IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘පර්පචුවල් ට්‍රෙෂරීස් නීතිය උල්ලංඝනය කරලා‘

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

මහ බැංකුවෙන් එක්දින වෙ‍ළෙඳ ණය පහසුකම යටතේ ලබාගත් මුදල් එම දිනයේම නොගෙවීම නිසා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම නීතීය උල්ලංඝණය කර තියෙනවා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ  අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කෙරිණි.

2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කර ඇත.

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ  අතිරේක අධ්‍යක්‍ෂක කළුබෝවිල වසන්ත කුමාර අල්විස් මහතා මෙසේද කීය.

මුලික අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව මා කොළඹ විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ  උපාධිය ලබා ගත්තා.ඉන් අනතුරුව ඔස්ටේ‍්‍රලියාවේ ස්ටින්බර්ග් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ   විද්‍යාපති උපාධිය ලබා ගත්තා.

මේ වන විට මා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කරනවා. එමෙන්ම ‘ලංකා සෙටල් සිස්ටම්’ යන්වෙන් හඳුන්වන සුරැකුම්පත් ගනුදෙනු සම්බන්ධ තොරතුරු පද්ධතියේ කළමනාකරු ලෙස කටයුතු කරනවා.

සුරැකුම්පත් ගනුදෙනු සම්බන්ධයෙන් සම්පුර්ණයෙන්ම නිවැරදිව, නිවැරදි තොරතුරු සහිතව, නියමිත ආකාරයට, නිවැරැදි තාක්‍ෂණය යටතේ, තොරතුරු ගබඩා කර, අවශ්‍ය දත්ත  බලධාරීන්ට ලබා දෙනවා. එම දත්ත බලධාරීන්ට ලබාදෙන මධ්‍යම තැන්පතු ඒකකයේ (සෙන්ට‍්‍රල් ඩිපොසිටස් සිස්ටම්) දත්ත සමුදාය කළමනාකරණය කිරීමේ පද්ධතිය පරිපාලනය කරන්නේ මා.

මෙම දත්ත සමුදාය කළමනාකරණය කිරීමේ පද්ධතිය මෙන්ම මහා බැංකුවේ ‘ලංකා සෙට‍්‍රල් සිස්ටම්’ නමින් ක‍්‍රියාත්ම වන පරිගණක පද්ධතියේ එහි සිදුවන සියලුම ගනුදෙනු මෙන්ම ගනුදෙනු පියවීම්ද ස්වයංක‍්‍රීයව සටහන් වෙනවා.

ප‍්‍රශ්නය. ගනුදෙනු පියවීම් පිළිබඳ තොරතුරු ‘ලංකා සෙට‍්‍රල් සිස්ටම්’ නමින් ක‍්‍රියාත්ම වන පරිගණක පද්ධතියෙන් තොරතුරු ලබා ගත හැකිද?

පිළිතුර.පුළුවන්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා.  බැදුම්කර වෙන්දේසියකදී කොපමණ ගෙවීම් කර ඇත්ද යන්න පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ලබා ගත හැකිද?

පිළිතුර.පුළුවන්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. එම සම්පුර්ණ වාර්තාව එක පිටුවකට ලබා ගත හැකිද?

පිළිතුර.පුළුවන්.

මේ අවස්ථාවේදී සාක්කිකාර වසන්ත කුමාර අල්විස් මහතා විසින් ‘ලංකා සෙට‍්‍රල් සිස්ටම්’ නමින් ක‍්‍රියාත්ම වන පරිගණක පද්ධතියෙන් ලබා  ගන්නා  ලද  ලේඛණ කිහිපයක් කොමිසමට ඉදිරිපත් කරන ලදී.

2016 මාර්තු මස 29 වැනිදා, 2016 මාර්තු මස 31 වැනිදා සහ 2016 අපේ‍්‍රල් මස පළමුවැනිදා සුරැුකුම් පත් වෙළෙඳ පොළේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සිදු කළ ගනුදෙනු පිළිබඳ තොරතුරු එම ලේඛණ වල සඳහන් විය.

‘ලංකා සෙට‍්‍රල් සිස්ටම්’ නමින් ක‍්‍රියාත්ම වන පරිගණක පද්ධතියේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සුරැකුම් පත් වෙළෙඳ පොළේ සිදු කළ ගනුදෙනු පිළිබඳ තොරතුරු එම ලේඛණයේ තීරූ 25ක පමණ සඳහන් කර තිබු අතර සාක්කිකාර වසන්ත කුමාර අල්විස් මහතා එම තීරූවල අඩංගු තොරතුරු වෙන වෙනම විස්තර කළේය.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුරටත් සාක්කි දුන් වසන්ත කුමාර අල්විස් මහතා මෙසේද කීය.

