IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පොතුවිල් මුහුදුමහ විහාරයේ සෙක්කුගල ගිනිතබා විනාශ කරලා

(පොතුවිල් යූ. විජේසිංහ)

පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් සෙක්කු ගල කිසියම් පිරිසක් විසින් ගිනිතබා කඩා විනාශකර ඇති බව පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ පවසති.

මේ ආකාරයට නැගෙනහිර පළාතේ තිබෙන ඓතිහාසික නටඹුන් මෑතක සිට විශාල වශයෙන් විනාශකරගෙන යන බවත්, මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ කෙරෙහි අවදානය යොමුකර නොමැති බවත් උන්වහන්සේ පැවසූහ. මේ පුරාවස්තුවට ගිනිතැබීම පිළිබඳව පොතුවිල් පොලීසියට පැමිණිලි කර ඇති අතර, මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොතුවිල් පොලීසිය කියයි.



අදහස් (21)

පොතුවිල් මුහුදුමහ විහාරයේ සෙක්කුගල ගිනිතබා විනාශ කරලා

හිරාන් Monday, 06 August 2018 05:04 AM

සංහිඳියාව නිසා වෙන්න ඇති මේ....

:       1       15

kalani Monday, 06 August 2018 05:19 AM

ජාතියකට අනන්‍ය වූ සංස්කෘතික සංකේත විනාශ කරන්නේ මුග්ධ පිරිසක් නොව සංවිධානාත්මක දේශද්‍රෝහී කණ්ඩායම් විසිනි. තමන්ගේ නැති උරුමය සහතික කිරීමට අන්‍යයන්ගේ සංස්කෘතික සංකේතයන් විනාශ කිරීම කිසිසේත් අනුමත කල හැකි දෙයක් නොවේ. කෙසේවෙතත් ප්‍රාදේශීය බලධාරීන් තම ප්‍රදේශයේ පවත්නා ඉතිහාසය හා සම්බන්ධ ස්ථාන රැකගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමේ විපාකයක් වශයෙන් මෙවැනි බලහත්කාරයන් ඇතිවෙයි. මිහිඳු මහ රහතන් වහන්සේ ස්ථාපිත කළ මහ සංස්කෘතිය මුළු මහත් ශ්‍රී ලංකා පොළොව පුරාම පැතිරී ඇති බැවින් ඒවා මකා දැමිය නොහැකි බව තේරුම් ගැනීම කාටත් හොඳයි.

:       0       164

එර්දි Monday, 06 August 2018 05:45 AM

මෑතක සිට කියන කතාව පට්ටපල් බොරුවක්. මුහුදුමහා විහාර ප්‍රදේශයේ පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හාමුදුරුවො එවක රජයන් නිරන්තරයෙන් දැනුවත් කරමින් එය වලක්වාගැනීමට හැකි උපරිමයෙන් වෙහෙස මහන්සි වූ බව සිංහලයන්ට අමතක නෑ. අපේ රටේ ජරාජීර්ණ වූ දේශපාලනය මුහුදුමහා විහාරයට වූ දේම විපත්තුවටත් කලේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමටයි.

:       165       512

kithsiri Monday, 06 August 2018 06:07 AM

දිවයින පුරාම පුරාවිද්‍යා ස්ථාන එක්කෝ විවිධ අපේක්ෂාවන් නිසා නැතහොත් මුදල් මත විනාස කරනවා. අනන්‍යතාවය විනාස කිරීමට කරන විනාශයන් සැහෙන්න වර්ධනය වෙලා. මේවා වලකන්න සැලැස්මක් හදන්න ඕනේ . නැතිනම් රටේ ඒකීය භාවය නැතිකරන්න සාධක හදා ගන්නවා. පළමුවෙන්ම මෙම ස්ථාන නිසි පරිදි ආරක්ෂණ අංශ වලට පැවරිය යුතුයි. මෙය ප්‍රමාද කිරීම ජාතියටම විනාශයක්.

