IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘පර්පචුවෙල් සමාගමෙන් කිසිදු ප්‍රතිලාභක් නොගත් බවට කතානායකට දිවුරුම් ප්‍රකාශයක් දුන්නා‘


(අමදෝරු අමරජීව)

බැදුම්කර සිද්ධියට සම්බන්ධ  පර්පචුවෙල්  සමාගමෙන් හෝ ඊට අදාල වෙනත් සමාගමකින්  කිසිදු  ද්‍රව්‍යමය  හෝ මුල්‍යමය  ප්‍රතිලාභයක්  ලබානොගත් බවට දිවුරුම් ප්‍රකාශයක්  කථානයක කරු ජයසුරිය මහතාට අද (05) පස්වරුවේ භාරදුන් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය 16 දෙනාගේ කණ්ඩායමේ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා පැවසිය.

කිසිදු මූල්‍ය හෝ ද්‍රව්‍යමය  ප්‍රතිලාභයක් ලබා නොගත්බව තහවුරු කිරිම අරමුණු කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයයෙකු කරඇති  අභියෝගය පිළිගනිමින්  මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කලබව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා කීය.

උත්තරීතර  පාර්ලිමේන්තුවට මහජන ජන්දයෙන් 1994 අගෝස්තු  16දා  තේරිපත් වි  අඛණ්ඩව වසර 24ක් මේ දක්වා ගතකරණ තමන් මන්ත්‍රි ආචාර  ධර්මවලට අනූකුලව නිත්‍යානුකුල කාර්යයන්  හා කර්තව්‍ය ඉටු කර ඇති බවද හෙතෙම කීය. මේ අනුව පර්පචුවෙල්  සමාගමෙන් හෝ ඊට අනුබද්ධ  ආයතනයකින්  දැනුවත්ව හෝ නොදැනුවත්ව මුදල් හෝ ද්‍රව්‍යමය කිසිවක් ලබා නොගත්බව  තමා ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥාවට අත්සන්කර  දිවුරුම් ප්‍රකාශය ලබාදුන් බව  මන්ත්‍රිවරයා කීය.

මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ නැති බවට පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තුමන්ත්‍රි  උදය ගම්මන්පිල මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ  මැති ඇමැතිවරුන්ට   අභියෝගයක් කර තිබුණි.



අදහස් (2)

‘පර්පචුවෙල් සමාගමෙන් කිසිදු ප්‍රතිලාභක් නොගත් බවට කතානායකට දිවුරුම් ප්‍රකාශයක් දුන්නා‘

Chanak Los angeles Tuesday, 05 June 2018 08:27 PM

මොහු කියන ආකාරයට දයාසිරිට කියන්න බැහැ ඔහු ගත්තේ වංචා කරපු මුදල් නොවේ කියා .. මන්ද පර්පචුවෙල් සමගම දයාසිරිට දී තිබෙන සල්ලි අයත් වන්නේ බැදුම්කර වංචාවෙන් උපයා තිබෙන ප්‍රතිලාභ වලට නිසා ..දයාසිරි මාරුකරගෙන තිබෙන චෙක් පත එම සමාගමට අයත් එකක් නම් ඕන මෝඩයෙකුට තේරුම් ගන්න පුළුවනි දයාසිරි තටම තටමා කියන නිර්දෝෂී කතා මොනතරම් බොරුද කියා ?

:       0       0

KANDEPOLA Wednesday, 06 June 2018 02:45 AM

රටේ ජනතාවගේ මුදල් හොරකම් කරලා නෑ කියලා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න පුලුවන්ද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 335 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 759 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 599 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1435 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2911 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1879 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site