IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පියාගේ දේහය පන්සලේ තබා බුහුමන් දක්වන බුද්ධ පුත්‍රයෙක්

චමිල් රුපසිංහ

පියාගේ දේහයේ අවසන් කටයුතු දක්වා විහාරස්ථානයේ තැන්පත් කර තබා ගැනීමේ සිද්ධියක් පිළිමතලාවෙන් වාර්තා වේ.

මෙසේ පියාගේ දේහය විහාරයේ තබාගනිමින් බුහුමන් දක්වන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කථිකාචාර්‍ය රූපවාහිනි ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කථික කඩුගන්නාව ශ්‍රී නිවාස පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති පිළිමතලාව හලාදිවල ශ්‍රී නිඛේතරාමාධිපති රාජකීය පණ්ඩිත රාජසිංහගම තිලකධම්ම හිමියෝය.

එක් සහෝදරියක් හා සහෝදරයෙකු තම පවුලේ සිටින බැවින් ඔවුන් සැමට පියා එකලෙස සැලකූ බවත් වෘත්තියෙන් ප්‍රවාහන  අධිකාරියේ කාර්මිකයෙකු ලෙස රැකියාව කළ තම පියා සැම විටම තමන් ගැන සොයා බල රටට වැඩදායි නෙනෙකු කරන්නට ගත් දැඩි වෙහෙසට කල ගුණ දැක්විම සදහා තම පියාගේ දේහය තම විහාරස්ථානයේ තබාගෙන හෝ ගෞරව කිරීමට ලැබීම තමාට ලැබුණු භාග්‍යක් බව හිමියන් පැවැසීය.

සාමාන්‍යෙයන් ගිහි යකුගේ දේහයක් විහාරස්ථානයක තබා ගන්නේ නැතැත් පියා සිය පවුලට කළ සේවයට උපාහාර දැක්වීම තමන් මේ පියවර ගත් බවත් පැවැසූහ.

තම පියාගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා 02 දා පිළිමතලාව අරඹේගම සුසාන භුමියේදි සිදුකරනු ලබන බවද හිමියෝ කීහ.



අදහස් (14)

පියාගේ දේහය පන්සලේ තබා බුහුමන් දක්වන බුද්ධ පුත්‍රයෙක්

rocky Wednesday, 01 August 2018 03:12 AM

අප දන්නා තරමින් ඉතිහාසයේ පළමු වරට කෙරුණු මේ සිද්ධිය ඉදිරියේදී අයහපත් පූර්වාදර්ශයක් වීමට හොඳටම ඉඩ ඇත! මහනායක හාමුරුවන්ගේ අදහස කුමක්ද මේ ගැන?

:       340       653

Nimal Wednesday, 01 August 2018 05:55 AM

තමුන්ගේ පියාගේ දේහය පන්සලේ තබා බුහුමන් දක්වන එක කොහොමද නරක දෙයක් වෙන්නේ?

:       51       92

විමලාවතී Wednesday, 01 August 2018 06:09 AM

භික්ෂු විනය අනුව අසරණ වූ තම මව්පියන් පිණ්ඩපාතය කර හෝ පෝෂණය කිරීම බුදුරජාණන්වහන්සේ අනු දැන වදාලා. මව්පියන් මියගිය පසුව දේහයට ගරුකිරීම් සහ පසු ගමන් කිරීම උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්නුවා. නොදන්නා අය ත්‍රිපිටකය කියවන්න. අපේ ස්වාමීන් වහන්සේගේ ආදර්ශය අගය කරනවා.

:       50       139

Mahee Wednesday, 01 August 2018 06:16 AM

බුදු හිමියන් අත් හැරීම දේශනා කළත් මේ හාමුදුරුවරු එය කුමක්දැයි නොදනිති.

:       27       29

පිටිගල මිලානෝ Wednesday, 01 August 2018 09:27 AM

මහී, තම දෙමාපියන්ට පැවිදි නමක් ගරුබුහුමන් දැක්වීම මගින් උන්වහන්සේ කෙතරම් දුරට අත්හැරීම ප්‍රගුණ කර ඇත්දැයි මනින්න බැහැ. මහමායා දේවිය මාතෘ දිව්‍යරාජයා ලෙස තුසිත දෙව්ලොව වැඩවසන විට එය දුටු බුදුරජාණන් වහන්සේ එහි වැඩම කර ධර්මය දේශනා කළා.