:       0       276

PerakumMonday, 06 August 2018 07:31 AM

කිත්සිරි ඔබේ අදහස් ඉතා පැහැදිලියි. ඒත් අන්තිමට දාපු වාක්‍යය තමයි ටිකක් අවුල්. ඇයි මෙතෙන්ට ජාතියක් ඇදගත්තේ? ජාතිය කිව්වේ ශ්‍රී ලාංකිකද නැත්නම් සිංහලද?

:       289       39

ශිරාන් Monday, 06 August 2018 07:52 AM

මමනම් හිතන්නේ සිංහල. ඔබතුමාත් පොඩ්ඩක් හිතලා බලන්න කවදා හරි සිංහල ජාතිය 50% ට වඩා අඩුවුණොත් මොකක්ද වෙන්නෙ කියලා. දැනටමත් මේ රටේ සමහර පැති වලට අපිට යන්න බෑ.

:       0       167

indikaMonday, 06 August 2018 07:59 AM

Perakum , ඒ සඳහන් කරලා තියෙන්නේ සිංහල ජාතිය ගැන මිසක් වෙන මොකක්ද?

:       0       127

sumithMonday, 06 August 2018 08:13 AM

ඕක අහන්නත් දෙයක්ද සිංහල සිංහල සිංහල , අපි අපි ගැනම ලජ්ජා වෙන්න ඕන සිංහල කියලා කියන්න දිව ගොත ගහන එක ගැන ,මේ සිංහල අපෙගේ රට.

:       0       239

PerakumMonday, 06 August 2018 09:36 AM

කවුරුත් කියන්නෙ "මේ සිංහල අපගේ රටයි" කියල නේ. එතකොට දෙමල මුස්ලිම් වැදී ජනයා මේ රටේ මිනිස්සු නොවෙයිද? ජාති වාදය ආගම් වාදය මේවා අමතක කරලා අපි කවුරුත් ශ්‍රී ලාංකිකයින් ලෙස හිතන්න කාලය ඇවිත්. නැතිනම් අපටත් වෙන්නේ ළිං මැඩියන් මෙන් ලිදේම මැරිලා යන්නයි. වෙනත් රටවල් වේගයෙන් දියුණුවෙන හැටි බලන්න. ඒ රටවල ජාතිවාදය කියල එකක් අහලවත් නෑ. මෙතෙක් හිටිය වගේ අපි ඉතින් සිංහල බෞද්ධ කම කරපින්නාගෙන තවදුරටත් ගල් යුගය දිසාවට ගාටමු. හොඳට හිතල බලන්න. දැන් ඉතින් කට්ටිය මගේ ඔලුව කන්න හදයි. කමක් නෑ. මගේ අදහස මම කිව්වා.

:       213       176

රජින්දMonday, 06 August 2018 10:58 AM

මෝඩ කතා කියලා ගැලරිය පිනවන දෙසපාලුවෝයි මේ පැරකුම් කිත්සිරි කියන කෙනායි අතර වෙනසක් නැහැ. කියන්නේ මොනවද කියල එයාලවත් දන්නේ නැහැ.

:       1       23

kithsiriMonday, 06 August 2018 04:15 PM

ජාතිය මොකක් වුවත් රට කඩන්න හදන අයට සාධක ලබා දිය යුතු නැත. අනෙක් අතට සිංහල යනු ඉන්දියානු, යුරෝපීය හා රටේ හිටිය පැරණිම ජන වර්ග මිශ්‍ර වීමක්. සංස්කෘතියත් මිශ්‍ර එකක්. එ්ක අපි පිළිගන්න ඕනේ. එ්ක කඩලා විනාශ කරන එකයි වැරැද්ද... මේ මිශ්‍රවීම දිගටම කාලානුරූපව සිදුවෙන්නක්. මෙය විනාශ කරන්නේ බල ලෝභීන්. බලන්න පොළොන්නරු යුගයේ පන්සලයි, කෝවිලයි ළඟ ළඟ. හින්දු දෙවිවරු පන්සලේ...

:       0       0

Darshana Monday, 06 August 2018 06:52 AM

මෙවැනි කටයුතු වලක්වන්නේ නැත්තේ සහජීවනයට බාධා වෙයි කියලද ?

