IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාලිත තෙවරප්පෙරුමට හදිසි හදවත් සැත්කමක්

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන පාලිත තෙවරප්පෙරුම මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.

ඒ මහතා එහිදී හදිසි හෘද සැත්කමකට භාජනය කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තෙවරප්පෙරුම මහතා දීර්ඝ කාලයක් තිස්සේ තිස්සේ හෘදයාබාධයකින් පෙලුනු අතර ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවද වාර්තා වේ.
 



අදහස් (16)

පාලිත තෙවරප්පෙරුමට හදිසි හදවත් සැත්කමක්

Gamekolla Tuesday, 16 June 2020 12:31 PM

ඉක්මණට සනීප වෙන්න. ඔබ හොඳ හදවතක් තියෙන මනුෂ්‍යයෙක්...

:       3       1132

Shan Tuesday, 16 June 2020 12:41 PM

දුප්පතාගේ හිතවතා. ඔබට ඉක්මන් සුවය ලැබේවා..!!! එකෙන්ම දියවන්නාවට..

:       1       957

indra Tuesday, 16 June 2020 01:46 PM

ඔබට ඉක්මන් සුවය... ඔබ හිත හොඳ මිනිසෙක්..

:       1       118

Thilina Tuesday, 16 June 2020 01:48 PM

දුප්පත් මිනිස්සු වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු මනුස්සයෙක් සහ කෙළින් කතා කරපු කෙනෙක්.. ඉක්මන් සුවය පතනවා.

:       1       94

කපුරුහාමි Tuesday, 16 June 2020 02:11 PM

ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිරෝගී සුවය ලැබේවා. සියලු දෙවිපිහිට ලැබේවා...!!!.

:       0       95

aravi Tuesday, 16 June 2020 02:13 PM

අපි හිතුවේ මෙයාට හදවතක් කියලා දෙයක් නැහැයි කියලා...

:       1208       72

සනත් ඉතාලිය Tuesday, 16 June 2020 02:48 PM

මනුස්සයෙකුගේ අසනීපයකදි ඔය වගේ අමන අදහස් ප්‍රකාශ කරන්න එපා. ඒත් මෙතුමා ඔරිජිනල් හදවතක් ඇති මනුස්සයෙක්... පක්ශ, පාට අදාල නැහැ.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..

:       7       171

සුදත්Tuesday, 16 June 2020 03:10 PM

ඔබට නම් හදවතක් සහ නිසිලෙස වර්ධනය වූ මොළයකුත් නැති බව නම් කමෙන්ට් එකෙන්ම පේනවා.

:       3       123

නිසංසලාWednesday, 17 June 2020 03:22 AM

ඔබ මේ මනුස්සයා ගැන නොදැන කතා කරන කෙනෙක් විය යුතුයි. නමුත් දැනගෙනත් ඔහොම කියනවා නම් වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න.

:       0       2

Champa Tuesday, 16 June 2020 02:55 PM

ජනතාවගේ මතය අනුව නම් මන්ත්‍රීවරුන්ට හදවත් නැහැ. සැත්කමක් හරි කරන්න පාලිතට ජනදුක හඳුනන හදවතක් තියෙනවා. පාලිත වනජීවී රාජ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ වෙඩි වැදිලා හිටපු, හරිම දිග දළ තිබ්බ කලාවැවේ දීඝජන්තු ඇතා බේරාගන්න අමු කැලේ කිලෝමීටර් 12ක් විතර ගියා මට මතකයි. දවස් ගානක් තිස්සේ හොර වනජීවී නිලධාරීන් නැහැයි කියපු දීඝජන්තුව, පාලිත වනජීවී නිලධාරීන් 50ක් එක්ක කැලේට ගිහින් එක දවසෙන් හොයා ගෙන ඇවිත් බෙහෙත් කෙරෙව්වා. පාලිත නොහිටින්න අපිට තවත් ලංකාවේ දිගම දළ තියෙන ඇතෙක් අහිමි වෙනවා. තවත් තුවාල වෙලා හිටපු අලි ඇත්තුන්ට බෙහෙත් කරවලා රක්ෂිත වනාන්තර වලට යැව්වා. ඒකට මොකද අද ඉන්න අපේ දේශප්‍රේමී පැත්තේ වනජීවී ඇමති වනාන්තර ටික විනාශ කරනවා. තව කැලේ ඉන්න සත්තුන්ව අල්ලාගෙන සත්තු වත්තකුත් හදන්න යනවලු. මේවා කරන්න හදන්නේ බුදුදහමේ හදවතවන් අනුරාධපුරේ. නම ලිව්වට වැටෙන එකක් නැහැ. අනුරාධපුරේ ඉන්න වර්තමාන ඉඩම් පරිසර සහ වනජීවී ඇමතිව නම් නැවත පාර්ලිමේන්තු එවන්න එපා. නමුත් පක්ෂේ මොකක් වුණත් රටට වැඩක් කරපු පාලිත තෙවරප්පෙරුම වගේ ඇමැතිවරු මිනිස්සුන්ට අමතක වෙන්නේ නැහැ. ඔබට ඉක්මන් සුවය පතනවා, පාලිත..!

:       7       806

sunandaTuesday, 16 June 2020 03:34 PM

දැන් ඉන්නේ ඇමති කෙනෙක් නොවෙයි.. මේ පාර මේ අයගෙන් කැලෑව බේරාගත යුතුයි.

:       1       1064

ChampaTuesday, 16 June 2020 06:31 PM

මිනිස්සු එකා වගේ එකතු වෙලා වහල් ආණ්ඩුව ගෙදර යැව්වේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එදා මිනිස්සු විරුද්ධ වෙච්ච දේවල් කරන්න නොවෙයි.

:       0       0

M.Ossan Salam Tuesday, 16 June 2020 04:27 PM

කළුතර දිස්තිරික්කයේ සෑම ඡන්දදායකයන්ගේම හෘද සාක්ෂියට බලවත් ප්‍රහාර එල්ල කරමින් සිටින දැවැන්ත චරිතයක්.. ඔහු අවශ්‍ය යැයි කියවෙන නමුත් ඔහුගේ පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමට එතරම් උනන්දුවක් ඡන්දදායකයින්ට නොමැති බව දැන් දැන් ඒත්තුවෙමින් පවතී. මෙය පෞද්ගලිකත්වය සහ පක්ෂ ප්‍රතිපත්ති අතර සටනක් බව පැහැදිලිය...

:       1       1

ලැවොයිසියර් Wednesday, 17 June 2020 01:55 AM

ඉක්මන් සුවය පතමු. !

:       0       5

saman Wednesday, 17 June 2020 02:17 AM

ඔබ සෙසු දේශපාලනය කරන අයට වඩා වෙනස් විදිහකට ගමන යන කෙනෙක්... බැරි දෙයක් නැහැ කියලා ඔප්පු කරන කෙනෙක්... ඔබගේ සේවය තවදුරටත් රටට ඕනේ. ඔබට ඉක්මන් සුවය පතමි..

:       0       5

vidya Wednesday, 17 June 2020 04:15 AM

ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සුවවේවා..!!!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 335 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 697 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 830 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 618 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 171 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1788 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site