IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පැපිළියානේ අනතුරට වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක්කර මරණයට පත්කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් ගත කරන ලෙස නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.


මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍යවරිය වූ නිලානි කාවිංගා මහත්මියයි.

ඉකුත් 30වැනි දින සිදු වූ අනතුරින් මිය ගිය පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ හා දරු දෙදෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොලිස් පරීක්ෂකවරයා පවුලේ අය සමඟ බොරලැස්ගමුව සිට කොළඹ කිඹිරිගස්යාය පොලිස් නිවාස කරා යමින් සිටියදී ඔහුගේ මෝටර් රථය කොළඹ සිට බොරලැස්ගමුව දෙසට වෛද්‍යවරිය ධාවනය කළ ජීප් රියේ ගැටීමෙන් අනතුර සිදුවිය.

 



අදහස් (17)

පැපිළියානේ අනතුරට වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

Hafeel Tuesday, 09 October 2018 10:15 AM

රෝහල් ගත වෙලාද නැත්නං රිමාන්ඩ් බාරයද?

:       1       38

channaTuesday, 09 October 2018 12:13 PM

අනිවාර්යයෙන් රෝහලේ

:       0       11

ravi Tuesday, 09 October 2018 10:15 AM

නීතියේ සාධාරණය ඉෂ්ටවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා .

:       0       33

ajith Tuesday, 09 October 2018 10:34 AM

මේ අනතුරට පොලිසියත් වග කියන්න ඕන. දොස්තර ලාංඡනය ගහගෙන යන කොට මොන වරදක් කෙරුවත් දඩ ගහන්නේ නෑ. මේ අනතුර නොවෙන්න, මේ වෛද්‍යවරිය බීමත්ව පොලිසියට අසු උණානම්, කිසිම දඩයක් නැතුව නිදහස් කරනවා. ඒ නීති ලිහිල් කරන එකේ ප්‍රතිඵලය තමයි මේ ජීවිත වලින් ගෙවන්න වෙලා තියෙන්නේ. දැන්වත් පොලසිය තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕන.

:       305       1159

MAANTuesday, 09 October 2018 12:37 PM

මේක ඔය කොයි කොයි කාටත් හොද පාඩම්, නීතිය නැමිලි, අසාධාරණ ඉල්ලීම්, උද්ගෝෂණ, ප්‍රචන්ඩ ක්‍රියා, මැරකම්, මිනීමැරීම්, මේ සියල්ල සිදුවෙන්නේ හරිහමන් පාලනයක් සහ සෘජු නීතියක් නැතිකම. එක එක්කෙනාට නිතිය ක්‍රියත්මක වෙන විදිහ වෙනස්. පොඩි මිනිහා හැමදාම නොයෙකුත් අඩත්තේට්ටම් වලට මුහුන දෙනවා, මේක පාරේ යන බයිසිකල්කාරයෙක්ට වුනානම් වැරැද්ද අර අහිංසකයා අතේ. ලංකාවේ පොලිසිය තමන්ගේ රාජකාරිය කරන්නේ නැහැ හරියට, දොස්තරවරුත් එහෙමයි. අනිත් අයත් තමන්ගේ වාරේ එනකොට එහෙමම තමා. තමුන්ට හෝ තමන්ගේ කෙනෙක්ට කරදයක් උනාම පුදුම උනන්දුවක්. මිනිසුනේ සාධාරණව ජීවත් වෙන්න. නිතිය හරියට ක්‍රියාත්මක කරන්න, ඒක රකින්න අමතක කරන්න එපා, කවදාහරි තමන්ටත් වාරයක් එනවා කියලා. සමහරවිට තමන්ගේ ළමයෙකුට හෝ විය හැක. ඒ නිසා පුලුවන් තරම් නිහතමානීව සාධාරණව ජීවත් වෙන්න බලන්න. නැත්නම් මේ රට විනාස වෙලාම යයි. මේක අපේ පොඩි ළමයි ජීවත් වෙන්න තියන රට.

:       0       232

Sunil Tuesday, 09 October 2018 10:39 AM

මේ සැරෙත් රෝහලේ රිමාන්ඩ් කරයිද?

:       0       132

de silva Tuesday, 09 October 2018 10:44 AM

බිමත් රියදුරන්ට විරුධව නිතිය ක්‍රියාත්මක කිරීමේදී මෙතෙක් පැවති යල් පැනගිය ක්‍රම වන කට ඉඹල මත්පැන් ගන්ධ වහනය වෙනවද නැද්ද කියන යල්පැනගිය ක්‍රම පැත්තකට දමා යුරෝපයේ සහ ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන සම්පල පරික්ෂාවට යොමු වීමට කාලය පැමිණ ඇත , එතකොට දොස්තරලට ඕනේ ඕනේ විදිහට නටන්න බැරිය .