:       44       169

Amarapaala Wednesday, 01 August 2018 07:19 AM

සියල්ල අනිත්‍ය බව අපේ හාමුදුරුවන්ටත් අමතක වුණාද මන්දා..?

:       90       37

.කම්බෝජ් Wednesday, 01 August 2018 08:56 AM

අනිත්‍යයි කියලා විසිකරන්නද..?

:       81       99

AmarapaalaWednesday, 01 August 2018 11:36 AM

බුදුන් දවස මළමිනී වලට මොකද කලේ කියලා පොත පත කියවලා බලන්න.

:       0       4

tommy Wednesday, 01 August 2018 09:59 AM

සමහරු මෙතන කෙළෙහිගුණ දැක්වීම සහ අත්හැරීම පටලවාගෙන...

:       0       122

වාසු Wednesday, 01 August 2018 04:50 PM

තම ලෙයින් බිහිකල කුල දරුවෙකු බුදු සසුනට පුදකළ පියෙකුට මෙවන් අවසන් ගෞරවයක් පුද කිරීමම කොතරම් විශිෂ්ට ආදර්ශයක්ද?

:       0       1

Anuradha. Friday, 03 August 2018 07:11 AM

ශ්‍රී සම්බුද්ධ දර්ශනය හා දේශනාව හොඳින් වටහාගෙන මෙවැනි දේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න පුරුදුවෙන්න. අසරණ වූ තම මව්පියන් පන්සලේ තබාගෙන උවැටන් කිරීමත් පිණ්ඩපාතය කර හෝ පෝෂණය කිරීමත් සම්බුදුරදුන් අනුදැන වදාළ.

:       0       2

pakeer Saturday, 04 August 2018 07:18 AM

අනේ මන්දා...

:       0       0

upaasaka Saturday, 04 August 2018 05:14 PM

මා දන්නා සත්‍ය සිද්ධියක් මෙසේය. මහනුවරට සමීප එක්තරා ගමක නින්දගම් හිමි පවුලක දරුවන් තුන් දෙනා ගෙන්වැඩිමල් දෙදෙනා විදේශයක පදිංචි වෛද්‍යවරයෙක් හා ඉංජිනේරුවරයෙක්. බාලපුතා වෛද්‍ය විද්‍යාලයට තේරිලා හිටියේ ඒ වනවිට සියලු දේපලවල හිමිකාරාත්වය පවුලේ බාලයාට හිමිවෙලා තිබුනත් ඒ සියල්ල අතහැර දාමා පැවිදි වුනා, පියා විසින් අතීතයේ එම පවුලට සේවය කරපු අයට වටිනා ඉඩම් කීපයක්ම නොමිලේ බෙදා දුන්නා.මෙයට වසර කීපයකට පෙර පියා මියගිය අවස්ථාවේ ආදාහන දවසේ ස්වාමින් වහන්සේ ගමට වැඩියා මහණ උනාට පස්සේ ගමට වැඩිය පළමු වාරයත් එයයි. පාංශුකුලය දෙන වෙලාවේ උන් වහන්සේ ගේ අනුශාසනාවේදී තම පියාව හැඳින්වූයේ මිය ගිය පුද්ගලයා කියාය. උන්වහන්සේ පසුදින ගමේ ගෙවල් වලින් පිණ්ඩපාතය ගෙන ගමේ පන්සලේ වැඩසිට තුන්වන දිනයේ නැවත ආරණ්‍ය බලා වැඩිසේක. මේ වන විට වලව්ව පාලුවට ගොස් ඇත සියලු ඉඩකඩම් හා වතුපිටි වල ආදායම් ගම්මුන් විසින් රිසිසේ බුක්ති විඳිමින් සිටිති.

:       0       0

samarage Sunday, 05 August 2018 05:26 AM

මම පළමු වරට මෙහෙම දෙයක් දැක්කේ 1987දි මාතලේ කලල්පිටිය (උකුවෙල පාර) පන්සලක. පන්සලේ හිටි යන එන මගක් නැති අසරණ මිනිසෙකු (නම මතක ඩිංගිරි වගේ) මිය ගියාම රෝහලේ අත හැර නොදා හාමුදුරුවෝ සහ ගමේ අය එකතුවී මිනිය පන්සලේ තබලා අවසන් කටයුතු කරා. මම වැඩි වයසක් නැහැ එහෙත් මමත් සහභාගී වුනා අතහ්රීමට බැරිකම නෙවෙයි මනුස්සකමයි හිතන්න ඕන..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 314 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 888 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2313 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2580 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 756 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 314 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site