IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පෞද්ගලික විශ්ව විද්‍යාල 10 ක් වත් ඕනෑ යයි සිවාජිලිංගම් කියයි

(සිරාජ් හසීම්)

රජයේ වෛද්‍ය විද්‍යාලවලට අමතරව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් ස්ථාපිත කිරිමට රජය පියවර ගතයුතු බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි.

මෙතුළින් දරුවන්ටත් සමාජයටත් මහගු සේවයක් ඉටුකළ හැකි බව ඒ මහතා කියයි.

එක් දිස්ත්‍රික්කයකින් ඉතාමත් සීමිත පිරිසක් පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන බවත් තවත් අතිදක්ෂ දරුවන් බොහෝ දෙනකුගේ වෛද්‍ය සිහිනය බොඳවී යන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

අද (21) පැවති විශේෂ උතුරු පළාත් සභා සැසිවාරයේදී සිවාජිලිංගම් මහතා මේ බව කීය.

“උතුරු පළාතේ වෛද්‍ය හිඟය දැඩිව පවතිනවා.ඇතැම් රෝහල්වලට වෛද්‍යවරුන් පැමිණෙන්නේ සතියකට එක් දවසක් පමණයි.එම රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ගන්න සතියක් බලාගෙන ඉන්න වෙනවා.මෙම පළාතේ  ජනතාවට ප්‍රතිකාර කරන්න දෙමළ භාෂාව නොදන්නා වෛද්‍යවරුන්ට අසීරුයි.මීට විසඳුම් වශයෙන් දෙමළ භාෂාව කතා කරන වෛද්‍යවරුන් අවශ්‍යයි.මේ නිසා ඉන්දියාවේ සිට වෛද්‍යවරුන් ගෙන්නන්න ප්‍රතිකාර කරන්නත් පුළුවන්.“

“පහුගිය කාලෙ ඉන්දියාවේ ඉඳන් වෛද්‍යවරුන් ගෙන්නුවම එයාල රෝ ඔත්තුකරුවන් කියල කිව්වා.රෝ බුද්ධි අංශ ඇවිත් තොරතුරු හොයනව කියල කිව්වා.දැන් තියෙන ප්‍රශ්නෙ මොකක්ද ? ඔවුන්ට මෙහෙට ඇවිත් තොරතුරු හොයන්න අවශ්‍යතාවක් නැහැ.මෙම වෛද්‍ය හිගය පුරවන්න ඉන්දීය වෛද්‍යවරුන් ගෙන්විය යුතුයි.“

“දැන් මේ රටේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය වහන්නකියල විරෝධතා කරනවා.සල්ලි තියෙන අය පිටරට ගිහිං වෛද්‍ය අධ්‍යාපනය ලබනවා.‘ලංකාවේ විභාගයක් ලියල වෛද්‍යවරයෙකු වෙන්න බැහැ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගෙන වෛද්‍යවරයෙකු වෙන්න බැහැ‘ කියල විරෝධතා කරනවා.කෙසේ වෙතත් මෙරට වෛද්‍ය හිඟයට පිළියම් වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10ක් ස්ථාපිත කළයුතුයි කියන එකයි මගේ අදහස.පිටරටවලත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා.මේ රටේ සල්ලි තියෙන අය එයාලගේ ළමයි සල්ලි වියදම් කරල ඒ රටවල්වලට යවල උගන්වනවා.ඒත් ගොඩක් සල්ලි නැති අයගේ ළමයි අසරණ වෙනවා.“

“මේ රටේ සයිටම් වගේ වෛද්‍ය විද්‍යාල 10ක් ආරම්භ කරන්න ඕන.එවගෙන් සාධාරණ මිලකට වෛද්‍ය අධ්‍යාපනය ලබාදුන්නොත් අපේ රටේ තියෙන වෛද්‍ය හිඟය මුළුමනින්ම පාලනය කරගන්න පුළුවන්.“

“මේ රටේ සයිටම් වගේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමෙන් විදේශයේ ඉගෙන ගන්නවාට වැය කරන මුදලට වඩා ඉතා අඩු මුදලකට වෛද්‍ය අධ්‍යාපනය ලබන්න පුළුවන් .ඒ වගේම දෙමාපියන් සමීපයේ ඉදන්ම ඒ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්.රජය මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්න ඕන. මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට කෑ ගහන කවුරුත් පිටරට වෛද්‍ය විද්‍යාලවලින් ඉගෙනගෙන එන වෛද්‍යවරුන් ගැන කතා කරන්නෙ නැහැ“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 



අදහස් (16)

පෞද්ගලික විශ්ව විද්‍යාල 10 ක් වත් ඕනෑ යයි සිවාජිලිංගම් කියයි

menna Friday, 21 July 2017 02:21 PM

නිකන් පොතේ පතේ ඉගැනීමට වඩා, පොලවේ පය ගහල් ජිවත් වෙන්න පුළුවන් ඉගැන්වීමක් ඕනේ. ජිවත් වෙන පරිසරය කුණු ගොඩක් වෙන ඉගැන්වීමක්. ජිවත් වෙන රටට වංචා කරන්න, මත් ද්‍රව්‍ය ගේනවා බලන් ඇස් වහගෙන ඉන්න. උගත්තු ඉන්න රටක්. විශ්වවිද්‍යාල 100ක් හදල කොච්චර ඉගෙන ගත්තත් ඔච්චර තම. මෙච්චර කල් රටේ උගත්තු හිටියේ නැද්ද? ඉගෙන ගෙන රට පනින්න බලන් ඉන්න උගත්තු ඉන්නේ.

