IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වාහන බලපත‍්‍ර අවශ්‍ය නෑ - මුදල් ඇමැති

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වාහන බලපත‍්‍ර අනවශ්‍ය යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

වාහන බලපත‍්‍ර නිකුත් කිරීම රජයට දරා ගත නොහැකි බවත් බලපත‍්‍ර තාවකාලිකව නතර කිරීමටද එය හේතු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද කීවේය.

       ‘‘අපි වාහන බලපත‍්‍ර තාවකාලිකව නැවැත්තුවා. මන්ත‍්‍රීවරුන්ගේ  බලපත‍්‍ර නැවැත්තුවේ සියලූම මන්ත‍්‍රීවරුන්ට බලපත‍්‍ර දුන්නට පස්සේ කියලා මෙතනදි අපිට සියලූ දෙනා බනින්න ගත්තා.

ඔව් ඒ වෙනවිට ගොඩක් අය බලපත‍්‍ර අරන් තිබුණා. නමුත් අනික් පැත්තෙන් මන්ත‍්‍රීවරුන්ට බලපත‍්‍ර දිපූ පලියට ඒවා නවත්තන්නේ නැතුව අනික් ඒවා නැවැත්තුවානම් මේ අය එතකොට අහන ප‍්‍රශ්නය ගැන පොඞ්ඩක් හිතලා බලන්න.

මගේ  නම් හැඟීම මේ වාහන  බලපත‍්‍ර අවශ්‍ය නැහැ කියන එක. ඒ නිසා තමයි ඊයේ පෙරේදා උතුරේ මහ ඇතිතුමාගේ වාහන බලපත‍්‍රය  කැබිනට් එකට ආපු වෙලාවේ නවත්තන්න සිද්ධ වුනේ.

මේ අවුරුදු දෙක ඇතුළත අලුත් මන්ත‍්‍රීවරයෙකු ආවත් ඒක ලැබෙන්නේ නැහැ.  මේක නීතියක් විදියට ගේන්න අපිට සිද්ධ වුනා‘‘ යැයි අමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (10)

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වාහන බලපත‍්‍ර අවශ්‍ය නෑ - මුදල් ඇමැති

de silva Tuesday, 09 October 2018 01:30 PM

දැන් ඕක මාස 6 කට නවත්වලා වැඩක් නැහැනේ, පාර්ලිමේන්තුව පත් වුනේ 2015 දී පසුගිය අවරුදු 3 තුල ඔක්කොම ඕවා අරගෙන ඉවරනේ, පුලුවන්නම් ඔය බලපත්‍ර වලට සීමාවක් පනවන්න, ඩොලර් 35000 කට වැඩි වටිනාකමක් තිබෙන ඒවා ගෙනෙන්න බැහැ කියලා. ඔය අවරුදු 5 හේ සිමාව අවරුදු 8 හෝ 10 දක්වා ඉහල දමන්න

:       12       72

sinidu Tuesday, 09 October 2018 01:40 PM

ඇත්තටම මොකටද ඇමතිවරුන්ට මන්ත්‍රිවරුන්ට සැප වාහන. ඕවයින් ගිහින් ජනතාවට අවශ්‍යතා ඉටුකරනවා නම් දුන්නට කමක් නැහැ. එක්කෝ පුතා දුව නෝනා තමයි ඕවා පාවිච්චි කරන්නේ. තමන්ගේ පුද්ගලික සුඛ විහණය වෙනුවෙන්. අපිත් අනුමත කරන්නේ නැහැ වාහන දෙන්න ඕන කියලා.

:       0       131

JahamanayaaWednesday, 10 October 2018 04:10 AM

ඔයා ගත්තද ?

:       0       0

lakmal Tuesday, 09 October 2018 02:02 PM

මේ අය තමුන්ට ඕනේ ඔක්කොම වරප්‍රසාද අරගෙන දැන් කියනවා වාහන බලපත‍්‍ර අනවශ්‍යයි කියා. පුදුමේ කියන්නේ තාමත් මේ අය හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු ඔක්කොම කොන්ඩේ බැඳපු චීන්නු කියලා.

:       16       113

Hafeel Tuesday, 09 October 2018 03:43 PM

සේරම ගත්තයින් පසු දැන් කියනවා අවශ්‍ය නැහැ බව.

:       0       127

Bamunuarachchi Tuesday, 09 October 2018 05:15 PM

රජයේ සේවකයින් ඇතුළු මැති ඇමතිවරුන්ට වාහන බලපත්‍ර දීම නවතා දමන්න. රාජකාරිය කරන්න නිල වාහන දෙන්න. පෞද්ගලික පාවිච්චියට වෙළඳපොලේ මිලට වාහන ගන්න.

:       285       405

Rohana Wednesday, 10 October 2018 01:34 AM

දැනට තියන සියලුම වාහනවලට බලපත්‍ර දෙන එක නවත්වල තව ටිකකලකින් අර අලුතින් සොයාගත් පියාඹන කාර්වලට විතරක් බලපත්‍ර නොදුන්නොත් තමය පුදුමය.

:       0       0

Silva Wednesday, 10 October 2018 02:54 AM

රජයේ සේවකයින්ට වාහන බලපත්‍ර දීම නවතා දමන්න. ඔවුන් වගේම හෝ ඊටත් වැඩියෙන් වැඩ කරන පෞද්ගලික අංශයේ සේවකයෝ මේ රටේ ඉන්නවා ඔවුනුත් වැඩ කරන්නේ රට වෙනුවෙන් තමයි අඩුම ගානේ විශ්‍රාම වැටුපක්වත් නැතුව ...

:       0       2

ET Wednesday, 10 October 2018 03:51 AM

සියළු දෙනාට වාහන බලපත්‍ර නවත්වන්න. වාහන ලබා ගන්න සහනදායි ණයක් දෙන්න. මේක කරන්න අමාරු බව දන්නවා. මොකද රාජ්‍යය සේවකයෝ වැඩ වර්ජන කරාවි.

:       0       0

දිලුම් Wednesday, 10 October 2018 04:31 AM

අනේ ආපු දා ඉදල අඩවැඩියාවම තමයි. මුන්ට වාහන දෙන්න කියල හරියට අපි කියල වගේ කථාව. ඔක්කොම එවුන් ගත්තට පස්සේ නවත්තල ලොකු ගේමක් දුන්න වගේ කථාව. නැති බනෙයි බැරි බනෙයි විතරයි මුන්ගෙ කටෙි තියෙන්නේ. කම්මැලිකමට මේ රටේ වවන්න පුළුවන් දේවලුත් පිටරටින් ගෙනත් කකා ඩොලරයට විරිත්ත විරිත්ත මිනිස්සුන්ට දෙන සහන කප කප බදු වැඩි කර කර හාල්පාරුවො ටික ලෝකෙ වටේ කරක් ගහනවා. ඔයතරමට දේශ හිතෛශීනම් ඔය 225 එවුන් ගත්තඒවා දීපල්ලකො ආපහු. අනික මුන්ට මේ වාහන බලපත්‍ර නෑ කියල කිසි පාඩුවක් නෑ ඒකෙන් ලැබෙන ගානත් අල්ලල ව්‍යාපෘතියකින් කොමිස් කුට්ටියක් ගිල්ලම බලපත්තරේ හම්බඋනත් එකයි නැතත් එකයි. තුක් නොදකින් අසමජ්ජාති. ඒ මදිවට මුන් හිතන්නේ අපි හරක් කියල.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 633 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 117 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 864 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 885 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1251 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1134 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site