IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පරිසරය වෙනුවෙන් හඬ නැගූ තරුණයාට මැර ප්‍රහාරයක්

තරිඳු ජයවර්ධන
 
තංගල්ල බෙලිඅත්තේ රිලාගලයාය පාරිසරික පද්ධතියේ පිහිටි ගල් කන්දක් අධිවේගී මාර්ගය සඳහා කැඩීමට එරෙහිව දිගින් දිගටම සටන් කළ ගැටමාන්නේ තරුණයකු (30) පහරකෑමට ලක්ව තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
 

ප්‍රදේශයේ සිදුවීමට නියමිත විශාල පාරිසරික හානියකට විරුද්ධව වසරක පමණ කාලයක් තිස්සේ සටනේ නියුතු මෙම පුද්ගලයා මීට දෙදිනකට පෙර මේ ගැන ජනමාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබිණි.
 
අද සවස ඔහු දියනෑමට ගොස් සිටිය දී පැමිණි දෙදෙනකු හිසට බෝතලයකින් පහර දී ඔහු වනාන්තරයේ කිලෝමීටර තුනක් පමණ ඇදගෙන ගොස් ගස් බැඳ පහර දී තිබේ. රිලාගල යාය සුරැකීමේ සටනින් ඉවත් නොවුනහොත් මරා දමන බව ද පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බවට පොලිසියට පැමිණිලි කර තිබේ.
 
පහරකෑමට ලක්වී සිටි මේ පුද්ගලයා ගම්වාසීන් විසින් අද රාත්‍රී රෝහල් කරනු ලැබීය.
 
රිලාගල යාය විනාශ කිරීමට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය හා එක්ව පරිසර වේදීහු සහ ගම්වාසීහු පසුගිය සතියේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක් සිදු කළහ.
 



අදහස් (13)

පරිසරය වෙනුවෙන් හඬ නැගූ තරුණයාට මැර ප්‍රහාරයක්

Indunil Wednesday, 01 August 2018 05:41 PM

සියල්ල පාලකයන් නැති කරනු ඇත...

:       1       58

sudath Wednesday, 01 August 2018 07:09 PM

වහාම ඔහුට සමාජයේ අවධානය හා ආරක්ෂාව හිමි විය යුතුය. මැරයන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාත්මක විය යුතුය

:       1       99

de silva Wednesday, 01 August 2018 07:31 PM

ඔය අධිවේගී මාර්ගය බෙලිඅත්ත හරහා හම්බන්තොට දක්වා හදන්න තීන්දු තීරණ ගත්තේ මහින්ද මහත්මයාගේ කාලේ ඔය මාර්ගේ දැන් වැඩ බොහෝදුරට අවසන් , දැන් විරුද්ධ වුන කියල ඕක වෙන පැත්තකින් හදන්න බැහැනේ ? හරිනම් කලින්ම විරුධවෙලා නඩුවක් පැවරුවා නම් ඉවරනේ , දැන් ඕකට ඩොලර් කොටි ගණනාවක් යට කරලා තිබෙන්නේ ඒවාට පොලි ගෙවන්නේ බදු ගෙවන ජනතාව වන අපිට , ඕක හදල විවුර්ත කරහම ඕකෙන් දිනපතා අධායමක් ලැබෙනවා එකෙන් පුළුවන් අඩුම තරමේ පොලියවත් ගෙවාගන්න , නිකන් අනවශ්‍ය උද්ගෝෂණ කිරීමෙන් වෙන්නේ රටේ ආර්ථිකය කඩ වැටිලා අපි තව තව පිට රටවලට නය වෙන එක .

:       10       52

Perakum Thursday, 02 August 2018 02:32 AM

අපි දේශපාලකයින්ට චන්දය දීල පත්කරගත්තේ පරිසර විනාශයට පුර්ණ බලතල දීලයි. දැන් ඉතින් ඒ ගැන කලබල වෙලා වැඩක් නැහැ. වැරැද්ද අපේ අතේ. ඊළඟ මැතිවරණයේදී බලාගමු.

