(ඩී. නයනදුල සෙන්දනායක)
මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ බුලත්සිංහල පොලිසියේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (22) රාත්‍රි 7.30 ත් 8.00ත් අතර කාලය තුළ සිර මැදිරියේ වැසිකිලිය ආසන්නයෙන් බිත්තිය කඩා කුහරයක් සාදාගෙන පලාගොස් ඇතැයි වාර්තා වේ.
සැකකරු මතුගම පොලිසියේ නීති බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන බුලත්සිංහල පොලිසියට බාරදී ඇති අතර ඔහු බුලත්සිංහල පොලිසිය බාරයේ සිටියදී මෙසේ පලාගොස් ඇත.
සැකකරු බැලීමට රාත්‍රියේ ඔහුගේ ඥාතින් පැමිණි අවස්ථාවේදී සැකකරු එහි නොසිටි බව පොලිසිය කියයි.
එම සැකකරු අද (23) ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමකගේ මාර්ගයෙන් නැවත පොලිසියට බාර වූ බව බුලත්සිංහල පොලිසිය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පැනගිය සැකකරු යළි පොලිසියට බාර වෙයි