:       93       488

Jayasekara Tuesday, 09 October 2018 10:44 AM

උගත්කම තිබුණට.....බුද්ධිය දෙන්න බැහැනේ ........

:       330       555

lal Tuesday, 09 October 2018 10:59 AM

වර්ජනයක් පටන් ගමුද ?

:       2       54

සතයපාල Tuesday, 09 October 2018 12:43 PM

ජීවිත හතරක් අනතුරේ හෙලලා කල අපරාධයට සමාව දෙන්න බැහැ. සමහර විට මියගියේ පොලිස් නිළධාරියක් නොවුනා නම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා.

:       0       21

SRADDHA Tuesday, 09 October 2018 12:57 PM

තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් පරීක්ෂක ගාමිණී මහතාගේ බිරිඳට සහ දරු දෙදෙනාටත් ඉතා ඉක්මනින්ම සුවය ලැබේවා !!!

:       0       66

san Tuesday, 09 October 2018 01:26 PM

ඔබලාගේ ප්‍රතිචාර බැලු විට හරිම කණගාටුවක් ඇතිවෙනවා. එක පුද්ගලයෙකු යොදාගෙන සියලුම වෛද්‍යවරුන්ට චෝදනා කිරීම පිළිගන්නට නොහැකියි. මෙවැනි දේ තුලින් සමාජය සහ වෛද්‍ය ප්‍රජාව අතර දුරස්ත බව වැඩි විය හැක.

:       162       100

kanchana Wednesday, 10 October 2018 11:49 AM

මෙයාව එල්ලන්න ඕනේ...

:       235       86

ranjith Thursday, 11 October 2018 10:58 PM

පොලිසියේ නිලදාරියකු අතින් දොස්තර නෝනගේ වාහනේ හැප්පිලා කරදරයක් වුනානම් බලන්න තිබුනා දොස්තර සංගමේ පාරට බහින හැටි, මේ සිද්ධියට උපරිම දඩුවම් දුන්නේ නැතිනම් රටේ බලපුළුවන්කාරකමට ඔක්කොම යට වෙනවා

:       16       40

pradeep Friday, 12 October 2018 11:55 AM

මේක අමුතු ලෝකයක්... සල්ලි තියෙන කෙනා දිනුම්, නැති කෙනා පරාදයි. වෙන්න ඕනේ උපරිම වන්දි ක්‍රමයක් ඇති කරන්න. සාධාරණ හේතුවකට ඇරෙන්න ජීවිත හානි හා අනෙකුත් හානි වලට ලක්ෂ 50න් ඉහළට වන්දි ගෙවන්න ඕනේ... ගෙවල් දොරවල් විකුණලා හරි වන්දි ගෙවන්න ඕනේ... අන්න එතකොට ඔය කට්ටිය කල්පනාවෙන් වාහන පැදෙව්වේ... සමහර වෛද්‍යවරු විතරක් නොවේ, නිදහස් අධ්‍යාපනය ලබා උගත් අය ඉන්නේ රාත්‍රී සමාජ ශාලාවල තමයි, මොකද ඒ මිනිසුන්ගේ හිත දැන් විකෘති ආශාවලින් පිරිලා.

:       0       0

kinbe natFriday, 12 October 2018 07:24 PM

මේ පොලිස් නිලධාරියාගේ පවුලට දොස්තරට විරුද්දව වන්දි ලබාගැනීමට නඩුවක් පවරන්න පුළුවන් . ගොඩක් දුරට ඔව්න් එසේ කරයි . ලක්ෂ 50 ක් කියන්නේ මහා ලොකු ගානක් නෙමෙයි . දොස්තර නෝනට ගෙවන්න අතේ සල්ලි නැහැ කිවුවොත් හප්පපු වාහනේ විකුණලා හරි වන්දිය ගෙවල බස් එකේ වැඩට යන්න බැරිය ..

:       0       0

Nandana Saturday, 13 October 2018 10:07 AM

වෛද්‍ය වෘත්තිය කියන්නේ අනෙකුත් වෘත්තීන් අතර විශේෂ ලෙස දකින්නේ ලංකාවේ පමණි. කම්කරු සිට එක විදියට සලකන්න පුරුදුවෙන්න. එතකොට මෙවැනි අසමජ්ජාති දොස්තරවරු නීතියට අභියෝග කරන එක නැවැතී රටට යහපතක් වේවි...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 59 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 163 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 445 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 694 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 286 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 147 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site