:       0       132

sena Monday, 06 August 2018 07:00 AM

කිසිම රජයකින් සිංහලයාගේ උරුමය රකින්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ ඒවගේ පලවිපාක තමයි මේ

:       0       184

kap Monday, 06 August 2018 07:18 AM

දකුනෙ කයිවාරු ගගහ , තර්ජන කරන අය යන්නකො නෑගෙනහිරට. ගිහින් හදන්නකො පන්සල්. ආරක්ෂා කරන්නකො මේ වගේ දේවල්. කවුරුත් යන්නෙ නෑ..දන්නවා දුෂ්කර පලාත් කියලා.

:       1       148

aka Monday, 06 August 2018 07:47 AM

මුහුදු මහා විහාරයට අයත් ඔපුරා විද්‍යාත්මක ඉඩම් හා යන පාර පවා අල්ලාගෙන ඉන්නේ එක්තරා ජන කොටසක පිරිසක්. එහෙම තියෙද්දි ඒ අවට ජීවත් නොවෙන වෙන කෙනෙක් ඇවිත් ගිනි තියන්නේ මොනවද?

:       0       144

Keppetipola Monday, 06 August 2018 08:51 AM

එක පැත්තකින් විල්පත්තුව විනාශ කරනවා. අපේ රටේ ඉන්න දේශපාලුවෝ මේවට නිතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ.

:       0       138

ප්‍රීති Monday, 06 August 2018 09:01 AM

මේ මෑත කාලයක් වනතෙක් ගම්වල තිබුණු සෙක්කුවත් දැන් ඓතිහාසික නටඹුමක් වෙලාද? අපේ ගම්වල ඒ කාලේ තිබුණු සෙක්කු නම් තෙල් මෝල් වලින් තෙල් හිඳින්න ගත්තට පසුව ගලෝලා ඉවත් කළා. ඒත් ඒවා පත්තරේට වැටුනෙත් නැහැ. අද කාලේ සෙක්කු ඔලුව උඩ තියාගෙන යන්න මිනිස්සු උත්සහ කලාට එදා කාලේ නම්, සෙක්කුවෙන් පොල් සිඳීම පමණයි සිදු කලේ.

:       264       286

Upul Monday, 06 August 2018 10:52 AM

මෙහෙමද පුරාවිද්‍යත්මක භාණ්ඩ පවත්වාගෙන යන්නේ. මෙවායෙ වටිනාකම දන්නවනමි පුරාවිද්‍යාෙවෙි නිලධාරීන් නිසික්‍රමවෙිද අනුව මෙිවා පිලිවලකට තැමිපත්කර ආරක්ෂා කල යුතුය.

:       54       37

rasika Monday, 06 August 2018 11:32 AM

කළු ගල් ගිනිතියලා විනාශ කරන්නෙ කොහොමද?

:       129       20

Perakum Monday, 06 August 2018 11:34 AM

ලෝකයේ දියුණු රටවල් දෙස හොඳින් ඇස් ඇර බලන්න. ඒ රටවල මිනිස්සු ජනවර්ගය ගැන ආගම ගැන කිසිම විටක සඳහන් කරන්නේවත් නැහැ. ඔවුන් තම රටේ රට වැසියන් බව පමණයි කියන්නේ. උදාහරණ අවශ්‍යද? ගන්න ඔස්ට්‍රේලියාව, එංගලන්තය. කොයි තරම් විවිධ ජනවාර්ගික සම්මිශ්‍රනයක්ද තියෙන්නේ. ඒ කවුරුත් ඉතා සමගියෙන් රටට ආදරයෙන් කටයුතු කරනවා. අපට ඇයි ඒ වගේ වෙන්න බැරි? එදාට අපි කවුරුත් එක වගේ හිතන්න කරන්න පුරුදු වේවි. එදාට රට දියුණු වෙන එක කාටවත් වලක්වන්න බැහැ.

:       210       0

Chanak Los angeles Tuesday, 07 August 2018 01:07 AM

ඕවා රාජපක්ෂලාගේ වැඩ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 26 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 934 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 355 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1306 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 823 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 757 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1350 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site