:       1       32

shansaudi Friday, 21 July 2017 02:25 PM

කියනකල් උන්නේ පටන්ගන්න. ඔය ඇත්තොනේ රට පාලනය කරන්නේ? එ්ක හින්ද අවසර දෙනකල් කරන්න ඕනේ එක කියන්න.

:       34       299

appuhamiSunday, 23 July 2017 06:55 AM

එතුමා කියන දේ ඇත්තද නැද්ද කියල තව පාරක් හිතන්න

:       0       0

සුජීව Friday, 21 July 2017 02:49 PM

මෙතුමාගේ ළමයත් සයිටම්. ඔය කියන මුදල් නැති ළමයින්ටත් යන්න..

:       185       420

one srilankan Friday, 21 July 2017 02:50 PM

තමුනුත් ඇවිලෙන ගින්නට පිදුරු දාන්නද ලැහැස්තිය... ඕක ඔතනිම්ම නතර කරගත්තොත් හොඳයි. ඉස්සර වෙලා මේ ගින්න නිමලා ඉමු. දරුවෝ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී දරුවෝ පෙල ගැහෙනවා... අව්ලෙන් අව්ලකට පත්වෙන්න කලින් ගින්න නිමලා සයිටම් වහලා... නැවත නීති රීති හදලා ජනමත විචාරණයක් තියමු...

:       61       225

kiki Friday, 21 July 2017 03:05 PM

ඔබට අපේ උත්තමාචාරය. !!!

:       1106       356

dingirala Friday, 21 July 2017 03:15 PM

යාපනයේ ද්‍රවිඩ අය හෝ නැගෙනහිර මුස්ලිම් අය හෝ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කළොත් ජවිපය වත්, පෙරටුගාමී කාරයෝවත්, වෛද්‍ය සංගමයවත් කටක් අරින්නේ නැහැ... අායුබෝවන්. තව ඒවාට පුළුවන් තරම් සහයෝගය දේවි!!!

:       163       447

Reks Friday, 21 July 2017 03:38 PM

බුද්ධ ධර්මයටත් අපහාස කරපු කෙනෙකුට... උත්තමාචාරයක්...!!! නින්දිතයි...

:       291       427

Ivan uk Friday, 21 July 2017 07:59 PM

ලංකාවේ ජාතික අවශ්‍ය තාවයක් වන පොඋත්ගලික වෛද්‍ය හා විශ්ව විද්‍යාල රටේ පටන් ගැනීම වෛද්‍ය වරුන්ගේ පටු උවමනාවන්ට වෙනස් කරනවානම් රජය අවංක රජකෙනුක් පත් කරගන්න්ස් වෙනවා.

:       27       98

දිනේෂ් Saturday, 22 July 2017 01:41 AM

මේ මෝඩයා මොකටද ඉන්දියාවට කඩේ යන්නේ? මොකද මේ රටේ නැද්ද වෛද්‍ය වෘත්තියට සුදුසු දමිළ මුස්ලිම් ළමයි. ඒ අයව වෛද්‍ය වරු කරන්න මූට ගානක්වත් නෑනේ. මේ වගේ උන් පාර්ලිමේන්තුවට යවපු උන්ට ගහන්න ඕන

:       78       177

sarath Saturday, 22 July 2017 02:20 AM

මෙයාගේ ළමයත් සය්ටෙම්

:       20       79

dias Saturday, 22 July 2017 04:05 AM

මම මේ දේශපාලකයාට කැමති නෑ. එහෙත් ඔහු පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන කියන දේ හරි. ලංකාවට අවම වශයෙන් දොස්තරලා 5000 ක් වත් වසරකට අවශ්‍යයයි.

:       87       305

reksMonday, 24 July 2017 12:17 PM

වසරකට 5000ක්? මෙයාට පිස්සුද?

:       0       0

wasantha Saturday, 22 July 2017 05:11 AM

පුතා බුද්ධදහමට හෝ ඕනෑම ආගමකට අපහාස කරන ඕනෑම කෙනෙකුට අපි විරුද්ධයි.එහෙත් එහෙම කියා බඩගෝස්තර හෝ වෙනත්.මාෆියාවක් ඇති කරන්ඩ බෑ. මුළු රටම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉල්ලනවා.

:       520       527

ReksSaturday, 22 July 2017 09:36 AM

මුළු රටම?....

:       0       0

reksMonday, 24 July 2017 12:19 PM

එතකොට ප්‍රභාකරන් එහෙම කිව්වොත් එයාටත් උත්තමාචාරේද? උත්තමාචාරේ කියන වචනේ තේරුම බල්දු කරන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 153 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 508 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 507 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1312 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2764 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1812 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site