IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවේ අලුත්වැඩියාවට අනුමැතිය


 
 
(ඩයනා උදයංගනී)
            
පාර්ලිමේන්තු සංකීර්ණයේ කඩිනම් අලූත්වැඩියාවක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.


ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේ 1982 වසරේදී වන අතර ගතවූ වසර 35ක කාලය තුළ එහි ප‍්‍රධාන අලූත්වැඩියාවක් කිසිවක් කර නොමැති බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


එබැවින් එහි කඩිනමින් කළ යුතු බවට හඳුනාගෙන ඇති අලූත්වැඩියා කටයුතු කිරීමට තීරණය කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.


එම අලූත්වැඩියාවන් සිදුකිරීම සඳහා අවශ්‍ය උපදේශක සේවාව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ නිර්දේශය ද සළකා නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් ඉටුකරගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.


අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
 



අදහස් (5)

පාර්ලිමේන්තුවේ අලුත්වැඩියාවට අනුමැතිය

Raveendra Wednesday, 08 August 2018 10:51 AM

මොන දෙය අලුත්වැඩියා කලත් හොරහිත් එමෙන්ම මහජන දේපොළ විනාශ කරන ගති පැවතුම් වලින් තම මනස පරිපුර්ණවූ මඩුවකට මොන අලුත්වැඩියවන්ද ?

:       0       177

සඳුන් Wednesday, 08 August 2018 11:01 AM

ඔය එක්කම ඇඳන් ටිකකුත් ඕඩර් කරානම් හරි.... පුටු ටිකක් අඩු කරලා...

:       0       139

Nimal Wednesday, 08 August 2018 12:15 PM

මේකට වියදම් කරන සල්ලිත් අපරාදේ. මේකේ ඉන්නේ බාගෙට භාගයක් හොරු සහ රටට වැඩක් නැති අයනේ.

:       0       129

dama Wednesday, 08 August 2018 02:05 PM

අර කොලනි හිඟන්නෝ ඉන්න තැනද?

:       0       23

Nandalal DE SILVA- France Wednesday, 08 August 2018 08:01 PM

හිතා මතාම අවශ්‍ය නඩත්තු කටයුතු නොකර හිටියේ වසර 10 කට වඩා කාලයක් රට කරපු රාජපක්ෂ රෙජීමය නොවේද? ඔහොම ගිහින් එය පොළොවට පහත් උනා නම් කාගේ හෝ ඉඩමක් බලෙන් අල්ලාගෙන, චීනට වැඳලා යාප්පු වෙලා, අලුත් පාර්ලිමේන්තුවක් හදවාගෙන, ලොක්කගේ නම ගහපු බෝඩ් ලෑල්ලක් එල්ලගන්නයි කල් මැරුවේ. ඒක නුලෙන් මිස් උනා නේද?

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 109 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 432 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 487 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1280 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2727 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1795 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site