:       0       39

jayantha Thursday, 02 August 2018 03:35 AM

කාල්ටන් නිවසෙන් වෙන්න ඇති ඔය චන්ඩි ටික එවන්න අතේ .

:       137       131

sudeshThursday, 02 August 2018 06:17 AM

කාල්ටන් නිවසෙන් එව්වානම් සිරිකොතෙන් හොයලා දඩුවම් දෙන්න ඕනේ.

:       2       17

රජින්ද Thursday, 02 August 2018 04:45 AM

ගස්-කොලන්, සතා-සීපාවුන්, නිල්වන් දිය දහරාවල් පෙන්නන්න බැරි අමනුස්සයින් පිරිසකට මේ රට බාර දුන් බුද්ධි හීන රටවැසියන් සියලුමදෙනා මේ රටේ සිදුවූ සහ සිදුවන දැවැන්ත ස්වභාවධර්මයේ පරිහානියට ඍජුව වගකිව යුතුය. මීළඟ ජන්දයට කලින් මොවුන්ට එරෙහිව යන්නට දැවැන්ත පරිසර හිතකාමී ජන පවුරක් සෑම ගමකම බිහිවිය යුතුය. දේශපාලන හෙන්චයියන් විසින් සිදුකල මේ මිලේජ්ච ප්‍රහාරයට ඔවුන්ව අත්අඩංගුවට ගනු ඇති බලාපොරොත්තුවක් නොමැති අතර, මේ සහෝදරයාට අත්වූ ඉරණම නැවත කිසිවෙකුට අත්නොවේවා...!!! මේ සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා...!!!

:       9       67

lakmal Thursday, 02 August 2018 04:45 AM

හොදම වැඩේ. තමන්ගේ පාඩුවේ වැඩක් කරන ඉන්නේ නැති එවුන්ට ඕක තමි කරන්න ඕනේ

:       164       16

Raveendra Thursday, 02 August 2018 05:42 AM

ස්ථිර වශයෙන්ම දේශපාලුවෙක් මෙම සිදුවීම පිටුපස ඇති. දෙස්පාලුවා යනු තමන් උපන් මවුබිම විනාශ කාරණා කෙනෙකි.

:       0       30

Bandara Thursday, 02 August 2018 06:19 AM

රජින්ද අධි වේගය හැදු පසු පරණ පාරෙන්ම යන සැටි බලා ගත හැක.

:       0       17

de silva Thursday, 02 August 2018 06:49 AM

කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ ලංකාවට යහපාලන ක්‍රමයේ පාලන ක්‍රමයක් ගැලපෙන්නේ නැත , ලංකාවට ගැලපෙන්නේ ජයවර්ධන , ප්‍රේමදාස , රාජපක්ෂ මොඩල් එකේ පාලන ක්‍රමයන්ය, මේ විදිහට ගියොත් රටේ එක එක වෘතිකයන් කොටස් සහ දේශපාලන සංවිධාන සංවිධානය වී ඔවුන්ගේ අන්තනෝමතික ඉල්ලීම් දිනාගැනීමට වර්ජන, උද්ගෝෂණ කරන නිසා රටේ ආර්ථිකය අඩපනවෙලා, පාතාල ක්‍රියාකාරකම් නීතියේ ඇති ලිහිල් බව නිසා වර්ධනය වී ඇත ජිවන බර ඉහලගොස් තැලෙන්නේ පොඩි මිනිසාය.

:       0       77

පිටිගල මිලානෝ Thursday, 02 August 2018 08:03 AM

රාළහාමිලා භාවනායෝගීව සිටින අවස්ථාවක වෙන්න ඇති මෙම පහරදීම සිදුවුණේ.

:       0       1

නාමල් Thursday, 02 August 2018 10:26 AM

කවුද කවුද බෙලිඅත්තේ අපට උඩින් යන්න ඉන්නේ. බලාගමු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 707 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 134 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 915 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 948 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1287 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1155 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site