ප්‍රශ්නය. මෙම ලැයිස්තුවල සඳහන් වන්නේ කුමක්ද?

පිළිතුර.2016 අපේ‍්‍රල් පළමුවැනිදා සිට පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැදුම්කර ගනුදෙනුවල යෙදීමේ සටහන්.

ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැදුම්කර ගනුදෙනුවල යෙදීමේ සටහන් පමණක් ඉදිරිපත් කරන්නේ ඇයි අනිත් සමාගම් බැදුම්කර ගනුදෙනුවල යෙදීමේ සටහන් ඉදිරිපත් නොකරන්නේ ඇයි?

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා. ඒක මාගේ තීරණයක්.

ප්‍රශ්නය. දැන් ඔබ ඉදිරියේ ඇති ලේඛණයේ සඳහන් එක් එක් අයිතමයන් විස්තර කරන්න?

පිළිතුර.මෙහි අයිතමයන් ගණනාවක් තියෙනවා. ඒවා එකින් එක පැහැදිලි කරන්නම්.

01. ගනුදෙනු සිදුවු දිනය. මෙහි ගනුදෙනුව සිදුවු අවසන් දිනය සඳහන් වෙනවා.

02. දිනය සමඟ ඇතුල් කළ වේලාව. මෙහි සඳහන් වන්නේ ගනුදෙනුවට ඇතුලත් වු වේලාවයි.

03. ගනුදෙනුව අහවර කළ වේලාව. මෙහි සඳහන් වන්නේ ගනුදෙනුව අවසන් කළ වේලාවයි.

04. කේත අංකය. සෑම ගනුදෙනුවකටම කේතයක් තියෙනවා. ප‍්‍රාථමික  ගැණුම්කරුවන්ගේ  පණිවුඩ ලබාගන්නේ එම කේත හරහායි.

05. පණිවිඩ හුවමාරූ වේලාව. සියලුම සුරැකුම් ගනුදෙනු සිදු වු වේලාව මෙහි සඳහන් වෙනවා.

06. ප‍්‍රභව ගිණුම. ‘ලංකා සෙට‍්‍රල් සිස්ටම්’ පරිගණක පද්ධතියේ 21 වැදෑරුම් ගිණුම් තියෙනවා එහි ගිණුම් ආකාරය මෙහි සඳහන් කළ යුතුයි.

07. සුරැකුම් අංකය. මෙහි සඳහන් වන්නේ ජාත්‍යයන්තර වෙන්දේසියකට ලබාදෙන අංකයයි.

08. සුරැකුම් කාර්තුව. ගනුදෙනු කළ ඒකක ප‍්‍රමාණය.

09. අවලංගු වේලාව. ගණුදෙනුවක් අවලංගු කළ හැකි අතර එම අවලංගු කළ හැකි වේලාව එහි සඳහන් වෙනවා.

10. අවලංගු දිනය. ගණුදෙනුව අවලංගු කළ හැකි දිනය එහි සඳහන් වෙනවා.

11. අහවර දර්ශකය. ගණුදෙනුව අහවර කළ ආකාරය එහි සඳහන් වෙනවා.

12. ප‍්‍රතික්‍ෂේපිත දර්ශකය. ගණුදෙනුව ප‍්‍රතික්‍ෂේප කළ ආකාරය එහි සඳහන් වෙනවා.

ප්‍රශ්නය. ඔබ ‘ලංකා සෙට‍්‍රල් සිස්ටම්’ නමින් ක‍්‍රියාත්ම වන පරිගණක පද්ධතියේ පාලක වශයෙන් කටයුතු කරනවාද?

පිළිතුර.ඔව්. මා තමයි මේ දත්ත සමුදායේ දත්ත පාලකවරයා හැටියට කටයුතු කරන්නේ.

ප්‍රශ්නය. එතකොට 67 ඒ හා 67 බී ලෙස ඔබ ඉදිරිපත් කළ ලේඛණ දෙකේ සඳහන් දේවල් වෙන වෙනම පැහැදිලි කරන්න පුළුවන්ද?

පිළිතුර.පුළුවන්. 67 බී දරණ ලේඛනයේ සඳහන් වන්නේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ප‍්‍රාථමික ගැණුම්කරවෙකු නොවන උදාහරණයක් ලෙස ගුණතිලක නමැති ගැණුම්කරවෙකු සමඟ කළ ගනුදෙනුවක්. 67 ඒ දරණ ලේඛණයේ සඳහන් වන්නේ ඉතිරි ගනුදෙනුයි.

