙවි ගාල්ල Sunday, 11 March 2018 11:42 AM

චේතනාවක් නොමැති නිසා පානාතිපාතා ශිල්පදය නොකැඩේ එබැවින් පවක් සිදු නොවේ. මිනීමැරුම් චොදනා නැගිය නොහැක නිදහස් කරන්න. මෙයයි බුදුදහම තමන්ගේ වාසියට හරවා ගැනීම. අනේ බුදුනි වැඩ සිටියේ නම් කුමක් කියයිද මේ අළුත් බෞද්ධයන්ට?

:       1       17

wasantha Monday, 12 March 2018 11:34 AM

පෙත්ත පිටි ගුලියක් වුණාට පෙත්ත ආහාර වලට එකතු කරෙත් ඒ වගේ නේද? අරමුණ වුනේ සිංහල මිනිහට විටමින් දෙන්න නෙමෙයි නේද? ජාතින් දෙකකට නීති 2ක් කියන්නේ අනිවාර්යයෙන් ගැටුමක්...

:       28       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 473 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1853 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1428 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 801 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1972 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 96 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site