IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පුද්ගලයකු අතුරුදන් කළැයි කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ පැමිණීල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහුගේ සේවකයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට අදාළ එවකට පිළියන්දල පොලීසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර ඇත.

එසේම මෙම සිද්ධියට අදාළව රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගත් එවකට පිලියන්දල පොලීසියේ සේවය කළ තවත් පොලිස් සැරයන්වරු දෙදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හා දැඩි කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත. 

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මේ වන විට දෙයියන්දර පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් විජේමුණීගේ අසංක ශ්‍යාමල් නැමැත්තාය. 

එසේම, දැඩි කොන්දේසි මත ඇප ලබාදී ඇත්තේ පිලියන්දල පොලීසියේ සේවය කරන පොලිස් සැරයන් අගුල්මඩුව විදානලාගේ කමල් සහ කලූතර දකුණ මූලස්ථාන පොලීසියේ පොලිස් සැරයන් රියැදුරු හේරත් මුදියන්සේලාගේ උපුල් රන්ජන් ස්ටැන්ලි අමරසේකර යන අයවලූන්ය.

පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ මාකවිට ගමගේ දොන් හැරී යන අයගේ නිවසේ සේවකයකු වශයෙන් සිටි අජිත් සුනන්ද කන්ඩම්බි නම් තම සැමියා ඉකුත් 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා පිලියන්දල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියමින් මෙම පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකර තිබුණේ පිලියන්දල පොල්හේන, මඩපාත පදිංචි පි‍්‍රයන්ති ගුණසේකර නැමැත්තිය විසින් ඉකුත් 2009 වර්ෂයේදීය.



අදහස් (3)

පුද්ගලයකු අතුරුදන් කළැයි කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

Sanath Kandy Wednesday, 06 June 2018 01:30 PM

අවුරුදු දහයකට පස්සේ තමා නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේක තමා අපේ රටේ තත්වය. කුමට මෙරට අධිකරණය නීතිය හා විනිසුරුවන්? අධිකරණයට අපහාස කර ගන්නේ අධිකරණයමයි. රන්ජන් කිව්වේ බොරු නෙවෙයි.

:       0       156

rocky Wednesday, 06 June 2018 02:12 PM

ඇත්තද මෙච්චර කාලයක්?

:       1       26

pitigala Wednesday, 06 June 2018 03:06 PM

අනේ ඒ කාන්තාව මරණයට පත් වෙන්න පෙර හිත හැදෙන්න වත් මොනවහරි කරන්න. සැමියා නැතුව දැන් විඳින්න තියෙන දුක් ඔක්කොම විඳලා ඇති. දැන් අවුරුදු නවයක් නේ. මොකුත් කියන්නත් බයයි අන්තිමට අපහාස කළා කියනවා නේ. මාර වැඩේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 622 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 285 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 628 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 98 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 74 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 750 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site