මේ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුරටත් සාක්කි දුන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක කළුබෝවිල වසන්ත කුමාර අල්විස් මහතා 67 ඒ හා 67 බී ලෙස ඔබ ඉදිරිපත් කළ ලේඛණ දෙකේ සඳහන් තොරතුරු වෙන වෙනම ඉතා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.

ප්‍රශ්නය. මෙම ලේඛණ වලට අනුව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වරින් වර මහා බැංකුවෙන් එක්දින වෙළෙඳ ණය පහසුකම් ලබාගෙන තියෙනවාද?

පිළිතුර.ඔව්.

ප්‍රශ්නය. මහ බැංකුවෙන් ලබාදෙන එක්දින වෙළෙඳණය පහසුකම් ගැන ඔබට විස්තර කරන්න පුළුවන්ද?

පිළිතුර.පුළුවන්. මෙම එක්දින වෙළෙඳ ණය පහසුකම (intar day facilities) මහා බැංකුවෙන් ලබාදෙන්නේ සුරැකුම් වෙළෙඳපොළ ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින්.

සභාපති  විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා. මෙම (intar day facilities) එක්දින වෙළෙඳ ණය පහසුකම මහා බැංකුවෙන් ලබාදීමේදී විශේෂිත පොළියක් අයකරනවාද?

පිළිතුර.නැහැ.

ප්‍රශ්නය. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් දෙන මෙම එක්දින වෙළෙඳ ණය පහසුකම  ලබාගෙන ගනුදෙනු සිදු කර තියෙනවාද?

පිළිතුර.67 ඒ හා 67 බී ලෙස ඔබ ඉදිරිපත් කළ ලේඛණ දෙක අරගෙන දීර්ඝ වශයෙන් පරීක්‍ෂා කර බැලීමේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් දෙන මෙම එක්දින වෙළෙඳණය පහසුකම  ලබාගෙන ගනුදෙනු සිදු කර ඇති බව හෙළි වෙනවා.

ප්‍රශ්නය. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් 2016 අපේ‍්‍රල් පළමුවැනිදා  එක්දින  වෙළෙඳ ණය පහසුකම  ලබාගෙන තියෙනවාද?

පිළිතුර.ඔව්. මෙම ලේඛණ පරීක්‍ෂා කිරීමේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් 2016 අපේ‍්‍රල් පළමුවැනිදා  රුපියල් බිලියන 11.06ක එක්දින  වෙළෙඳ ණය පහසුකම  ලබාගෙන තියෙනවා.

ප්‍රශ්නය. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එම රුපියල් බිලියන 11.06ක එක්දින  වෙළෙඳ ණය මුදල එදිනම තියෙනවාද?

පිළිතුර.මෙම ලේඛණ පරීක්‍ෂා කිරීමේදී පෙනී යන්නේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එදිනම එම ණය මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බවයි.

ඒ අවස්ථාවේදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙම ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් කියා සිටියේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් 2016 අපේ‍්‍රල් පළමුවැනිදා ලබාගත් රුපියල් බිලියන 11.06ක එක්දින  වෙළෙඳ ණය පහසුකම  දඩ මුදල්ද සමඟ 2016 අපේ‍්‍රල් 04 වැනිදා ගෙවා ඇති බවයි.

මේ බව හරස් ප‍්‍රශ්ණ වලදී සාක්කිකරුගෙන් ඇසීමට බලාපොරොත්තු වන බවද කී ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එදින සිදුකළ බැදුම්කර වෙන්දේසි නිසියාකාරව අහවර කර ඇතැයිද  පැවසීය.

ප්‍රශ්නය. මහා බැංකුවෙන් ලබා දෙන මෙම එක්දින වෙළෙඳණය පහසුකම  එම දිනය තුළදීම ගෙවා නිම කළ යුතුද?

පිළිතුර.ඔව්.

ප්‍රශ්නය. මහා බැංකුවෙන් ලබා දෙන මෙම එක්දින වෙළෙඳණය පහසුකම  ලබාගෙන එම මුදල් එදිනම ගෙව්වේ නැත්නම් ඔවුන් නීතීය උල්ලංඝණය කරනවාද?

පිළිතුර.ඔව්.

වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන , නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක , නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී  , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා  , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර  , රජයේ නීතීඥ  ධනුෂන් කනේෂයෝගන්,අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා යන මහත්ම මහත්මීහු සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙති.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම්   සහ නීතීඥ රොමාලි තුඩාවේ   සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු   භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන්  සමඟ නීතීඥ හර්ෂ  ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීහු කොමිසම හමුවේ පෙනී සිටියහ.



අදහස් (0)

‘පර්පචුවල් ට්‍රෙෂරීස් නීතිය උල්ලංඝනය කරලා‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 841 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 163 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1027 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1062 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1365 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1219 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site