(ජුඩ් සමන්ත)
සිය නිවසේ සිටියදී අභිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් ඔහුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අද (04) අලුයම පුත්තලම පොලිස් වසමේ මුල්ලිපුරම් ප්‍රදේශයේදී මෙම මරණය සිදුවී ඇත. මරණයට පත්ව ඇත්තේ මුල්ලිපුරම් පදිංචිව සිටි මොහොමඩ් නිශාම් (අවු:62) නම් අයෙකි.
මිය ගොස් ඇති අය වයස අවුරුදු 39 ක් වන තම පුතා සමඟ නිවසේ සිට ඇත. නිවසේ සිටි පුතා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දී ඇති තොරතුරක් අනුව පොලීසිය විසින් එම නිවසට ගිය අවස්ථාවේදී නිදි යහනේම මිය ගොස් ඔහුගේ සිරුර හමු වී තිබේ.
සිරුර තිබූ ස්ථානයේ ගලක් තිබී ඇත. කිසියම් අයෙකු තම පියාගේ හිසට ගලකින් පහර දී ඝාතනය කර ඇති බව පුතා විසින් පොලීසියට පවසා ඇත.
නමුත් එම ගලේ ලේ පැල්ලම් නොතිබීම නිසා පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන විට නිවස ආසන්නයේ ඇති ළිද අසළ ලේ පැල්ලම් කීපයක් තීබි ඇති අතර ළිද තුළ පිහියක්ද ඇති බවද පොලීසිය පවසයි.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පියාගේ මරණය සම්බන්ධයෙන් පුතා අත්අඩංගුවට